Wednesday 15th of July 2020

English Tamil
Advertiesment


සන්ධානය කරුට-එජාපය රනිල්ට-විපක්ෂය සජිත්ට 


2020-01-06 4928

ආණ්ඩුවට එරෙහි දේශපාලන ත්‍රිශුලයක් 

 

රනිල්-කරු-සජිත් එක් වෙති 

 

(සුජිත් මංගල ද සිල්වා)


එක්සත් ජාතික පක්ෂයයේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගීමට යන පුළුල් ජනතා සන්ධානයේ නායකත්වය පූර්ණ බලතල සහිතව කතානායක කරු ජයසූරිය මහතා වෙත පැවරීමට තීරණය වී තිබේ.

මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා තවත් කෙටි කලක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරනු ඇති අතර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරමින් සමස්ථ විපක්ෂයට නායකත්වය ලබා දෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මැදිහත්වීමෙන් ආණ්ඩුවට එරෙහිව ගොඩනගන මේ පුළුල් ජනතා සන්ධානයට පූර්ණ බලතල සහිතව නායකත්වය දෙද්දී ඔහුට අවශ්‍ය සහය සහ ශක්තිය ලබාදීම සඳහා පූර්ණ බලැති නායකත්ව මණ්ඩලයක් ද පත් කිරීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර නායකත්වය ද,කරු ජයසූරියගේ දේශීය සිංහල බෞද්ධ නායකත්වය සහ සජිත් ප්‍රේමදාසගේ ග්‍රාමීය නායකත්වය ද,එකට එකතු කර ගොඩනගන මේ අලුත්ම දේශපාලන සුසංයෝගය ආණ්ඩුවට එරෙහි ප්‍රබල දේශපාලන ත්‍රිශුලයක් වනු ඇති අතර එමගින් ජාතික දේශපාලන පොර පිටිය උඩු යටිකුරු කිරීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanewsweek" සමග පැවසීය.

එක්සත් ජාතික පෙරමුණු පාලනයක් රටේ යළි ස්ථාපිත කිරීමේ වගකීම සහ කාර්ය භාරය එක නායකයෙකුට පමණක් ඉටු කිරීමට නොහැකි බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ,කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන නායකයින් ත්‍රිත්වය සමග සියලු නායකයින්,ජ්‍යෙෂ්ඨයින් සහ නවකයින් එකට එක් විය යුතු බවත්  රටත්-ජනතාවත්-පාක්ෂිකයිනුත් ඉල්ලා සිටින මේ සුසංයෝගය කවුරුත් පිළිගත යුතු අතර තනිවම බුදුවීමට කිසිවෙකු උත්සහ නොකළ යුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.     

Advertiesment