Saturday 11th of July 2020

English Tamil
Advertiesment


හඬක් නොමැති කුලී කරුවන් වෙනුවෙන් කිරිඇල්ල හඬ අවදි කරයි


2020-03-27 5588

පොරොන්දු වූ "සහන මල්ල" තැලෙන පොඩි වන ජනයාට දෙනු..!

 

දවසේ වැටුපෙන් ජීවත් වූ ජනයා අසරණ වෙලා..! 

 

කන බොන බඩු ටික ගන්න අතේ පිච්චිය නැහැ-කියන්න කවුරුත් ඇත්තෙත් නැහැ..!

 

"Covid-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රට පුරා මේ වන විට පනවා ඇති ඇදිරි නීතිය හමුවේ ස්ථිර රැකියාවක් නොමැතිකම හේතුවෙන් කුලී සහ කම්කරු වැඩ කරමින් එදිනෙදා උපයා ගන්නා රුපියල් 1000ක් හෝ ඊටත් අඩු සොච්චම් වැටුපෙන් ජීවත් වූ ජනතාව දැඩි ලෙස අසරණ වී සිටින්නේ යැයි හිටපු සභා නායක සහ මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

එම නිසා රජය පොරොන්දු වූ "සහන මල්ල" එම ජනයා වෙනුවෙන් කඩිනමින් ලබා දිය යුතු යැයි ජන මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර සිටී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් මෙසේද කීය.  

"Covid-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රට පුරා මේ වන විට පනවා ඇති ඇදිරි නීතිය හමුවේ ස්ථිර රැකියාවක් නොමැතිකම හේතුවෙන් කුලී සහ කම්කරු වැඩ කරමින් එදිනෙදා උපයා ගන්නා රුපියල් 1000ක් හෝ ඊටත් අඩු සොච්චම් වැටුපෙන් ජීවත් වූ ජනතාව දැඩි ලෙස අසරණ වී සිටිනවා.

එම ජනයාගේ රැකියා ආදායම් මාර්ග සම්පූර්ණයෙන් අඩාල වෙලා.එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව‍්‍ මිලදී ගැනීමට සල්ලි නොමැතිව අන්ත අසරණ වෙලා. දින නියමයක් නොමැති ඇඳිරි නීතිය හමුවේ කරන්නේ කුමක්ද කියා සිතා ගැනීමටවත් නොහැකිව සහකිසිවෙකුගේ කිසිදු අහුහරණක් නොමැතිව කුස ගින්න දරා ගෙන නිවාසවලට කොටු වී සිටිනවා.Covid-19 වෛරසය ව්‍යාප්ත වීම වළක්වන අතර වෛරසයෙන් අසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කරනවා වගේම මේ අන්ත අසරණ වී සිටින තැලෙන පොඩි වන ජනයා සම්බනධයෙන් ද වහාම ක්‍රියා කළ යුතුයි.

එමනිසා එම ජනයාට කඩිනමින් සහන සැලසීමට රජය පියවර ගත යුතුයි.පසුගිය කාලයේ නිතර කතාබහට ලක් වූ සහ රජය පොරොන්දු වූ "සහන මල්ල" ජනතාවට අත්‍යවශ්‍ය වී ඇත්තේ මේ මොහොතේයි.එමනිසා ග‍්‍රාම නිලධාරිවරුන් හරහා හෝ එම "සහන මල්ල" ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් ග‍්‍රාමීය ජනතාවට මේ අමාරු මොහොතේ එම ආහාර මල්ල විශාල සහනයක් වනු නියතයි." 


 

Advertiesment