Wednesday 25th of November 2020

English Tamil
Advertiesment


එජාපය ගොඩගන්න කතානායක සූදානම්-කොන්දේසි මෙන්න


2020-01-16 5032

(සුජිත් මංගල ද සිල්වා)

සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් පූර්ණ සහ පුළුල් ප්‍රතිසන්ධනයක් ඔස්සේ එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගා විජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම භාර ගැනීමට තමා සූදානම් බව කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

කෙසේ නමුත් තමාට එම වගකීම භාර ගත හැක්කේ තමා ඉදිරිපත් කර තිබෙන කොන්දේසි පහට එකඟ වන්නේ නම් පමණකැයි ද කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ජ්‍යෙෂ්ඨයින්ට දැනුම් දී තිබේ. 

ඒ අනුව එම වගකීම් භාර ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂයට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න පුර්ණ බලයක් තමාට අවශ්‍ය බව අවධාරණය කර සිටින කරු ජයසූරිය මහතා එම බලය තමා වෙත පැවරිය යුත්තේ පක්ෂයේ වත්මන්  නායකයා රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් බව ද කියා සිටියි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වගේම පාර්ලිමේන්තු කණ්ඩායමේ ද එකඟත්වය අවශ්‍යයි බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාක්ෂිකයාගේ මතය නියෝජනය කරමින් පක්ෂ මහා සම්මේලනයකදී ඊට අනුමැතිය ලබා ගත යුතු බව ද අවධාරණය කර සිටියි.

Advertiesment