Tuesday 14th of July 2020

English Tamil
Advertiesment


රනිල්-රවීට එරෙහි සජිත්-පාඨලීගේ කැලෑ පත්තර කුමන්ත්‍රණය එළියට


2020-03-23 6459

"රනිල්-රවී එකට තබා ගහන ගැහිල්ලෙන් එජාපය හාන්සියි" පාඨලී වියරුවෙන් කියයි 

 

පෙරමුණේ රාළලාගේ භූමිකාව "හරීන්ටයි-මනූෂටයි-ධනුෂ්කටයි"

 

මාධ්‍ය සහ මුල්‍ය අනුග්‍රහය කිලී මහරාජගෙන් 

 

ගොඩින් බැරිම තැන සුපුරුදු මඩින්ම එන්න සජිත්-පාඨලී තීරණය කරයි   

 

එක්සත් ජාතික පක්ෂය ද,එහි නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් ප්‍රධාන එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඉලක්ක කොට ගෙන දේශපාලන අවලාද,දුෂ්‍ය තොරතුරු, සහ දේශපාලන මඩ ඇතුළත් ප්‍රචාරක ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය සැලසුම් කර තිබේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ පූර්ණ මෙහෙයවීම,උපදෙස් සහ අධීක්ෂණය යටතේ මේ කුමන්ත්‍රණකාරී සහ කූට ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට යන්නේ හරීන් ප්‍රනාන්දු,මනූෂ නානායක්කාර සහ ධනුෂ්ක රාමනායක මහත්වරුන්ය.

කිලී මහාරාජාට අයත් "සිරස" ජන මාධ්‍ය ජාලය ද,විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර් ජාල වෙබ් අඩවි ද, මේ සඳහා යොදා ගැනීමට නියමිත අතර මේ වෙනුවෙන් විශාල මාධ්‍ය අනුග්‍රහයක් වගේම මුල්‍ය අනුග්‍රහයක් ලබා දීමට කිලී මහාරාජා සූදානමින් සිටියි.

හරීන් ප්‍රනාන්දු,මනූෂ නානායක්කාර සහ ධනුෂ්ක රාමනායක යන මහත්වරුන් අනුග්‍රහකත්වය ලබා දෙමින් මෙහෙය වන සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර් ජාල වෙබ් අඩවි ඔස්සේ මේ ප්‍රචාරක ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර දේශපාලන බුද්ධි තොරතුරු "lankanewsweek" වෙත අනාවරණය කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායකයින්ට එරෙහිව  දේශපාලන අවලාද,දුෂ්‍ය තොරතුරු, සහ දේශපාලන මඩ ඇතුළත් ප්‍රචාරක ව්‍යාපාරය එදා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළේ ද මේ තිදෙනාගේ මෙම සමාජ මාධ්‍ය ජාල සහ අන්තර් ජාල වෙබ් අඩවි සමූහය හරහා බවය.

ඒ අනුව දේශපාලන අවලාද,දුෂ්‍ය තොරතුරු, සහ දේශපාලන මඩ ඇතුළත් මෙම ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රතිඵල "සිරස" මාධ්‍ය ජාලයේ වගේම අදාළ සමාජ මාධ්‍ය ජාල සහ අන්තර් ජාල වෙබ් අඩවි සමූහය ඔස්සේ ඉදිරියේ දී විකාශය කෙරෙන සහ පළ කෙරෙන ප්‍රවෘත්ති,වැඩ සටහන්,සංවාද,විශේෂාංග,ලිපි සහ වාර්තා මගින් ප්‍රේක්ෂක-පාඨක ජනයාට දැක බලා ගත හැකිය.

මේ ව්‍යාපාරයේ න්‍යායාචාර්යවරයා වන පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේගයේ නායකයින් සහ ප්‍රබල ක්‍රියාකාරීන් සමග අවධාරණය කර ඇත්තේ "රනිල්-රවී" එකට තබා ගහන මේ "Media Campaign" එක නිසා මහ මැතිවරණයේ දී එජාපයට ඔළුව උස්සන්නවත් නොහැකි වන බවය.
     

    

Advertiesment