Sunday 29th of November 2020

English Tamil
Advertiesment


දේශපාලනය පසෙක තබා ආර්ථිකය ගොඩනැංවීමට එක් වෙමු


2020-03-26 16478

 අන්තර් ජාල,දුරකථන ගාස්තුවලින් නිදහස් කරන්නැයි රවී කරුණානායක ඉල්ලයි 


රට ගොඩනැගීමට ඕනෑ දැනුමයි අවබෝධයයි තිබෙන 12යි 

 

"මම ලෝභ නැතිව සියලු දෙනාටම ගරු කරනවා" 

 

(නිලන්ති චන්ද්‍රසේන) 


Covid-19  හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථික වශයෙන් තවතවත් ප්‍රපාතයට ඇද වැටෙමින් තිබෙන රට ගොඩ ගෙන නගා සිටුවා සමෘද්ධිමත් කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ පාට භේද ඉවතලා සියලු නායකයින් එකට එක්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසු රවී කරුණානායක  මහතා   වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කිය.  

Covid-19  හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථික වශයෙන් තවතවත් ප්‍රපාතයට ඇද වැටෙමින් තිබෙන රට ගොඩ ගෙන නගා සිටුවා සමෘද්ධිමත් කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ පාට භේද ඉවතලා සියලු නායකයින් එකට එක්විය යුතුයි.මේ වෛරසය මර්දනය කිරීම ගැන කතා කරනවා වගේම වෛරසය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැගීම සම්බන්ධයෙන් ද කතා කළ යුතුයි.

රටේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා ඊට අදාළ විශේෂඥ දැනුම තිබෙන අය දේශපාලන පක්ෂ සහ පාට භේදයෙන් තොරව එකට ඒකරාශී කර ඒ අයට ඒ වගකීම සහ කාර්යභාරයන් පවරා ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සියලු දෙනා එකට එක්ව මේ ගමන යා යුතුයි.

රටේ උද්ගතවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා,අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා කර යම් අවබෝධයකට පැමිණ සිටින අතර දැනුම සහ අවබෝධය තිබෙන වැඩ කළ හැකි සහ නායකත්වය දිය හැකි දහ දොළොස් දෙනෙක් එකට එකතු වුණා නම් මේ රට පහසුවෙන්ම ගොඩ නැගිය හැකියි. 

අපි සියලු දෙනා දන්නා ලෙස මෙම වසංගත තත්වයෙන් ආරක්ෂා  වීමට  මහජනතාවට නිවෙස් වල සිටින ලෙසත් ඔවුන්ගේ සේවා කටයුතු හැකිතරම්  නිවෙස්වල සිට කරන ලෙසත් උපදෙස් දී තිබෙනවා. මෙම අවස්ථාවේ සාමන්‍ය ජනයා විවිධ ආර්ථික හා මානසික අපහසුකම් වලට ලක් වී තිබෙනවා.මෙවන් අවස්ථාවකදී ඔබගේ පාරිභෝගිකයන්ට හා සාමාන්‍ය මහ ජනතාවට මේ දුෂ්කර මොහොතේ ඔවුන්ගේ දුරකථන  හා දත්ත භාවිතයන් සදහා  යම් සහන ගාස්තු, ගෙවීමේ ක්‍රම හා වට්ටම් ඔබට ලබා දෙන ලෙස මා  ඔබලාගෙන් ආයාචනා  කරනවා.

එය මෙම මාරාන්තික කොරෝනා වසංගතයට එරෙහිව රජය හා ජනතාව ගෙන යන සටනට මහත් ආධාරයක් හා පිටුවහලක් ව්ම අනිවාර්යයි . මේ මගින් අපේ ජනතාවට සිය ආදරනීයන් සමග භෞතිකව දුරස්ථභාවයකින් කටයුතු කොට සනීපාරක්ෂකව ඉලෙක්ට්‍රොනික  ලෙස සමීපවීමට මහගු පිටුවහලක් වනු ඇත.

මෙවැනි අනපේක්ෂිත ජාතික මෙන්ම ගෝලීය විපත් සහිත  අර්බුදයකදී  ඔබලා වැනි ඉලෙක්ට්‍රොනික  සන්නිවේදන  සේවා සපයන්නන් මෙවැනි උතුම්  සමාජ සත්කාරයනට දායක වීම අගය කලයුතු සමාජ වගකිමක් ලෙස ඔබ සලකන බව අප  හැමවිටම විශ්වාස  කරනවා.මෙවැනි සමාජ  වගකීම්වල නිරත වීම තුලින් ඔබේ සමාගම් සමග ඇතිවන ආදරණීය බැදීම  මෙම අර්බුද  ජයගෙන බිහිවන යහපත් කාල පරිච්ඡේදය තුළ  ඔබගේ ගෞරවනීය ආයතනවල දියුණුවට අත්‍යාවශ්‍ය  වනු ඇති බව අපගේ විශ්වාසයයි.

 

 

 

 

 

Advertiesment