Covid-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් රටත්-ජාතියත් බේරා ගැනීම සඳහා විධිමත්ව,නිවැරදිව,විනිවිධ භාවයෙන් යුතුව සියලු පාර්ශවයන්ට පිළි ගත හැකි අයුරින් රජය ගන්නා සියලු තීන්දු තීරණ වගේම ක්‍රියා මාර්ග සඳහා සිය පූර්ණ සහය ලබා දීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටියි.
එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ප්‍රධාන එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් ජනාධිපති කාර්යාලයේදී බදාදා (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවූ අවස්ථාවේදී මේ බව නිල වශයෙන් දැනුම් දී තිබේ.
Covid-19 වසංගතය,රටේ උද්ගත වී තිබෙන තත්ත්වය,ආසදිතයින් සහ මේ වසංගතය හමුවේ ජනතාව මුහුණ දී සිටින දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ කරුණු දක්වමින් ඊට අදාළව විවිධ මානයන් පෙන්වා දී ඇති එක්සත් ජාතික පක්ෂ නායකයින් මේ අභියෝගය ජය ගනිමින් රටත් ජනතාවත් බේරා ගන්නා අතර මේ හේතුවෙන් ප්‍රපාතයට ඇද වැටී තිබෙන ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නායකයින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රධාන රජයේ නියෝජිතයින් සමග
කළ සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
Lanka Newsweek © 2021