ජාතික රුධිර පාරවිලයන සේවාවට රුධිර පරිත්‍යාගයන් අඩු වෙමින් පවතින බව වාර්තා වෙයි.
මෙසේ රුධිර හිඟයක් ඇති වී තිබෙන්නේ රටේ උද්ගත වී තිබෙන තත්වය හමුවේ ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීමට නොහැකි විම බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මේ හේතුවෙන් හදිසි සැත්කම්, තැලසීමියා රෝගීන්, පිළිකා රෝගීන් ආදී හදිසි අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ලේ සපයා ගැනීමට යළි රුධිර පරිත්‍යාගශීලීන් අවශ්‍ය වී ඇතැයි බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.
තව ද කොරෝනා වයිරසය පැතිර යාමෙන් ලේ දන්දීමේ කඳවුරු පැවැත්විය නොහැකි බැවින් ලේ දැන් දීමේ හැකියාවක් ඇති පුද්ගලයින් ලේ බැංකුව අමතා වේලාවක් වෙන් කරගෙන ලේ දන්දීමට පැමිණෙන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.
එසේ දුරකතන ඇමතුමක් දෙන අය ළඟම ඇති රුධිර පාරවිලයන මධයස්ථානයට යොමු කරන බවත් ඔවුන්ට එහි පැමිණීමට වේලාවක් වෙන් කරන බවත් හෙතෙම කියා සිටියේය.
එසේ ඇමතුමක් නොදී පැමිණියත් ලේ දන්දිය හැකි නමුත් එක් අයෙක් හෝ දෙදෙනෙක් හැර ඊට වඩා පිරිසක් එහි නොපැමිණෙන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.
එමෙන්ම ඉකුත් මාසයක කාලයක් ඇතුළත උණ කැස්ස හුස්ම ගැනීමේ අපහසුතා පැවැතියේ නම් හෝ තවමත් පවතින්නේ නම් හෝ පසුගිය මාසයක කාලයක් ඇතුලත විදේශයක සිට පැමිණියේ නම් ලේ දන්දීමට නොපැමිණෙන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.
එසේ විදේශගත වී සිට පැමිණි පුද්ගලයකු නිවසේ සිටී නම් හෝ එවැන්නෙක් සමඟ සමීප සබඳතා පැවැත්වී නම් හෝ එයද ලේ දන්දිමට නුසුදුසුකමක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
තව ද මේ වනවිටත් උණ කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති සාමාජිකයකු පවුලේ සිටි නම් එවැනි අය ද ලේ දන්දීම සඳහා නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බව එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.
Lanka Newsweek © 2021