Tuesday 14th of July 2020

English Tamil
Advertiesment


මව්බිම හෑල්ලු කරමින් ඇමරිකාවට ආවඩන විපක්ෂනායකට උත්තරයක්


2020-03-30 4166

සජිත් ප්‍රේමදාස කට නිසාම නහින හැටි  

(ලක්ෂිත නවරත්න) 

ඔබ රටේ විපක්ෂ නායකයාය...පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණත් ඔබට මම විපක්ෂනායකයා ලෙස ආමන්ත්‍රණය කරන්නෙමි.ජනපතිවරණයේදී ද ඔබට   වැරදුණේ කොතැනද කියා ඔබ දන්නවා ද..? ඔබ ඔබේ කට පරිස්සම් කර නොගෙන එමගින් පිට කළ අර්ථයක් නැති බුද්ධි ගෝචර නොවන වචන නිසා ඔබ ඔබේ පරාජය සකස් කර ගත්තේය.එම පරාජයට හේතු වූ දෙවැනි කාරණය වන්නේ තිස්ස අත්තානයක යටතේ කොළඹ,වොක්ෂෝල් වීදියේ දියත් කළ  දේශපාලන මඩ පොම්ප කරන ෆැක්ටරිය වේ.

ඔබ මේ රටේ විපක්ෂ නායකයාය.මුළු රටම ව්‍යසනයකට මුහුණ දී ඇති විටක කළ සහ නොකළ යුතු දේ,වගේම ඔබට භාර වී ඇති වගකීමේ කොටස ඔබ තේරුම් ගෙන ඇතැයි මම සිතමි.නමුත් ජනපතිවරණ කාලයේදී සේම පුරුද්දක් ලෙස පැමිණි ජාතිය ඇමතීම, අද දක්වාත් ඔබ නොකඩවා සිදු කිරීම දකින්නට ලැබේ.

ඒ ඔස්සේ ඔබ කුමක් ඉලක්ක කරනවා දැයි මම නොදනමි.හුදෙක් එම ජාතිය ඇමතීම භාවිතා කරන්නෙ දේශපාලන වාසියකට නම් එහි ඵල නෙළා ගැනීම උරුම ඔබට විනා අපට නොවේ.ඒ එවැන්නකට රට සූදානම් නැති නිසාය.නමුත් තරගයකට වගේ ජාතිය ඇමතීමෙන් ඔබ පුද්ගලිකත්වයට කර ගන්නා හානිය සුළුපටු නොවේ.

එලෙසම පසුගිය දිනක Covid-19 හෙවත් නව කොරෝනා ආසාධිතයන්ට ලබා දිය හැකි යැයි කියන බෙහෙතක නමක් වරදවා කියා සිටීමෙන් ඔබගේ වගකීම් සහගත ස්භාවයේ සහ දැනුමේ ද තරම රටේ බහුතරයකට තේරුණි.එම ප්‍රකාශය හුදෙක් සරල ප්‍රකාශයක් නොව අතිශයින්ම බරපතළ එකකි.ඔබතුමන් මේ මොහොතේ බලයේ නොහොත් රටේ නායකත්වයේ සිටියා නම්ඔ බගේ හැසිරීම,ඔබ ගන්නා තීන්දු තීරණ සහ ඔබ යොමු වන සැළසුම් ඉහත ප්‍රකාශවල ගැබ්ව තිබේ.

ඔබතුමන් යළිත් වතාවක් ජාතිය අමතා තිබේ.එහිදි ඔබඋපුටා දක්වන්නෙ ඇමරිකාවයි.එරට නිෂ්පාදිත කොරෝනා රෝගීන් හදුනාගත හැකි වෛද්‍ය උපකරණයක් ගෙන්වා ගැනීමට ක්‍රියා කරන ලෙසය ඔබ රජයට සහ සෞඛ්‍ය අංශවලට එම ඇමතීම හරහා උපදෙස් ලබා දී තිබේ.

