Thursday 1st of October 2020

English Tamil
Advertiesment


කොරෝනා ගැන කතා නාම යෝජනාවලින් පසුව කරමු -අගමැති-


2020-03-17 5118

"කොරෝනා සර්ව පාක්ෂික හමුව නාම යෝජනාවලට පෙර බැහැ"

රටේ උද්ගත වී තිබෙන හදිසි තත්ත්වය හමුවේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳ වන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලන පක්ෂ නායකයින් කර ඇති ඉල්ලීමට දිනයක් ලබා දිය හැක්කේ මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර දීමෙන් පසුව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අඟහරුවාදා (17) හිටපු කතා නායක දේශබන්දු කරු ජයසුරිය මහතා වෙත දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දේශපාලන නායකයින්, මේ සර්ව පාක්ෂික සමුළුව කැඳ වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ Covid 19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අභියෝගය ජය ගැනීම සඳහා රටක් ජාතියක් ලෙස සියලු දෙනා එකට එක්ව වහාම අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහාය.

මේ සම්බන්ධ සිය ස්ථාවරය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කරු ජයසූරිය මහතා වෙත දැනුම් දී තිබෙන්නේ දේශපාලන පක්ෂ මගින් කෙරුණු මේ ඉල්ලීම ගැන කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඍජුව විමසා සිටී අවස්ථාවේදීය.

Covid 19 හෙවත් නව කොරෝනා වයිරසය රට පුරා ව්‍යප්ත වීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට වහාම සියලු පක්ෂ නායකයින් කැද වන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ජාව පැවැත්විමට මැදිහත් වන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතාගෙන් ද ඉල්ලා සිටී අතර ජනතා විමුක්ති පෙරමුණ ද එම ඉල්ලීම කර තිබුණි.

ඒ අනුව මේ කාරණය සම්බන්ධයෙන් හිටපු කතානායකවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී, ඔහු කියා ඇත්තේ නාම යොජනා භාරදීමට ප්‍රථම එවැනි හමුවක් පැවැත්විය නොහැකි අතර අවශ්‍ය නම් නාම යෝජනා භාරදීමෙන් පසුව එම හමුව පැවැත් විය හැකි බවය.

 

Advertiesment