Thursday 25th of April 2024

English Tamil
Advertiesment


සජිත්ව එළවන්න මට අවශ්‍ය නැහැ-හැබැයි ගියාට මට ප්‍රශ්නයකුත් නැහැ


2020-02-13 7603

පක්ෂයෙන් කඩා ගෙන යාම හෝ පක්ෂයේ සිටීම සජිත්ගේ වගකීමක්

 

එජාපය කඩා ගෙන ගිය අයගෙන් හරි ගියේ බණ්ඩාරනායකට විතරයි 

 

"අලියා" ලකුණ කිසිවෙකුට පාවා දෙන්න බැහැ 

(සුජිත් මංගල ද සිල්වා)  

සජිත් ප්‍රේමදාස ප්‍රධාන ඔහුගේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් එළවා දැමීමට තමා ඇතුළු කිසිවෙකු උත්සහ නොකරන අතර ඔහු සිය කැමැත්තෙන් පක්ෂය කඩා ගෙන ගිය හොත් ඒ සම්බන්ධයෙන් නම් තමා ඇතුළු කිසිවෙකුට වග කිව නොහැකි යැයි එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

තමා නිතරම උතසහ කරන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රධාන කණ්ඩායම කෙසේ හෝ පක්ෂයේ රඳවා තබා ගැනීමට යැයි ද,කෙසේ නමුත් ඔහු ඇතුළු කණ්ඩායම පක්ෂය කඩා ගෙන ගියා කියා තමාට හෝ එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් නොමැති බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ සිය සමීපතමයින් පිරිසක් සමග කොළඹ 05 වැනි පටුමගේ පිහිටි පුද්ගලික නිවසේදී කළ සාකච්ඡාවකදී එම පිරිස මතු කළ පැනයකට පිළිතුරු දෙමිනි.

එම පිරිස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටී ප්‍රශ්නය වන්නේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන මේ අර්බුද හමුවේ සජිත් ප්‍රේමදාස ප්‍රධාන පාර්ශවය "සමගි ජනතා බල වේගය" යටතේ "හදවත" ලකුණින් මහ මැතිවරණයට තනිවම ඉදිරිපත් වුණොත් සිදු වන්නේ පිරිහුණු සහ කඩා වැටෙමින් තිබෙන ආණ්ඩුවට ජයග්‍රහණය බන්දේසියක තබා ප්‍රදානය කිරීමක් නොවේද යන්න පිළිබඳවය.

ඊට පිළිතුරු ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේ එහි වගකීම ඇත්තේ සජිත් ප්‍රේමදාස ප්‍රධාන පාර්ශවයට වන අතර එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගිය අයගෙන් හරි ගියේ එස්.ඩබ්ලියූ.ආර්.ඩී බණ්ඩාරනායක මහතාට පමණක් බවය.  

මේ අතර නව දේශපාලන සන්ධානයේ නායකත්වය සහ එහි නාම යෝජනා මණ්ඩලයේ සභාපතිකම පවා සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබියදී, මහ මැතිවරණයට ඉදිරිපත් වන "ලකුණ" සම්බන්ධයෙන් දෙපාර්ශවය දෙපැත්තට කඹ ඇදීම අසාධාරණ නොවේ යැයි ද "අලියා" ලකුණින්ම යා යුතු නම් එම ලාංඡනයේ අධිකාරීත්වය නව සන්ධානයට නොපවරන්නේ මන්දැයි ද යනුවෙන් එම පිරිස මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය. 

"එක්සත් ජාතික පක්ෂයේ "අලියා" ලකුණ කියන්නේ දශක ගණනක් මුළුල්ලේ පක්ෂයට තිබෙනඅනන්‍යතාව බව කිව යුතුයි.අපේ ඒ අපටම අනන්‍ය වූ "අලියා" ලකුණ බාහිර දේශපාලන පක්ෂයකට පැවරීමට හෝ ඒ අයට පාවාදීමට හෝ විකිණීමට හෝ පාක්ෂිකයින් කිසිසේත් කැමති වන්නේ නැහැ.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම මහ මැතිවරණවලට මුහුණ දුන්නේ මේ "අලියා" ලකුණින් පමණයි.
 

Advertiesment