Thursday 24th of September 2020

English Tamil
Advertiesment


බල්ලා වනන්න නකුටට බැහැ-රනිල් වනන්න මනෝට බැහැ


2020-01-15 3021

සන්ධානයේ නායකයා තෝරන්න මනෝ ගනේෂන් කවුද..?

 

සිරිමසිරිගෙන් මනෝට බර අවි ප්‍රහාරයක් 

 

"කවුරු කවුරුත් ඇඟිල්ලේ තරමට ඉඳිමිය යුතුයි" 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා තෝරන්න ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්ට තිබෙන අයිතිය කුමක්දැයි එක්සත් ජනතා පෙරෙමුණේ නායක ආචර්ය සිරිමසිරි හපුආරච්චි මහතා ප්‍රශ්න කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරු ජයසූරිය මහතා නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා කරමින් සිටින ප්‍රකාශය සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" සමග වැඩි දුරටත් අදහස් දැක්වූ එක්සත් ජනතා පෙරෙමුණේ නායක ආචර්ය සිරිමසිරි හපුආරච්චි මහතා මෙසේද කීය.

විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන 160ක් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරනවා.එසේ තිබියදී එම සන්ධානයේ නායකයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ හෝ කරු ජයසූරිය නොව සජිත් ප්‍රේමදාස බව අවධාරණය කර සිටීමට මනෝ ගනේෂන්ට තිබෙන අයිතිය කුමක්ද..? එසේ කියා සිටීමට ඇත්තටම ඔහු කවුද..?

සිය නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සම්බන්ධයෙන් නම් සිය අභිමතය පරිදි තනි මතයට තීන්දු තීරණ ගැනීමට මනෝ ගනේෂන්ට හැකියාවක් තිබෙනවා.එනමුත් දේශපාලන පක්ෂ සහ සංවිධාන 160ක් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට අදාළව එවැනි තීන්දු තීරණ ගැනීමට හෝ ප්‍රකාශ නිකුත් කිරීමට හෝ බලපෑම් එල්ල කිරීමට ඔහුට අයිතියක්,හැකියාවක් සහ බලයක් ඇත්තේ නැහැ.ඇත්ත වශයෙන්ම මනෝ ගනේෂන් සිය තරම සහ සීමාව අවබෝධ කර ගෙන ක්‍රියා කළ යුතුයි.නකුට වනන්නේ බල්ලා විනා බල්ලා වැනීමට නකුටට නොහැකි බව මනෝ ගනේෂන් තේරුම් ගත යුතුයි.

ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා සහ සංහිඳියාව පිළිබඳ අමත්‍යවරයා වශයෙන් ක්‍රියා කළ වකවානුවේදී මනෝ ගනේෂන් මේ රටට-ජනාතවට-එක්සත් ජාතික පෙරමුණට කළ මෙහෙවරක් තිබෙනවාද..? මොහු ක්‍රියා කළේ තමා සහ තමා වටේ සිටින සුළුතරයේ පැවැත්ම පැවැත්ම,සුඛවිහරණය සහ වාසිය වෙනුවෙන් විතරයි.සිංහල බෞද්ධ අපේ මිනිස්සු දුක්ගැනවිලි,අවශ්‍යතා සහ ප්‍රශ්න රැගෙන එදා මේ අමාත්‍යංශයට ගියාම මේ මනෝ ගනේෂන් ඒ මිනිස්සුන්ට එක ලියුමක්වත් දුන්නේ නැහැ.සිංහල බෞද්ධ අපේ මිනිස්සුන්ට විතරක නොව අහිංසක සහ අන්ත අසරණ දෙමළ මිනිස්සුන්ටත් මොහු කළ සේවයක් ඇත්තේ නැහැ.

එක්සත් ජාතික පෙරමුණේ සිංහල බෞද්ධ පදනම දෙදරා යන්න මේ මනෝ ගනේෂන්ලා ඇතුළු සමහර අන්තවාදී දෙමළ සහ මුස්ලිම් නායකයින්ගේ ක්‍රියා කලාපය බලපෑ බව කිව යුතුයි.සිංහල බෞද්ධ පමණක් නොව දෙමළ ජනතාව අතර ද මනෝ ගනේෂන්ලාට ලොකු පදනමක් නොමැති අතර මේ අය මේ වන විට සිටින්නේ සම්පූර්ණයෙන්ම පිරිහිලා.එහෙව් පිරිහුණු නායකයින් මෙසේ එක්සත් ජාතික පක්ෂයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින් තේරීමට දරන උත්සාහය තරයේ හෙළා දකිනවා.

යමෙක් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා විය යුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නය හෝද හෝදා මඩේ ඔබමින් සමාජ ගත කිරීමට උත්සහ කරනවා නම්,ඔහු රනිල් වික්‍රමසිංහ පාර්ශවය නියෝජනය කළත් සජිත් ප්‍රේමදාස පාර්ශවය නියෝජනය කළත් ඔහු ඉටු කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බව කිව යුතුයි.ඒ මන්ද මහා මැතිවරණයේදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3/2 ලබා ගත හැකි වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ මේ නායකත්ව අර්බුදය නොනිමි අරගලයක් ලෙස පැවතුණොත් පමණක් වන නිසයි.  
    

Advertiesment