Saturday 26th of September 2020

English Tamil
Advertiesment


මැතිවරණය කල් තබා සර්ව පාක්ෂික ආණ්ඩුවකින් Corona ජය ගනු


2020-03-12 5035

පාර්ලිමේන්තුව වහා කැඳ වනු 

 

මහ ජන රැස්වීම් එපා-තාවකාලිකව පාසල් වසනු 

 

හැකි හැම තැනකම ආහාර භෝග වවමු 

 

 

(සුජිත් මංගල ද සිල්වා)  

ශ්‍රී ලංකාවට ද තර්ජනයක් වෙමින් පවතින මාරාන්තික "COVID-19" හෙවත් "Coronavirus" අභියෝගය ජය ගැනීම සඳහා මහ මැතිවරණය වහාම කල් තබා පාර්ලිමේන්තුව කැඳවා සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු විය යුතු යැයි ප්‍රවීණ මාධ්‍යවේදී,දේශපාලන සහ සමාජ විචාරක වික්ටර් අයිවන් මහතා පෙන්වා දෙයි.

මේ අර්බුදයට මුහුණ් දෙමින් රටක් ජාතියක් ලෙස එම අර්බුදය ජය ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් වික්ටර් අයිවන් මහතා වැඩි දුරටත් ඉදිරිපත් කරන යෝජනා මෙසේය.
 
01."COVID-19" හෙවත් "Coronavirus" තර්ජනය පහවී රට යථා තත්ත්වයට පත් වන තෙක් පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතුය.

02.පාරලිමේන්තුව කැදවා ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නොමැති වීමේ ප්‍රශ්නයට පිළියමක් වශයෙන් භේදවලින් තොරව අර්බුදයට මුහුණ දීමේ හැකියාව වර්දනය කර ගැනීම සදහා පාරිලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඇතුළත් වන ලෙස තාවකාලික සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගත හැකිය.

03.ජනතාව අතර තිබිය යුතු සමගිය වර්දනය කිරීම සදහා වරග,කුල,ජාති,ආගම් සහ පක්ෂ භේදවලින් තොර පාලනයක් සදහා අවශය මූල ධර්ම හදුනා ගනිමින් සරව පාක්ෂික ආන්ඩුව එම මූල ධර්ම අනුව ක්‍රියා කළ යුතුය.

04.මහ ජන ඒකරාශිවීම් වැළැක් විය යුතුය.මහ ජන සහභාගීත්වයක් සහිත ආගමීක සහ දේශපාලන ඇතුළු මහ ජන උත්සව නොපැවැත්විය යුතුය.

05.පාසැල් පවත්වා ගෙන යාම තාව කාලික ලෙස නතර කළ යුතුය.විෂය නිර්දේශ හැදෑරීම නිවසේ සිට මග පෙන්වීම් අනුව ස්ව උත්සහායෙන් කරන ක්‍රියාවක්   බවට පත් කළ යුතුය.

06.වයසට ගිය අය සහ රෝග තිබෙන අය නිවෙස්වල සිටීමට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.

07.ආහාර අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සදහා ගෘහස්ථ මට්ට්මෙන් සහ ග්‍රාමිය මට්ට්මෙන් ආහාර නිෂපාදනයට මග පෙන්වන සහ අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකිය.රජයේ සියලු විශාල ගොවි පලවල්වල අහාර බෝග වගා කිරීම අනිවාර්ය කළ හැකිය.වදුරන්ගෙන් සහ රිලවුන්ගෙන් කෘෂි කර්මයට එල්ල වන හානි රජය මගින් අවම කර දෙන ක්‍රියා මාර්ගයක් සමග කෘෂි කර්මයට හානි කරන වන සතුන් දඩයම් කිරීමේ අයිතිය ගොවීන්ට ලබා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකිය.

08.ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ අතර තිබෙන,ගෘහස්ථ මට්ටමෙන් ද සුළු සහ මහා පරිමාණ්යේ කර්මාන්ත ශාලා මගින් ද නිපද විය හැකි භාණ්ඩ හදුනා ගෙන එම භාණ්ඩ නිපදවන,ඊට ආධාර අනුබල දෙන සහ ආරක්ෂාව ලබා දෙන ප්‍රතිපත්තියක් අනු ගමනය කළ හැකිය.

Advertiesment