Sunday 26th of January 2020

English Tamil
Advertiesment


තෙවැනි ලෝක යුද්ධයට අත වනන ඇමරිකානු-ඉරනියානු ගැටුම 


2020-01-09 1210

(රසල් සී පී බණ්ඩාරවත්ත)

ලොවම ගිනියම් කරමින් තෙවන ලෝක යුද්ධයට අත වනන සිදුවීම් පෙළක් ඇමරිකාව සහ ඉරානය මුල් කර ගනිමින් සිදු වෙමින් පවතී.ඇමරිකාවේ "සී.අයි.ඒ" සහ ඊශ්‍රායලයේ "මොසාඩ්" රහස් ඔත්තු සේවා එක්ව දියත් කළ  ප්‍රහාරයකින් 2020 ජනවාරි 03වැනිදා අලුයම ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල කළ "ඩ්‍රෝන" ප්‍රහාරයකින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා බල  ඇණියේ අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් කාසෙම් සුලෙයිමානී මරා දැමීමය. 

ඊට එකට එක කිරීමක් වශයෙන් ජනවාරි 8 අලුයම ඉරානය විසින් ඉරාකයේ එර්බිල් සහ අල් අසාද්හි පිහිටි ඇමරිකා එක්සත් ජනපද කඳවුරු දෙකකට එරෙහිව මිසයිල් ප‍්‍රහාර එල්ල කර මේ වන විට ඇමරිකානු සෙබළුන් 80 ක් පමණ මරා දමා එහි වගකීමද ඉරාණය භාර ගෙන අවසන්ය.මේ සමගම පර්සියානු ගල්ෆ් කලාපයේ යුදමය ආතතියක් උද්ගත වෙමින් පවතී.මේ අතර  ඉරානයේ ටෙහෙරාන් නගරයේ සිට යුක්රේනය බලා බදාදා (08) උදෑසන මගීන් 169 දෙනෙකු රැගෙන ගිය ගුවන් යානයද මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇත. එහි ගමන්ගත් මගීන් අතරින් බහුතරය යුරෝපීය ජාතින් බව හෙළිවේ.

රුසියාව සහ යුරෝපා රටවල් ඇතුළු ලෝක බලවතුන් "ඉරාන-ඇමරිකා" ගැටුම සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශවලින් පෙනී යන්නේ එවැනි යුද්ධයකට රටවල් ගණනාවක් සම්බන්ධ වී ලෝකයම වෙලාගත් විනාශකාරී යුද්ධයක් බවට එම යුද්ධය වර්ධනය වීමේ අවදානමක් ඇති බවය. මේ වන විට රුසියාව සෘජුවම ඉරානය වෙනුවෙන් පෙනී සිටිමින් සිය රටේ මිසයිල ආරක්ෂණ පද්ධතියේ සහය ඉරානයට සපයන බව කියා සිටීයි. ඉරානය සමග තුර්කියද එක් පිළකට එක් වෙමින් සිටියි.  

මීට පෙර ඉරාන ජනපතිවරයෙකු වූ අහමදි නෙජාඩ් ඉරාන අධ්‍යාත්මික නායක "Ayatollah Khomeini" ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ඊශ්‍රායලය ලෝක සිතුවමෙන් මකා දමන බවයි. යම් ගැටුමක් ආරම්භ වන්නේ ඇමරිකාවට රිදවීමට ඊශ්‍රායලට පහර දීමෙන් බවට බොහෝ දෙනෙක්  මත පළ  කරති.

සිය ආර්ථික සහ දේශපාලන බල අරමුණු වෙනුවෙන් ලෝකයම යුද්ධයක පටලවන, ලක්ෂ ගණනින් ජන ජීවිත බිලි ගන්නා ලෝක බල කඳවුරු විසින් දියත් කිරීමට සූදානම් වන ජන ඝාතක යුද්ධයෙන්  සමස්ථ ලෝකයම යළි කිසි කලෙක ගොඩ ගත නොහැකි මහා විනාශකාරී යුගයකට රැගෙන යන්නේ න්‍යෂ්ඨික අවි පිපිරීමත් සමගමය.

Advertiesment