Thursday 25th of April 2024

English Tamil
Advertiesment


පවුල පෝෂණය කරන දේශපාලුවන්ට නරේන්ද්‍ර මෝඩිගෙන් පාඩමක්


2020-03-18 7947

නරේන්ද්‍ර මෝඩිට ලොවක් ගරු කරන්නේ ඇයි 

 

පුතා රටේ රජ කරද්දී රජයේ රෝහලෙන් බෙහෙත් ගන්නා මවක් 

 

එක කුසේ උපන් සහෝදරයින්ගෙයි-ඥාති සහෝදරයින්ගෙයි ජීවන තත්ත්වය මෙන්න

 

 

(සුජිත් මංගල ද සිල්වා)

සිය දේශපාලන බලය,තනතුරු සහ වරප්‍රසාද යොදා ගනිමින් ද,අයථා ලෙස මුදල් උපයමින් ද, සිය පවුල පෝෂණය කරන ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ වගේම මුළු ලෝකයේම සිටින පවුල් වාදී,ආත්මාර්ථකාමී සහ දුෂිත දේශපාලකයින්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ලබා ගත හැකි ආදර්ශ වගේම උගත හැකි පාඩම් බොහෝය.

නරේන්ද්‍ර මෝඩිලා වැනි දේශපාලන නායකයින් බවට සිය දේශපාලන නායකයින් ද පත් කර ගැනීම,ඒ සඳහා එම නායකයින්ට බල කර සිටීම සහ පවුල් වාදී,අවස්ථාවාදී,ආත්මාර්ථකාමී වගේම දුෂිත දේශපාලකයින්ට විරෝධය පළ කිරීම ශ්‍රී ලාංකීය ජනතාවගේ වගකීමක් වන අතර ඒ සඳහා සුදුසු කාලය ද එළැඹ තිබෙන බව කිව යුතුය.

පළමුවත් පවුල,දෙවනුවත් පවුල,තෙවනුවත් පවුල යන ස්ථාවරයේ පිහිටා දුෂණ,වංචා සහ අක්‍රමිකතා සිදු කරමින් ද,අයථා ලෙස මුදල් උපයමින් ද,පවුල පෝෂණය කරන අතර ඥාති සංග්‍රහයේ යෙදෙන අපේ රටේ දේශපාලන නායකයින්ට ප්‍රතිපක්ෂව නරේන්ද්‍ර මෝඩි එදා සිටම ක්‍රියා කරනුයේ පළමුවත් රට,දෙවනුවත් රට තෙවනුවත් රට යන දැඩි ස්ථාවරයේ පිහිටාය.

ඉන්දීය ජනයා වගේම ලෝකයේ බහුතරයක් ජනයා නරේන්ද්‍ර මෝඩිට ආදරය කරන්නේ සහ ගරු කරන්නේ ඔහු සිය දේශපාලන භාවිතයෙන්ම ඒ බව ප්‍රායෝගිකව ඔප්පු කරමින් ඉන්දියාවට වගේම ආසියානු කලාපයට ලබා දෙන ඍජු සහ ශක්තිමත් නායකත්වය නිසාමය.

විවිධ දුෂණ,වංචා සහ අක්‍රමිකතා ද,අයතථා ලෙස මුදල් සහ දේපොළ උපයා ගැනීම් ද සම්බන්ධයෙන් ඉන්දීය දේශපාලකයින්ට නිරතුරවම බරපතළ චෝදනා එල්ල වෙද්දී,එම අව දේශපාලන සංස්කෘතිය අවසන් කරමින් දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා සිය දේශපාලන භාවිතයෙන්ම ආදර්ශ ලබා දෙමින් කරන අරගලය අනුව නරේන්ද්‍ර මෝඩිගේ දේශපාලන දර්ශනය,වැඩ පිළිවෙළ, චරිත ලක්ෂණ සහ ඔහුගේ දේශපාලන පෞර්ෂය ඉන්දීය කෘතහස්ථ දේශපාලන නායකයෙකු වූ කේ කාමරාජ්ව ද පසු කරමින් වර්ධනය වන බව කිව හැකිය.

