Wednesday 15th of July 2020

English Tamil
Advertiesment


අර්ල් ගුණසේකර ආණ්ඩුවේ ලොකු පුටුවකට..?


2020-02-25 8834

පොහොට්ටුවේ හේවාහැට ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද පත් කෙරේ 

 

අගමැතිගේ ආරාධනයෙන් පොදු ජන පෙරමුණට එක් වෙයි 

 

එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරික ප්‍රබල දේශපාලනඥකුව සිටී අර්ල් ගුණසේකර මහතා,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් වෙමින් ක්‍රියාකාරී දේශපාලනයට යළි පිවිස සිටියි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වූ අර්ල් ගුණසේකර මහතා,මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කෙරෙන අතර මහ මැතිවරණයෙන් පසුව ඔහුට ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ තනතුරක් ද හිමිවීමට නියමිතය.

ජාත්‍යන්තර මට්ටමේ සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ,මැණික් සහ හෝටල් ව්‍යාපාරිකයෙකු වන අර්ල් ගුණසේකර මහතා දුෂණ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති දේශපාලකයෙකි.

1994 සිට 2015 වන තුරු අවුරුදු 21ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ අර්ල් ගුණසේකර මහතා ඒ කාලය ඇතුළත දී නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති ධූර ගණනාවක් දරා ඇති අතර පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ඔහු සිය මන්ත්‍රී ප්‍රතිපාදනවලට එම දිස්ත්‍රික්කයේ සහ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් කෝටි 50ක් වැය කර තිබේ.

මහනුවර කිංග්ස් වුඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන අර්ල් ගුණසේකර මහතා එම විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ද වන අතර එම දිස්ත්‍රික්කයේ පාසල් දහයකට සිය පෞද්ගලික ධනය වියදම් කර බස් රථ දහයක් ද පරිත්‍යාග කර ඇත.

Advertiesment