Saturday 26th of September 2020

English Tamil
Advertiesment


පරපුරක් ගැන හැඟීමක් ඇති සිංහල බෞද්ධයෙකු එජාපයේ නායකයා විය යුතුයි


2019-12-23 7964

සජිත් ප්‍රේමදාස කෙරෙහි මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ලොකු විශ්වාසයක් නැහැ

 

මහා නා හිමි අනුශාසනා රනිල් නොසළකා හැරියොත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් එජාපයට සහයක් නැහැ

 

 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්විය යුත්තේ දු දරු පරපුරක් ගැන හැඟීමක් සහ අවබෝධයක් ඇති සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට පිළි ගත හැකි සිංහල බෞද්ධ නායකයෙකු යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරතන නා හිමියෝ අවධාරණය කර සිටිති.

මහා නා හිමියෝ මේ බව අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගතවී ඇති තත්වයට අදාළ විසදුම් සම්බන්ධයෙන් අවවාද සහ අනුශාසනා ලබා ගැනීම සඳහා එම පක්ෂයට මතවාදීව සහයෝගය පළ කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාලවල සක්‍රිය සේවයේ යෙදී සිටින මහාචර්යවරුන් සහ ආචාර්යවරුන් පිරිසක් උන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂයේ සිදුවිය යුතුව තිබෙන මේ ප්‍රතිසංධානය සම්බන්ධයෙන් තමන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ කතා නායක කරු ජයසුරිය යන මහත්වරුන් වෙත අවවාද සහ අනුශාසනා කර ඇති බවද අස්ගිරි මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරතන නා හිමියන් එහිදී අවධාරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි දැනට පුර්ණ විශ්වාසයක් තැබිය නොහැකි බව මෙහිදී පෙන්වා දී ඇති අස්ගිරි මහා නා හිමියන් ජාතික නායකයෙකු ලෙස ඔහු ගොඩ නැගෙන තුරු එක්සත් ජාතික පක්ෂ නායකත්වය සියලු ජාතින් සහ ආගමිකයින් පිළි ගන්නා දේශබන්දු කරු ජයසුරිය මහතා වෙත ලබා දිය හැකි යැයි ද පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමසීමකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයෙක් කියා සිටියේ මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරතන යන නා හිමිවරුන්ගේ අවවාද, අනුශාසනා සහ උපදෙස් මත සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙසත්, කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වගේම නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා හෝ උපදේශකයා ලෙසත් ක්‍රියා කරන ව්‍යුහය නිර්මාණය කරමින් පක්ෂයට අහිමි වී ගිය සිංහල බෞද්ධ උරුමය,පදනම සහ ස්වරූපය යළි තහවුරු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට තව දුරටත් මතවාදීව සහය පළ කිරීමෙන් වැළකී සිටීමට සියලුම විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් මේ වන විට තීරණය කර ඇති බවය.

Advertiesment