Thursday 2nd of April 2020

English Tamil
Advertiesment


අලියා පිටේ මහ මැතිවරණයට යන ගමන තීන්දුයි 


2020-02-13 3529

සජිත්ගේ "හදවතට" එරෙහිව රනිල්ගේ "අලියා" කුලප්පු වෙයි 

(සුජිත් මංගල ද සිල්වා)

මහ මැතිවරණයට "අලියා" ලකුණින් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු මණ්ඩල සහ ඊට අනුබද්ධිත සංවිධාන ඇතුලු පක්ෂ යාන්ත‍්‍රණය වහාම සූදානම් කරන්නැයි එම පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ  සංවිධායකවරුන්ට සහ මහ ජන නියෝජිතයන්ට උපදෙස් ලබා දී තිබේ. 

රනිල් වික්‍රමසිංහ මහතා මේ නියෝගය ලබා දී තිබෙන්නේ "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී බදාදා (12) එක්සත් ජාතික පක්ෂ දිස්ත‍්‍රික් කළමනාකරුවන්  හමුවූ අවස්ථාවේදීය.එක්සත් ජාතික  පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන්ද රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ දිස්ත‍්‍රික් කළමනාකරුවන්ගේ  හමුවට එක්ව සිටියහ.

මහ මැතිවරණය සදහා නව සංවිධාන ජාලයක් හදුන්වාදීමටද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වන විට කටයුතු කරමින් සිටින අතර කොළඹ  ඇතුළු දිස්ත‍්‍රික්කවල පක්ෂ සංවිධාන පිහිටුවීමට වඩා  සමාජ ජාල වෘත්තිකයන් දැනුම්වත් කිරීම මගින් පක්ෂ  සංවිධාන ජාලය  ක‍්‍රියාත්මක කරවීමට එමගින් අපේක්ෂා කෙරේ.

මහ මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සදහා  එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයින්, පළාත් පාලන නියෝජිතයින්,යොවුන්,ලක් වනිතා සහ ශාඛා  සමිති නියෝජිතයන් ඉදිරි දිනවලදී "සිරිකොත"  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ. 

Advertiesment