Wednesday 23rd of September 2020

English Tamil
Advertiesment


සජිත්ගේ දකුණේ ඡන්ද පදනමින් මහ මැතිවරණයෙන් ගෝඨා පරදවනු බැහැ


2018-01-18 4347

ගෝඨා දකුණෙන් ගත් වැඩි ඡන්ද සංඛ්‍යාව සජිත්ට ලැබුණු මුළු ඡන්දවලට වඩා වැඩියි

 

ගෝඨාට දකුණේ ජන්ද 66%යි - සජිත්ට 44%යි - පරතරය 22%යි 

 

ජනාධිපතිවරණයේදී දකුණු පළාතේ (ගාල්ල-මාතර-හම්බන්තොට) ජන්ද  ප්‍රතිඵලය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් වැඩි ජන්ද සංඛ්‍යාවට වඩා සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් මුළු ජන්ද සංඛ්‍යාව අඩු බව හෙළි වී ඇත

ජනාධිපතිවරණයේදී දකුණු පළාතේ ජන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් මුළු ජන්ද සංඛ්‍යාවට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් වැඩි ජන්ද සංඛ්‍යාව ලක්ෂ හයකට අධිකය.

මේ බව හෙළි වී ඇත්තේ සිවිල් සමාජය නියෝජනය කරන විද්වතුන් කණ්ඩායමක් ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ට භාර දුන්විශේෂ වාර්තාවක් අනුවය.

උතුරු නැගෙනහිර හැරුණු කොට අනෙකුත් පළාත් 7න්  ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 66 ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිද්දී සජිත් ප්‍රේමදාස මහතා ලබා ගෙන ඇත්තේ සියයට 44 ක ජන්ද ප්‍රතිශතයක් බව එම විශ්ලේෂණ වාර්තාවේ දැක්වේ .

ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් නිකුත් කළ මෙම විශ්ලේෂණ වාර්තාව ජනාධිපතිවරණයට තරග කළ සියලු පක්ෂ නායකයින් වෙත භාර දීමට ද මෙම විද්වත් කණ්ඩායම පියවර ගෙන තිබේ .

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට උතුරු - නැගෙනහිර ජන්ද නොලැබීම සහ  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපෙක්ෂකයාට දකුණේ ජන්ද විශාල වශයෙන් අඩුවීම පිළිබඳව මේ වාර්තාවේ පුළුල් විග්‍රහයක් අන්තර් ගත වේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට සුළු ජාතික ජන්ද නොලැබීම ගැන පෙන්වා දෙන මේ වාර්තාව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට දකුණේ සිංහල බෞද්ධ ජන්ද වගේම මධ්‍යම පාන්තික ජන්ද අඩුවීම ගැන ද දක්වා ඇත.

Advertiesment