වෙළඳ පොළේ එළවලු මිල අධික බැවින් වහාම එම මිල පාලනය කිරීමට රජය පියවරක් ගත යුතු යැයිමහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
දුන් පොරොන්දු ඉටු නොකර "හඬ පටයක්" අල්ලා ගැනීම නිසා ආණ්ඩුව "මඩ ෆැක්ටරියක්" වී ඇතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කළේය.
ඔහු මේ බව පැවසුවේ දීර්ඝ කාලයක් මුළුල්ලේ අත හැර තිබුණු පේරාදෙණිය සති පොළ පැවති භූමි ප්‍රදේශය ගඟ වට කෝරළේ ප්‍රාදේශීය සභා අරමුදල් රුපියල් මිලියන 5.5ක වියදමින් සංවර්ධනය කොට විවෘත කිරිමේ අවස්ථාවට සෙනසුරාදා (11) එක් වෙමිනි.
අනතුරුව සති පොළෙහි නිරික්ෂණ චාරිකාවකටද එක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
"දීර්ඝ කාලයක් අතහැර දමා තිබුණ මෙම සති පොළ නැවත සංවර්ධනය කිරිම පිළිබඳව මා සතුටු වෙනවා. මන්ද ග්‍රාමීය ජනතාව බොහෝ දෙනෙක් මෙම පොළෙන් පහසුකම් සපයා ගත්තා.
එළවළු මිල අද ඉතා අධිකයි.ඉතින් රජය ඉක්මනින් මිල පාලනයක් ඇති කළ යුතුයි. මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉෂ්ඨ කරන්න ඔනෑ. ආණ්ඩුව මේ දවස්වල හඩ පටයක් අල්ලා ගෙන දඟලනවා. ආණ්ඩුව මඩ ෆැක්ටරියක් වෙලා.හිරිකිතයි... ධර්මද්වීපයක් හදන්නයි බලයට ආවේ. නමුත් අද හඩ පටයක් අල්ලා ගෙන රූපවාහිනි මාධ්‍ය සියල්ලම යොදා ගෙන අසභ්‍ය වචන පවා තිබෙන හඩපට ප්‍රචාරය කරනවා.ඒක හරිද..?
ජනපති දිවුරුම් දුන්නේ රුවන්වැලි මහා සෑය ඉදිරිපිට. අපේ පක්ෂයේ අයටත් ආරාධනා ලැබී තිබුණා ඒ රුවන්වැලි සෑය අබියස දිවුරුම් දීමේ උත්සවයට. රජයේ පළමු උත්සවය පැවැත්වුණෙත් "හූ" හඩ මධ්‍යයේ. "හූ" හඬ මධ්‍යයේ ආරම්භ කළ කිසිවක් සාර්ථක වන්නේ නැහැ.
මන්ත්‍රීවරයෙක්ගේ වගකීම අපි තේරුම්ගත යුතුයි. මමත් අවුරුදු 31ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මන්ති‍්‍රවරයෙක් කියන්නේ දුක් ගන්නා රාළ වගේ කෙනෙක්. මටත් නිතරම දුරකථන ඇමතුම් එනවා වෛද්‍යවරුන්ගෙන්, නීතිඥ මහත්වරුගෙන්, විනිසුරුවරුන්ගෙන්, ජනතාවගෙන්. ඒ අයට සිදු වූ අසාධාරණකම් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නයි ඒ අය අපිට කියන්නේ.මන්තී‍්‍රවරයෙක් වුණාම අපි ඒ අයගේ දුක අහලා යම්කිසි සහනයක් දෙන්න කටයුතු කරන්න ඕන.
ඉදිරි මහා මැතිවරණයට විපක්ෂය පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වෙනවා.මහා මැතිවරණට නායකත්වය දෙන්නේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමා.එතුමත් සමඟ අත්වැල් බැඳ ගෙන මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න සියලු දෙනාම සූදානම් විය යුතුයි"
Lanka Newsweek © 2024