Thursday 1st of October 2020

English Tamil
Advertiesment


සජිත් ප්‍රේමදාසගෙන් සුනිල් ද සිල්වාට මරණීය තර්ජන 


2020-03-02 11191

"උඹ ගැන මම බලා ගන්නම්" යැයි ප්‍රසිද්ධියේ තර්ජනය කරලා 

 

පියාගේ මැරකම පුතාගෙන් මතු වෙයි  

 

විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා,එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා වෙත තර්ජනය කර තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතා වියරුවෙන් සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් "උඹ ගැන මම බලා ගන්නම්" කියමින් මහ හඬින් පරුෂ වචනයෙන් කෑ ගසමින් සුනිල් ද සිල්වා මහතා වෙත මෙසේ තර්ජනය කර තිබෙන්නේ "සිරිකොත" මූලස්ථානයේ ඉරිදා (01) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

සුනිල් ද සිල්වා මහතා මෙසේ සජිත් ප්‍රේමදාස මහතාගේ තරණයට සහ ගර්ජනයට ලක් වූයේ මහ මැතිවරණයට "අලියා" ලකුණ යටතේ තරඟ කළ යුතු බව සිය හදවතට එකඟව කියා සිටිමින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට උත්සහ කළ අවස්ථාවේදීය.

ඒ අවස්ථාවේදී ඔහුට එරෙහිව නැගී සිටී සුජීව සේනසිංහ මහතා ඔහුට කතා කිරීමට ඉඩ නොදී ඊට බාධා කරමින් "අයිසේ,වාඩි වෙනවා..වාඩි වෙනවා..." කියා තර්ජනය කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් සුනිල් ද සිල්වා මහතා කියා තිබෙන්නේ මේ කරුණු කාරණා ගැන කතා කිරීමට සහ ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට තමාටත් අයිතියක් තිබෙන අතර කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් ලෙස මේ අවස්ථාවට එක්ව සිටින සියලු දෙනාම එක හා සමාන බවය.

ඒ සමගම නැගී සිටී සජිත් ප්‍රේමදාස මහතා,සුනිල් ද සිල්වා මහතා වෙත බරපතළ චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට "ඕයි" කියා ආමන්ත්‍රණය කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියේ සමාව ගෙන එම වචනය ඉල්ලා අස් කර ගත යුතු බවය.

සුනිල් ද සිල්වා මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එළවා දැමිය යුතු යැයි ද,ඔහුට එරෙහිව විනය පියවර ගත යුතු යැයි ද කිය කියා කෑ ගසමින් සජිත් ප්‍රේමදාස මහතා පැය භාගයක් මුළුල්ලේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් කෘත්‍යාධිකාරී මණ්ඩලය දෙවනත් කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් තමා කිසි විටෙකත් "ඕයි" යන වචනය පාවිච්චි නොකළ අතර එමනිසා ඒ සම්බන්ධයෙන් සමාව ගැනීමක් හෝ එම වචනය ඉල්ලා අස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සුනිල් ද සිල්වා මහතා එහිදී දැඩිව කියා සිටියේය."උඹ ගැන මම බලා ගන්නම්" කියා සුනිල් ද සිල්වා මහතා දෙසට ඇඟිල්ල දිගු කරමින් සජිත් ප්‍රේමදාස මහතා කෝපයෙන් යුතුව ඔහුට තර්ජනය කළේ ඒ අවස්ථාවේදීය.

සුනිල් ද සිල්වා මහතා "ඕයි" යනුවෙන් කිසිදු මන්ත්‍රීවරයෙකුට ආමන්ත්‍රණය නොකළ බව පැහැදිළිව පෙන්වා දෙමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම පාලනය කර ගැනීමට ඔහුගේම පාර්ශවයේ මන්ත්‍රීවරුන්ද ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් උත්සහ දරුවත් ඔහු ඒ කිසවකට අවනත නොවෙමින් දිගින් දිගටම සුනිල් ද සිල්වාට තර්ජනය කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත.

මේ සම්බනධයෙන් "lankanewsweek" වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ අභ්‍යන්තරයේ සිටින නියම රණසිංහ ප්‍රේමදාස දුටුවේ ඔහු ප්‍රචණ්ඩත්වයට පත් වූ මේ අවස්ථාවේදී වන අතර සියලු දෙනා ඔහුගේ මේ හැසිරීම ගැන මවිතයට පත් වූ බවය.   

Advertiesment