Wednesday 25th of November 2020

English Tamil
Advertiesment


කතා නායක ධූරයට සමු දෙන්න කරූ සූදානම්


2020-02-08 9391

"ගරු මන්ත්‍රීතුමා" ලෙස ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයින් පාර්ලිමේන්තු යවන්නැයි ජනතාවගෙන් ඉල්ලයි  

 

කරූ රට-ජාතිය වෙනුවෙන් කැප වුණු නායකයෙකු බව මහ නා හිමිවරු අවධාරණය කරති 

 

"අවරුදු පහක්ම ඇන්දේ චමල් ඇඳපු ලෝගුව"

 

"රජයේ සල්ලිවලින් වාහන ගෙන්නුවේ නැහැ"

 

"අවරුදු පහම පැද්දේ චමල් පැද්ද වහනය"

(සුජිත් මංගල ද සිල්වා)

කතා නායක ධූරයේ වසර පහ පිළිබඳවත් එම කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කර ගැනීමට සිදු කළ වෙහෙස කර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට තමාට හැකිවූ බවද කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා මල්වතු-අස්ගිරි-රාමඤ්ඤ මහ නාහිමිවරුන් හමුවේ අවධාරණය කර සිටියේය.

කතා නායක ධූරයේ ක්‍රියා කළ වසර පහක කාලය ඇතුළත දී මුහුණ දීමට සිදු වූ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම තමාට අවවාද අනුශාසනා කළ මහ නා හිමිවරුන් වෙත සිය කෘතඤ්තාවය පළ කරන බව ද කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

කරු ජයසූරිය මහතා මේ බව අවධාරණය කර සිටියේ සෙනසුරාදා (08) උදෑසන මහ නුවරට පැමිණ මල්වතු-අස්ගිරි- රාමඤ්ඤ මහ නා හිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගනිමින්ය. 

තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි කතා නායකවරයාට ආශිර්වාද කළ මහ නාහිමිපාණන් වහන්සේලා අවධාරණය කළේ දේශපාලනයෙන් තොරව රට-ජාතිය වෙනුවෙන් කැප වුණු ගෞරවනීය ජාතික නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා පිළිබඳව තමන් වහන්සේලා අතර  ඉමහත් විශ්වාසයක් සහ ගෞරවයක් පවතින බවය.

මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි ජන මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් කරු ජයසුරිය මහතා සඳහන් කළේය,ගෙවුණු වසර පහක කාලයේදී පමණක් නොව සිය දේශපාලන ජීවිතයේ කිසි දිනෙක තමා තමා වෙනුවෙන් රජයේ මුදලින් අලුත් වාහන ගෙන්වා නොමැති බවය.

මේ අවුරුදු පහම තමා පාවිච්චි කළේ හිටපු කතා නායක චමල් රාජපක්ෂ මහතා පාවිච්චි කළ නිල වාහනය බවද,කතා නායකවරයා වශයෙන් ඒ මුළු කාලයේදීම තමා පැළඳ වූයේ  හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට මැසු නිල කබායම බව‌ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

මල්වතු-අස්ගිරි-රාමඤ්ඤ මහා නිකායන්හී මහනාහිමිපාණන් වහන්සේලා බැහැ දුටු අවස්ථාවේදී කතා නායක කරු ජයසූරිය මහතා සිය චරිතාපදාන කෘතියේ මුල් පිටපත්ද උන්වහන්සේලා වෙත පිළිගැන්විය.

Advertiesment