Sunday 29th of November 2020

English Tamil
Advertiesment


මූල්‍ය බලය ඇති පාර්ලිමේන්තුවට වෝහාරිකය ඉදිරිපත් කරනු 


2020-01-11 6700

වෝහාරිකයට අනුව 2015ට පෙර රු.බිලියන 6600ක බැඳුම්කර විකුණලා

 

හැබැයි ඔක්කොම කතා කරන්නේ එජාප ආණ්ඩුව වික්ක බි.10 ගැන විතරයි  

 

2002 සිට 2015 දක්වා කාලය ඇතුළත මහින්ද රාජපක්ෂ රජය රුපියල් බිලියන 6600ක මහා බැංකු බැඳුම්කර විකුණා ඇති බව වෝහාරික විගණන  වාර්තාවේ සඳහන් වන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෙළි කර සිටියි. 

ඔහු මේ බව පැවසුවේ අඟහරුවාදා (07) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මහා බැංකු බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් පුළුල් සහ ගැඹුරු ලෙස කරුණු විමර්ශනය කළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරිම පිළිබදව සභාවේ අවධානය යොමු වූ අවස්ථාවේදීය. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

ගරු කථානායකතුමනි, මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. මට ලැබී ඇති තොරතුරුවලට අනුව යහ පාලන රජය මහා බැංකු බැඳුම්කර නිකුත් කර ඇත්තේ රුපියල් බිලියන 10ක පමණයි. නමුත් වෝහාරික විගණන වාර්තාව අනුව 2002 සිට 2015 දක්වා කාලයේදී රුපියල් බිලියන 6600ක බැඳුම්කර විකුණලා තිබෙනවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අප බල කර සිටින්නේ ඒ නිසයි.

ඒ මන්ද මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට.රුපියල්  බිලියන 10ක බැඳුම්කර නිකුත් කළා කියලා  අවුරුදු 4ක් කතා කළා. 2015ට කලින් බිලියන 6600ක් බැඳුම්කර විකිණීමේ පාඩුව කොපමණද..?     

 

 

Advertiesment