ඉන්දීය ජාතික කොංග්‍රසයේ නිර්මාතෘ සහ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයාව සිටී කේ කාමරාජ් යනු දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලින් ද,අයථා ලෙස මුදල් සහ දේපොළ උපයා ගැනීම් වගේම පවුල් පෝෂණය කිරීම් ඇතුළු චෝදනාවලින් තොර සියලු දෙනාට සිය දේශපාලන භාවිතයෙන්ම ආදර්ශ ලබා දෙමින් රට සහ ජනතාව වෙනුවෙන් සිය මුළු දිවියම කැප කළ ජනාදරයට පත් කෘතහස්ථ දේශපාලන නායකයෙකි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ජීවිතයේ ද තිබෙන මේ සුවිශේෂී ගුණාංග,ප්‍රතිපති සහ ඔහු සිය දේශපාලන අභ්‍යාස කර ඇති ආකාරය මනාව පැහැදිළි වන්නේ ඔහුගේ පවුල් පසුබිම පිළිබඳව කරුණු සොයා බැලීමේදීය.              

හැත්තෑ පස් හැවිරිදි සෝමපායි මෝඩි යනු ඉන්දීය මහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහ ජන සෞඛ්‍ය පරීක්ෂවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ලැබු අයෙකු වන අතර ඔහු පදිංචිව සිටින්නේ ඉන්දියාවේ වාත් නගරයේ පිහිටි කුඩා නිවසකය. 

හැත්තෑ දෙහැවිරිදි අම්රුත්බායි මෝඩි යනු පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කර 2005 වසරේ දී  විශ්‍රාම ලැබු අයෙකු වන අතර අවසාන වතාවට ඔහු ලබා ගත් ඔහුගේ මාසික වැටුප වූයේ රුපියල් 10000කි.සිය පුතා සහ දියණිය සමග ඔහු ජීවත් වන්නේ ඉන්දියාවේ අහමාබාත්වල පිහිටි  කුඩා නිවාස සංකීරණයක පිහිටි සාමාන්‍ය නිවසකය. 

හැට හතර හැවිරිදි ප්‍රහලද් මෝඩි යනු කුඩා සිල්ලර කඩයක් පවත්වා ගෙන යමින් එමගින් උපයා ගන්නා සුළු ආදායමෙන් සිය ජීවිතය අමාරුවෙන් ගැට ගසා ගන්නා පුද්ගලයෙකි. 

පනස් අට හැවිරිදි බංගජ් මෝඩි යනු ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු වන අතර සාමාන්‍ය වත්කමක් තිබේ.මොහුට ගාන්ධි නගර් හී  නිදන කාමර තුනක් සහිත නිවසක් තිබෙන අතර ඔහු ජීවත් වන්නේ එම නිවසේය. 

මේ අය කවුරුන් ද කියා ඔබ දන්නවා ද..? ඒ කවුරුවත් නොව කලාපීය බලවතා වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ එක කුස උපන් සහෝදරයින්ය.මොවුන් අතරින් මෝටර් රථයක් තිබෙන්නේ එක් අයෙකුට පමණක් වන අතර මේ අයගෙන් කිසිවෙකු ගුවනින් ගමන් කරන්නේ නැත. 

මේ සියලු දෙනා කිසිදු වරප්‍රසාදයක් නොලබා මධ්‍යම පන්තියේ ජීවිත ගත කරමින් සාමාන්‍ය ලෙස සිටින්නේ, ඉන්දියාවේ ගුජරාටයේ මහ ඇමැතිවරයා ලෙස පුරා වසර දොළහක් එම ප්‍රාන්තය පාලනය කළ ඔවුන්ගේ සහෝදරයා වන නරේන්ද්‍ර මෝඩි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස සිව් වසරක් මුළුල්ලේ රට පාලනය කරමින් සිටින පසුබිමක් යටතේය.  

මේ අතර හැට හත් හැවිරිදි පෝහිලාල් මෝඩි යනු සිල්ලර වෙළද සැලක් පවත්වා ගෙන යන්නෙකු වන අතර හැට හතර හැවිරිදි අරවින්ද් මෝඩි යනු පැරණි බඩු විකුණන කඩයක් (සාමාන්‍ය තත්වයෙන්) පවත්වා ගෙන යන්නෙකි.

පනස් පස් හැවිරිදි පරත් බායි මෝඩි යනු ඉන්දන පිරවුම් හලක සේවය කරන්නෙකු වන අතර ඔහුගේ මාසික වැටුප රුපියල් 6000කි. ඔහුගේ බිරිද එළවලු සහ විවිධ කෑම වර්ග විකුණා මසකට රුපියල් 3000ක් පමණ සොයා ගනියි.

