Saturday 19th of September 2020

English Tamil
Advertiesment


කරූ එජාපයේ ඉදිරියට එනවාට බිය වෙලා ටිරාන් මව්බිමෙන් මඩ ගහලා


2019-12-31 5899

"කතා නායක කරූගෙන් පොලිස් කොමිසමට බලපෑම්" යන "මව්බිම" පුවත ටිරාන් අලස්ගේ "අතේ රෝලක්"

 

ටිරාන් අලස්ගේ හෙළුව කතා නායක හෙළිකරයි

 

 

(සුජිත් මංගල ද සිල්වා)

"කතා නායක කරූගෙන් පොලිස් කොමිසමට බලපෑම් යන ශීර්ෂය යටතේ මව්බිම පුවත්පත අගහරුවාදා (31) පළ කර තිබෙන ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය ‍ බව කතා නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනය මෙසේය

“කථානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම්” යන මැයෙන් අගහරුවාදා (31) දින ප්‍රධාන පෙලේ ජාතික පුවත්පතක පලව ඇති ප්‍රවෘත්තිය සෑම අකුරක් පාසාම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

පසුගිය දෙසැම්බර් 27 වන සිකුරාදා පොලිස් කොමිසමේ නිලධාරින් කැඳවා කථානායකවරයා විසින් බලපෑම් කල බවට එම පුවතේ සඳහන් වන නමුත්, කිසිදු විටක පොලිස් කොමිසමේ කවර හෝ නිලධාරියෙකු කථානායකවරයා විසින් කැඳවා බලපෑමක් සිදුකර නොමැත. (එහි සත්‍ය අසත්‍යතාවය පොලිස් කොමිසම වෙතින් තහවුරු කර ගැනීම මැනවි.)

සත්‍ය එසේ වන හෙයින්, මෙවැනි අසත්‍ය සහ පටු වුවමනාවන් මත මුළුමනින්ම ගොතන ලද පුවත් පලකිරිමෙන් සහ කථානායකවරයාට එරෙහිව දේශපාලනඥයින් කිහිපදෙනෙකු මේ දිනවල සැලසුම් සහිතව සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ තුළින් එතුමන් කිසිවිටකත් නොසැලෙනු ඇති බව මෑත ඉතිහාසය මගින් ඔප්පු කර ඇත.

ස්වාධීන කොමිසම් සභා ක්‍රියාවලියට පදනම සැපයූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය උදෙසා 1999 වසරේ සිටම කැප වු කරු ජයසුරිය මැතිඳුන් කථානායකවරයා ලෙස එම කොමිසම් සභාවන්හි ස්වාධීනත්වයට කැළලක් වන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබනු ඇත.

 

Advertiesment