Tuesday 14th of July 2020

English Tamil
Advertiesment


දෝෂාභියෝහය විසි වෙයි-ඩොනල්ඩ් ට්‍රම්ප් බලය රැක ගනියි


2020-02-06 1649

 (ජෝශප් ඩයස්)

බලය අයුතු ලෙස භාවිතා කරන්නේ යැයි චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝග යෝජනාවට අදාළව සෙනට් මණ්ඩලයේ බ්‍රහස්පතින්දා (06) පැවති ජන්ද විමසීමෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජය ගෙන තිබේ.   

බලය අයුතු ලෙස භාවිතා කරන බවට එල්ල වී තිබූ චෝදනාවට විරුද්ධව ජන්ද 52ක් සහ ඊට පක්ෂව ජන්ද 48 ලැබුණු අතර කොංග්‍රස් මණ්ඩලයේ කටුයුතුවලට බාධා එල්ල කරන බවට එල්ල වී තිබූ චෝදනාවට විරුද්ධව ජන්ද 53ක් සහ ඊට පක්ෂව ජන්ද 47ක් ලැබී තිබේ. 

මේ අනුව අදාළ චෝදනා දෙකම පරාජයවීම හේතුවෙන් දෝෂාභියෝග ක්‍රියාවලිය අවසන් වී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සිය ධූරයේ දිගටම කටුයුතු කිරීමට අවසරය ලැබී ඇත.

දෝෂාභයෝගය ක්‍රියාවලිය යටතේ ජනපතිවරයා එම ධූරයෙන් පහ කිරීමට 2/3ක ජන්ද ප්‍රමාණයක් අවශ්‍ය වුවත් අවම වශයෙන් බහුතර ජන්ද ප්‍රමාණයවත් ලබා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයට නොහැකි වූ අතර මේ හේතුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය දෙවන ධූර කාලය සදහා 2020 නොවැම්බර් මස 03 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නව ජවයකින් යුතුව මුහුණදීමට සූදානමින් සිටියි. 

Advertiesment