පනස් එක් හැවිරිදි අශෝක් මෝඩි යනු කුඩ ආහාර කඩයක් (8x4) සහ සරුංගල් යනාදිය විකුණන කඩයක් පවත්වා යන්නෙකු වන අතර එම කඩය ආවරණය කර තිබෙන්නේ සෙවිලි තහඩුවලිනි.ඔහුගේ මාසික ආදායම රුපියල් 5000ක් වන අතර හෝටලයක සහායිකාවක ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ මසකට රුපියල් 3000ක වැටුපක් ලබයි. 

මේ අය කවුරුන්ද කියා ඔබ දන්නවා ද..? මේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ පියා වන තාමෝදර මෝඩිගේ සහෝදරයෙකු වන රාජසිංදාස් මෝඩිගේ දරුවන්ය. 

"10x8" ප්‍රමාණයේ කුඩා කාමරයක ජීවත් වන නරේන්ද්‍ර මෝඩිගේ මව බැංකුවට, කෝවිලට, රෝහලට යන්නේ රුපියල් කෝටි ගණන් වටිනා අති සුඛෝපභෝගී VVIP රථවලින් කුලී ත්‍රීරෝද රථවලිනි.මෑතකදි සෞඛ්‍ය තත්ත්වයක පිරිහීම හේතුවෙන් "108" ගිලන් රථයකින් රජයේ රෝහලකට ඇතුළත් වූ  ඇය එම රෝහලේ සාමාන්‍ය රෝගියෙකු ලෙස ප්‍රතිකාර ලබමින් සිටිනීය.නරේන්ද්‍ර මෝඩි පුරා දොළොස් වසරක් මුළුල්ලේ ඉන්දියාවේ ගුජරාටයේ මහ ඇමති ලෙස ප්‍රාන්තය පාලනය කරද්දී ඔහුගේ මව ජීවත් වූයේ ඇයගේ නිවසේම වන අතර සිය පුත්‍රයා අගමැති වුණාට පසුව ඇය අගමැති මාළිගයට ගොස් ඇත්තේ එක් වතාවක් පමණි.

මේ තරම් ප්‍රතිපත්ති ගරුකව,ආදර්ශමත්ව,විනයට සහ නීතියට අනුව ක්‍රියා කරන නරේන්ද්‍ර මෝඩිට එරෙහිව ද ඉන්දියාවේ ඇතැම් පිරිස් අභූත,අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර ගෙන යමින් සිටින අතර විශේෂයෙන් මේ ප්‍රචාර පැතිර යන්නේ එරට තමිල්නාඩු ප්‍රන්තයේය.

ඒ පිටුපස සිටින්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේ ඩි.එම්.කේ. සහ ඒ.ඩි.එම්.කේ. දේශපාලන පක්ෂ සහ එම ක්‍රියාකාරීන් වන අතර ඊට හේතු වී තිබෙන්නේ දුෂණයෙන්,වංචාවෙන්,අක්‍රමිකතාවලින්,පවුල් පෝෂණයෙන් වගේම යතථා ලෙස මුදල් සහ දේපොළ රැස් කිරීම්වලින් යුතු ජනතාව ප්‍රතික්ෂේප කරන ඒ අයගේ දේශපාලනය සංස්කෘතියට නරේන්ද්‍ර මෝඩිගේ ජනප්‍රිය,ප්‍රතිපත්ති ගරුක සහ රැඩිකල් දේශපාලන භාවිතය අභියෝගයක් වී තිබීමය.  

නරේන්ද්‍ර මෝඩි සිටින ස්ථානයේ අපේ රටේ දේශපාලන නායකයෙකු සිටියා නම් ඔහුගේ මව,එක කුසේ උපන් සහෝදරයින්,ඥාති සහෝදරයින් සහ හිතමිතුරන් මේ වන විට කිනම් තරාතිරමක සිටීවි ද..? ඒ අය කෙතරම් වරප්‍රසාද භුක්ති විඳීවි ද..? බලය කෙසේ පාවිච්චි කරාවි ද..? කෙතරම් මුදල් සහ දේපොළ රැස් කර තිබේවි ද..? ඔබට ඒ ගැන සිතා ගැනීමටවත් හැකි ද..? 

Advertiesment