Thursday 1st of October 2020

English Tamil
Advertiesment


ශ්‍රී ලාංකිකයින් ලෙස සියලු දෙන එකට එක්ව කොරෝනා ජය ගනිමු 


2020-03-13 4332

මාරාන්තික කොරෝනා වෛරස් අභියෝගය ජය ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ නාමයෙන් සියලු දෙනාම එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සියලු වාද භේද අත හැර එකට එක් විය යුතු යැයි හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

කෝවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිත ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමඟම එම උවදුර පිළිබඳ වග කිව යුතු අංශයන්හි සහ රටවැසියන්ගේ දැඩි අවදානය යොමුව තිබීම වැදගත්ය.

කෙසේ වුවත්, දැනට පළ වන විශේෂඥ වෛද්‍ය මතයන්ට අනුව දිවයිනේ මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියකට ඇති ඉඩකඩ අවම බව ප්‍රකාශ වී ඇත. මේ මොහොතේ පැමිණ ඇති අභියෝගයට එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සියලු වාද භේද අත හැර මනුශ්‍යත්වය පෙරට තබා මුහුණ දීමට සූදානම් වන ලෙස සමස්ත රට වැසියන් වෙත ආයාචනා කරමි.

පවතින තත්වය පිළිබඳව  නිවැරදි අවබෝධයක් සහිතව අනවශ්‍ය භීතියකින් තොරව වගකීමෙන් කටයුතු කිරීම තුළින් මෙම උවදුර මුල් අවස්ථාවේදීම පිටු දැකීමට අපගේ මාතෘභූමියේ සදාදරණීය ජනතාවට හැකි වනු ඇතැයි මම දැඩිව විශ්වාස කරමි.

හැකි උපරිම අන්දමින් වෛද්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමින් තමන්ගේ සහ අන් අයගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් කටයුතු කරන ලෙස යළිත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

 

Advertiesment