Sunday 20th of September 2020

English Tamil
Advertiesment


රංජිත් සජිත් එක්ක ගැටෙයි-සජිත් කිලී ඉදිරියේ වැඳ වැටෙයි 


2020-01-31 11353

ශෙවාන් ඩැනියෙල්ට ජාතික ලයිස්තුවයි-එජාප නි.නායකකමයි පොරොන්දු වෙයි

 

කිලීගේ ගෝලයින් හතරකට නාම යෝජනා-තුනකට ජාතික ලැයිස්තු 

 

කිලීගේ අතකොලුවක් වූ සජිත් එජාපයට කෙලී 

 

 "Born Again" සාන්තුවර ඉරාන් වික්‍රමරත්නගේ සළු පට අහසට    

(සුජිත් මංගල ද සිල්වා)

 

"සිරස" මාධ්‍ය ජාලයේ අයිතිකරු වන කිලී මහරජාගේ අතිශය සමීපතම ගෝලය වන ශෙවාන් ඩැනියෙල් මහතා මොණරාගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකඟ වීම සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැඩි ලෙස සිය විරෝධය පළ කර තිබේ.

එසේ කළ හොත් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දීමෙන් තමා වැළකී සිටින බව තර්ජනාත්මක ලෙස ඔහුට දැනුම් දී ඇති රංජිත් මද්දුම බණ්ඩාර මහතා,ශෙවාන් ඩැනියෙල් මහතා පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට අත්‍යවශ්‍ය නම් සිය පංගුවෙන් ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දුන්නාට තමාට ප්‍රශ්නයක් නොමැති බව ද දැනුම් දී තිබේ.

ශෙවාන් ඩැනියෙල් මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සහ අනාගතයේදී සිය නායකත්වය යටතේ ඔහුට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම ලබා දීමට සජිත් ප්‍රේමදාස මහතා කිලී මහරාජාට පොරොන්දු වී ඇත්තේ මේ අනුවය.

සජිත් ප්‍රේමදාස මහතා,කිලී මහරජා වෙත මේ පොරොන්දුව ලබා දී ඇත්තේ 2020 ජනවාරි මස 20 වැනි සඳුදා රාත්‍රියේ කොළඹ පිහිටි කිලී මහරාජාගේ නිවසකදී පැවැත් වූ රහස් සාකච්ඡාවකදී වන අතර මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සහ ශෙවාන් ඩැනියෙල් යන මහත්වරුන් ද එක්ව ඇත.

එහිදී තමා නම් කරන සිය ගෝලයින් සිව් දෙනෙකුට මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ද,ශෙවාන් ඩැනියෙල් මහතා ඇතුළු සිය ගෝලයින් තිදෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ද,ඊට අමතරව ශෙවාන් ඩැනියෙල් මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම ද ලබා දිය යුතු බව කිලී මහරාජා සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබෙන බව එක්සත් ජනතා පෙරමුණේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි මහතා "lankanewsweek" සමග හෙළිදරව් කර සිටියේය.

සජිත් ප්‍රේමදාස සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඊට සිය එකඟත්වය පළ කොට ඇති අතර එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ද කිලී මහරාජා එහිදී සජිත් ප්‍රේමදාස මහතා වෙත උපදෙස් දී ඇති බව ද සිරිමසිරි හපුආරච්චි මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.  

Advertiesment