Thursday 1st of October 2020

English Tamil
Advertiesment


සජිත් පිලේ කබීර්-රිෂාඩ් FETO ත්‍රස්තයින්ට රට පාවා දුන් හැටි මෙන්න


2020-03-06 6066

පාස්කු ප්‍රහාරයට අනුබල දුන් "FETO" ත්‍රස්තයින්ට සල්ලි දී ලා..!

 

සජිත් ප්‍රේමදාසගේ සමගි සන්ධානය ත්‍රස්තවාදීන්ට තෝතැන්නක් වෙලා

 

කබීර්-රිෂාඩ් රට පාවා දෙද්දී සජිත් එක්ක මෛත්‍රී  හිටියේ නිදි වැදිලා ද..?   

 

 

අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන පාස්කු ඉරිදා එල්ල කෙරුණු සහරාන් හෂීම්ගේ මරා ගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට ආධාර සහ අනුබල දුන් තුර්කියේ "Fethullahist terror organization" හෙවත් "FETO"  ත්‍රස්ත සංවිධානයට මුල්‍ය ආධාර ලබා දෙන ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමග, යහ පාලන රජයේ ප්‍රබල මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙකු සබඳතා පවත්වා ඇති බව හෙළිදරව් වී තිබේ.

මේ බව හෙළිදරව් වී තිබෙන්නේ එම මරා ගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ දී වන අතර "Fethullahist terror organization" හෙවත් "FETO" ත්‍රස්ත සංවිධානයට මෙසේ මුල්‍ය ආධාර ලබා දුන්නේ යැයි චෝදනා එල්ල වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනතා බලවේගයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු වන කබීර් හෂීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් වෙතය. 

"Fethullahist terror organization" හෙවත් "FETO" ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට කබීර් හෂීම් සහ රිෂාඩ් බදුර්දීන් මැදහත් වී ඇති අතර එම ව්‍යාපාරවලට මුදල් ද යොදවා ඇති බව මෙසේ හෙළිදරව් වී තිබෙන්නේ හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහ විදේශ සබඳතා අමාත්‍යංශයේ යුරෝපා සහ මධ්‍යම ආසියානු කලාපය භාර අධ්‍යක්ෂක ජනරාල් ශ්‍රියානි ධම්මිකා කුමාරි සේමසිංහ යන මහත්ම මහත්මීන් එම ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ බ්‍රහස්පතින්දා (05) ලබා දුන් සාක්කිවලිනි.
 
මෙහිදී වැඩි දුරටත් සාක්කි ලබා දෙමින් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ කරුණු දැක්වූ වසන්ත සේනානායක මහතා කියා සිටියේ මේ අය   "Fethullahist terror organization" ත්‍රස්ත සංවිධානයට මුල්‍ය ආධාර සපයන ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට සම්බන්ධ වී ඊට මුල්‍ය ආධාර ද ලබා දෙන ආකාරයට අදාළව සාක්කි සහ සාධක සහිත සියලු බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තාවක් තුර්කි රජය ශ්‍රී ලංකාවේ සිය තානාපතිවරයා මාර්ගයෙන් තමාට ලබා දුන් අතර තමා එම වාර්තාව එවක ජනාධිපති ලේකම්වරයා,විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත යොමු කළ බවය.

ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යන ව්‍යාපාරවලින් ද ලබා දෙන මුල්‍ය ආධාර ඇතුළු අති විශාල මුදලක් යොදවා "Fethullahist terror organization" ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යන මුස්ලිම් ජාත්‍යන්තර පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන වගේම එම ආයතන හරහා ළමා මනස විකෘති කර එම දරු දැරියන් ත්‍රස්තවාදීන් බවට පත් කරන ආකරය ඇතුළු බුද්ධි තොරතුරු රැසක් තුර්කි රජය ලබා දුන් එම වාර්තාවේ ඇතුළත් වූ බව ද වසන්ත සේනානායක මහතා එහිදී අවධාරණය කර ඇත. 

මේ වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසුව ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ ලිපි ගොනුව තමා අදාළ බලධාරීන්ට යොමු කළ අතර ඊට පසුව එම ලිපි ගොනුවලට සිදු වූයේ කුමක් ද කියා තමා නොදන්නා බව පෙන්වා දී ඇති වසන්ත සේනානායක මහතා  ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා හරහා තුර්කි රජය ලබා දුන් මේ බුද්ධි තොරතුරු වාර්තාවට අදාළව පියවර නොගැනීම සම්බන්ධයෙන් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ජාත්‍යන්තර සමුළුවකදී තමා වෙත සිය බලවත් අප්‍රසාදය සහ කණගාටුව පළ කළ බව ද හෙළි කර ඇත.
 
මේ අතර තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී  ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී කබීර් හෂීම් සහ රිසාඩ් බදුර්දීන් යන අමාත්‍යවරුන් ඊට එරෙහිව සෘජුවම මැදිහත් වී එම උත්සාහය වැළක්විමට කටයුතු කර තිබේ. 

Advertiesment