Sunday 5th of July 2020

English Tamil
Advertiesment


මූල්‍ය අර්බුදයක් තිබේ නම් ගම්පෙරළිය අරමුදලින් ජනතාවට සහන දෙනු


2020-04-03 3324

 ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවට යෝජනා කරයි 

 

ජනතා සහන සැලසීමේදි මූල්‍ය අර්බුද පැන නැගී ඇත්නම් පසුගිය රජයේ ගම්පෙරළිය සංවර්ධනය ව්‍යාපෘතියෙහි ග‍්‍රාම සංවර්ධන කමිටු ගිණුම්වල ඇති මුදල් ජනතා සහන සැලසීමට භාවිත කළ හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවට යෝජනා කර සිටී. 

විපක්ෂයේ සිටියද මේ මොහොතේ ජනතා සහන සැලසීමට රජයට සහයෝගය දිය යුතු බව පැවසූ මන්ති‍්‍රවරයා වැඩිදුටත් ප‍්‍රකාශ කර සිටියේ පසුගිය රජය දිවයිනේ සෑම කොට්ටාශයකම රුපියල් මිලියන 200ක සංවර්ධන ව්‍යාපෘති සිදු කළ අතර එමගින් සෑම ග‍්‍රාම සංවර්ධන කමිටුවකටම ආයෝජන මුදලින් සියයට පහක් ලැබුණ බවත් මේ මොහොතේ එම ගිණුම්වල  ඉතුරුම් මුදල් තිබෙන බැවින් ග‍්‍රාමීය මට්ටමින් සහන සැලසීමට රජයට එය භාවිතා කළ හැකි බවයි.

ග‍්‍රාමීය ජනතාවට තවමත් සහන නොලැබී ඇති බැවින් ප‍්‍රාදේශීය මන්ති‍්‍රවරුද සම්බන්ධ කර ගනිමින් මේ පිළිබදව  සොයා බැලීමේදි ජනතා සහන සැලසීමට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන තවමත් ලැබී නැති බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවද ඒ මහතා  ප‍්‍රකාශ කර සිටියේය. එබැවින් රජයට මූල්‍යමය ගැටලු  ඇත්නම් මේ මොහොතේ ගම්පෙරළිය සංවර්ධන අරමුදල භාවිත කරන ලෙසට තමන් යෝජනා කර සිටින බව හිටපු මන්ති‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය. 
 
තවද මෙම වසරේ ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන්ටද හිමිවන විමධ්‍යගත මුදල ජනතා සහන වෙනුවෙන් භාවිත කිරීම වඩා සුදුසු යැයි ඒ මහතා පෙන්වා දේ. වත්මන් තත්වයන් හමුවේ සංවර්ධනයට වඩා වැදගත් වන්නේ ජනතාව ජීවත් කරවීම බැවින් මන්ති‍්‍ර විමධ්‍යගත අරමුදල් ජනතා සහන සැලසීමට භාවිතා කිරිම කාලෝචිත බව කිරිඇල්ල මහතා අවධාරණය කර සිටි.
  
අද දින අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිපියක් යොමු කරමින් සියලුම  පළාත් පාලන කොට්ඨාශයකටම කමිටුවක් පත්කොට ප‍්‍රතිලාභ සාධාරණය බෙදා දීමට කටයුතු කරන ලෙසට දන්වා ඇති බවත් එම ලිපියෙහි සියලුම  දේශපාලන නියෝජිතයින් සම්බන්ධ කරගැනීම පිළිබඳව කිසිදු සඳහනක් නොමැති බව පෙන්වා දෙන හිටපු මන්ති‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයෙන් ඉල්ලීමක් කරමින් ප‍්‍රකාශ කර සිටියේ මෙම කමිටුවට පක්ෂ විපක්ෂ සියලු  දෙනා සම්බන්ධ කරගන්නේනම් ජනතා සහන සැලසීම වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකි බැවින් කොට්ඨාශයේ පක්ෂ විපක්ෂ සියලු  දෙනා සම්බන්ධ කරගන්නා ලෙසයි. 


     
 

Advertiesment