මැතිතුමනි..! ඔබතුමන්ගේ පියා ඇතුළුව මේ රටේ හිටපු සියලු පාලකයන්,මේ රටේ ඇති වී තිබෙන ආර්ථික හානියට වගකිව යුතුය.මේ රටේ ඇවිළුණ යුද්ධය හමුවේද අපේ ආර්ථිකය විනාශ විය.එම යුද්ධය ඔබතුමන්ගේ පියාට අවසන් කිරීමට හැකියාව තිබුණත් එතුමා එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදීන්ට ආයුද ලබා දෙමින් යුද්ධය පෝෂණය කළ බව නොරහසකි.

එමනිසා අපේ රටේ නිදහස් සෞඛ්‍යය සේවය ඇමරිකාවේ වගේ පෝෂිත නැත.මුළු  ලෝකයේම එකම නිදහස් සෞඛ්‍යය සේවය මේ රටේ පවත්වා ගෙන යාමට සෑම රජයක්ම අති විශාල මුදලක් වැය කරයි.කෙසේ නමුත් අපේ රටේ සෞඛ්‍යයේ පැතිකඩ සංවර්ධනය වී නොමැත.ඊට හේතුව සෞඛ්‍යට වගේම රටේ තවත් ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයකට අති විශාල මුදලක් යෙදවීමට සෑම රජයකටම සිදු වන නිසාය.

කෙසේ නමුත් අද මේ අවම පහසුකම් යටතේ වුවද අපේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් මෙම Covid-19 හෙවත් නව කොරෝනා වසංගතය පරාජය කිරීමේ සටන ජය ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම අනුගමනය කරමින් සිටිති. ඊට අවශ්‍ය ඕනෑම පහසුකමක්,සහයෝගයක්,අනුග්‍රහයක් සැපයීමට හමුදාව සීරුවෙන් සිටිති.

මේ මොහොත වන තුරු රජය ඕනෑ තරම් මුදල් යොදවා අවශ්‍ය පහසුකම් සපයා ඇත.රජයේ මේ ක්‍රියාදාමය ඔබලාගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ සමන් රත්නප්‍රිය පවා අගය කළේය.එමනිසා අද ඔබ කියන උපකරණය වුවද,බෙහෙතක් වේ නම් ඒ දෙසද සෞඛ්‍ය අංශ ඇස ගසනු ඇත.

කෙසේ නමුත් අද ඔබ කියන ඇමරිකාව,එංගලන්තය,ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව මරණය අභියස උමතුවෙන් ක්‍රියා කරයි.එම රටවල සෞඛ්‍ය සේවය,නවීණ තාක්ෂණය, ආර්ථික ශක්තිය අති ප්‍රබලය.එහෙත් ලොවට සියලු අලුත් දේ,බෙහෙත් වර්ග,යුධ උපකරණ ආදිය සොයා දුන් බටහිර රටවල් මේ වසංගතය හමුවේ අද අන්ත අසරණය.

මැතිතුමනි..! නිහඩ වන්න.ඔබේ වගකීම ලෙස මම දකින්නේ මුළු ජාතියම- සමස්ථ රට වැසියන්ම එක පෙරමුණකට ගෙන අදේශපාලනිකව මේ සටන පරාජය කිරීමට පෙළ ගැස්සවීම විනා සෞඛ්‍යය සේවයට යම් යම් නිර්දේශ ප්‍රසිද්ධියේ කරමින් ඔවුන් හෑල්ලුවට ලක් කර ඒ අයගේ චිත්ත ශක්තියද අඩපණ කිරීම නොවේ. 

එමෙන්ම ඔබේ වගකීම වන්නේ ඇඳිරි නීතිය මධ්‍යයේ නිවෙස්වල සිටින පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් සැබෑ විපක්ෂනායකයකු ලෙස රජයට දැනුම්දීමය.හැකි නම් ඔබ අතීතයේ දී පුද්ගලික මුදල් වියදම් කරමින් ජනතාවට සහනාධාර දුන්නා සේ ආධාර බෙදා දීමය.ඒ නිසා ඔබ ඉදිරියට ඒ වගකීම ඉටු කරනු ඇතැයි මම සිතමි.

 

 

 

Advertiesment