Sunday 12th of July 2020

English Tamil
Advertiesment


එජාපයයි-අලියයි වැනසීමට සජිත් කළ කුමන්ත්‍රණය කෘත්‍යාධිකාරිය පරදවයි


2020-03-01 5913

වියරු වැටුණු සජිත් කෘත්‍යාධිකාරී සභිකයින්ට පහරදීමට හදලා  


අලියාට විරුද්ධ වුණේ සජිත්-රංජිත්-කබීර්-තලතා-සුජීව -චන්ද්‍රානි පමණයි  

 
සජිත්-කිලි-පාඨලී අනාථයි-අලියා සනාථයි 

 


(සුජිත් මංගල ද සිල්වා) 

කිලි මහරාජා සහ පාඨලී  චම්පික ප්‍රධාන කණ්ඩායමේ අවශ්‍යතාවය මත එක්සත් ජාතික පක්ෂය සහ එම පෙරමුණ කඩා විනාශ කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශවය කළ කුමන්ත්‍රණය පරාජය කරමින් මහ මැතිවරණය සඳහා නියත ලෙසම "අලියා"ලකුණින් තරඟ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කළේය.

සිය සම්ප්‍රධාය සහ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා "අලියා" ලකුණින් මහ මැතිවරණයට තරඟ කළ යුතු බවට කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දු කලේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (1) සවස 7ට "සිරිකොත" පක්ෂ මුලස්ථානයේදී රැස් වූ අවස්ථාවේදී වන අතර එම රැස්වීම වාද විවාද සහ සංවාද මධ්‍යයේ පැය තුනකට අධික කාලයක්  ඇදී ගියේය.

"අලියා" ලකුණින් මහ  මැතිවරණයට යා යුතු බැවට ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය යෝජනා කරද්දී,ඊට එරෙහි වුයේ සජිත් ප්‍රේමදාස,රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හසීම්, තලතා අතුකෝරල,සුජීව සේනසිංහ සහ චන්ද්‍රානි බණ්ඩාර යන හය දෙනා පමණකි.

"අලියා" ලකුණින් හෝ "හංසයා" ලකුණින් මහා මැතිවරණයට යා නොහැකි නම් ජාතික බලවේගයේ දුරකතනයේ ලකුණින් ඊට තරඟ  කළ  යුතු යැයි සජිත් ප්‍රේමදාස ප්‍රධාන පාර්ශවය යෝජනා කරද්දී එම යෝජනාවට පක්ෂව කතා කළේ ඔහු ප්‍රධාන ඔහුගේ අනුගාමිකයින්ගෙන් රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තලතා අතුකෝරල,සුජීව සේනසිංහ සහ චන්ද්‍රානි බණ්ඩාර යන පස් දෙනා පමණක් වන අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය ඊට එරෙහිව තීන්දු කළේ "අලියා" ලකුණින් පමණක් මහ මැතිවරණයට යා යුතු බවය.

මෙහිදී අදහස් දක්වමින්  ජනාධිපති නිතීඥ දයා පැල්පොල මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නිතිය පිළිබඳව අවබෝධයක් ලබා දෙමින් කියා සිටියේ "ඔබතුමා ගොඩනගා තිබෙන්නේ දේශපාලන සන්ධානයක් නොවෙයි ඒ වගේම ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ අපට ඉදිරිපත් කර තිබෙන්නේ දේශපාලන සන්ධානයක ව්‍යවස්ථාවක් නොවෙයි. ඔබ තුමා කියන සන්ධානය සන්ධානයක් නොවෙයි. දේශපාලන පක්ෂයක්.ඉදිරිපත් කර තිබෙන ව්‍යයවස්තාව දේශපාලන සන්ධානයකට උචිත එකක්  නොවෙයි.ඒක දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවකට සමානයි. යම් කිසි දේශපාලන පක්ෂයක නමක් ගෙන එම නම සමගි ජාතික බලවේගය කියා සංශෝධනය කළාට එම පක්ෂය පොදු දේශපාලන සන්ධානයක් වන්නේ නැහැ.ව්‍යවස්ථාවට අදාළ කරුණු කාරණාත් ඒ හා සමානයි.ඔබතුමා යෝජනා කරන සමගි ජාතික බලවේගය සහ ඊට අදාලව ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා යෝජනා අනුව එහි සාමාජිකත්වය ගත හොත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ සියලු දෙනාගේම සාමාජිකත්වය අහෝසි වනවා."

මෙහිදී දැඩි අපහසුතාවයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ විපක්ෂ නායකවරයා ලෙස තමා මේ තීන්දු තීරණ ගත්තේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අනුමැතිය යටතේ වන  බවය. එසේ තිබියදී කිසිවකු මේ කාරණයේදී තමා වෙනුවෙන් පෙනී නොසිටිමින් සියලු දෙනා තමා පාවා දුන් බවට සජිත් ප්‍රේමදාස මහතා එහිදී සිය කණ්ඩායමට චෝදනා කරද්දී ඔහුගේ අනුගාමිකයින් සියලු දෙනා නිහඩව බලා සිටියහ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල්  ද සිල්වා මහතා කළ කතාවට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා ඔහුට පහර දීමට උත්සහ කර තිබෙන අතර කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් මැදිහත්වීමෙන් එම ප්‍රහාරය වළක්වා ගෙන තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මේ උණුසුම්කාරී තත්ත්වය ආරම්භවීමත් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවතුන් වන මංගල සමරවීර සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් එම රැස්වීමෙන් නැගිට ගොස් ඇත.
 

Advertiesment