Wednesday 8th of July 2020

English Tamil
Advertiesment


කෝටි 27ක් සජිත් ණය වුණේ කෝටි 35ට ජලනි මිලට ගත් Jaal Salon නිසාද..?


2019-12-23 7736

ස්වාමියා ණයයි කියද්දී කෝටි 35ක් දී Salon එකක් ගන්න ජලනි ප්‍රේමදාසට සල්ලි කොහෙන්ද..?

 

Salon එක මිල දී ගෙන තිබෙන්නේ ලක්ෂ්මන් ෆොන්සේකාගේ ඥාතියෙකුගේ නමට

 

නඩුවලින් බේරෙන්න සජිත් ප්‍රේමදාස ජනපති අමතයි 

 

කෝටි 27ක් සජිත් ණයට ගත්තේ ජනපති වී රටේ සල්ලිවලින් ගෙවන්නද..?

 

කෝටි ගණන් ඔහුට ණයට දුන්නේ කවුරුන්ද,ඒ කිනම් අරමුණකින්ද..?

 

ණය කතාවෙන් හෙළි වන සජිත් ප්‍රේමදාසගේ දුර්වල කළමනාකරණය

 

 

 (සුමුදු පෙරේරා)

කොළඹ 07, maitland crescent හි අංක 15 A, දරන ස්ථානයේ පිහිටි සුප්‍රසිද්ධ සහ සුපිරි රූපලාවන්‍ය ආයතනයක් වන "Jaal Salon" ආයතනය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිය වන ජලනි ප්‍රේමදාස මහත්මිය රුපියල් කෝටී 35කට මිලදී ගෙන තිබෙන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් "lankanewsweek" වෙත තොරතුරු වාර්තා වෙයි.

ජලනි ප්‍රේමදාස මහත්මිය මේ සුපිරි රූපලාවන්‍ය ආයතනය රුපියල් කෝටි 35කට මිලදී ගෙන තිබෙන්න සිය නමින් හෝ සජිත් ප්‍රේමදාස මහතාගේ නමින් නොව, සජිත් ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපතමයෙකුවන ලක්ෂ්මන් ෆොන්සේකා මහතාගේ මස්සිනා කෙනෙකුගේ නමට බව ද ආරංචි මාර්ග පවසයි.

සුපිරි සහ සුප්‍රසිද්ධ රූපලාවන්‍ය ආයතනයක් වන මේ "Jaal Salon" රුපලාවන්‍ය ආයතනය ජලනි ප්‍රේමදාස මහත්මිය ආරම්භ කළේ 2008 වර්ෂයේදී වන අතර එදා සිට මේ දක්වාම ඇය මේ ආයතනය පවත්වා ගෙන ගියේ බදු පදනම යටතේ වන අතර එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පේනවා දෙන්නේ මේ ආයතනය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාද ආයෝජනය කර තිබෙන බවය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ඔහුට ලැබුණු දෙස් විදෙස් මුල්‍ය ආධාර භාරව සිටිමින් ඒ මුදල් සම්පූර්ණයෙන්ම කළමනාකරණය කළේ, මේ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය වන අතර සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා කිසිදු මැදිහත් වීමක් සිදු නොකළේය.

ජලනි ප්‍රේමදාස මහත්මිය රුපියල් කෝටී 35ක් දී මේ රූපලාවන්‍ය ආයතනය මිලදී ගැනීමේ සිද්ධිය ගැන කරුණු හෙළිදරව් වී, එම ගණුදෙනුව කරළියට පැමිණ ඇත්තේ ජනාධිපතිවරණය වෙනුවෙන් තමා රුපියල් කෝටි 27ක් ණය වී සිටින බවට සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයත් සමග ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඔහුට ලැබුණු මුල්‍ය ආධාරවලට සිදු වුයේ කුමක්ද යන්න පිළිබඳව ඇතැම් පිරිස් උනන්දුවෙන් කරනු ලැබූ කරුණු සොයා බැලීම්වලදීය.

මේ අතර ජනාධිපතිවරණය ව්‍යාපාරය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණු දේශීය සහ විදේශීය මුල්‍ය ආධාරවලින් ජලනි ප්‍රේමදාස මහතා මහත්මිය සහ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා එකට එක්වී "Jaal Salon" ආයතනය මිලදී ගත්තාද යන ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ සහ එම පෙරමුණේ ක්‍රියාකාරීහු මේ වන විට මතු කරමින් සිටිති.

උද්ගතවී තිබෙන තත්ත්වය සහ මේ සිද්ධීන් සම්බන්ධයෙන් "lankanewsweek " සමග අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ගණනාවක් මෙසේ පැවසූහ.

"ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් තමා රුපියල් කෝටි 27ක් ණය වී සිටින අතර එම ණය ගෙවා ගැනීමට හැකියාවක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටිනවා. තමාට ගෙවා ගැනීමට නොහැකි නම් ඔහු මේ තරම් අති විශාල මුදලක් ණයට ගත්තේ ඇයි..? ඒ කිනම් පදනක් යටතේද..?

තමාට ගෙවීමට හැකියාවක් නොමැති බව දැන දැනම සජිත් ප්‍රේමදාස මහතා මේ අති විශාල මුදල ණයට ගත්තේ ජනාධිපතිවරණය ජය ගෙන තමා ජනාධිපති වුණොත් රටේ සහ ජනතාවගේ සල්ලිවලින් එම ණය ගෙවා දැමීමේ අරමුණ ඇතිවද..? ඇත්තටම ජනාධිපතිවරණය ජය ගත්තා නම් ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් තමා කෝටි 27ක් ණය වූ අතර ඒ ණය ගෙවා ගැනීමට තමාට හැකියාවක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා අවංකවම කියා සිටියිද..?

එමෙන්ම කිසිදු ව්‍යාපාරයක් හෝ මන්ත්‍රීකම හැරුණාම කිසිදු වෘත්තීයක් හෝ නොකරන සජිත් ප්‍රේමදාස මහතාට රුපියල් කෝටි 27ක් ණයට දුන්නේ කවුරුන්ද..? ඒ කිනම් අරමුණකින් සහ කිනම් පදනමක් යටතේද..? තමා ණය ගත් සහ තමාට ණය දුන් අය කවුරුන්ද කියා සජිත් ප්‍රේමදාස මහතා රටට ජනතාවට හෙළි නොකරන්නේ ඇයි..? මේ අනුව පැහැදිළි වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට කළමනාකරණ හැකියාවක් සහ මුල්‍ය පාලනය පිළිබඳ දැනුමක් වගේම පළපුරුද්දක් නොමැති බව නොවේද..?

ඇත්තටම ජලනි ප්‍රේමදාස මහත්මිය ලක්ෂ්මන් ෆොන්සේකා මහතාගේ ඥාතියෙකුගේ නමට "Jaal Salon" ආයතනය රුපියල් කෝටි 35ක් දී මිලදී ගත්තේ කෙසේද..? 2008 සිට මේ දක්වා කාලය ඇතුළත දී, එනම් අවුරුදු එකොළහකදී එම ආයතනයෙන් රුපියල් කෝටි 35ක් ලාභය ලෙස උපයා ගැනීමට ජලනි ප්‍රේමදාස මහත්මිය සමත් වුණාද ..?

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ලැබුණු දේශීය සහ විදේශීය මුදල් ආධාරවලින් ජලනි ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකා මේ අයතනය මිලදී නොගත්තා නම් ඒ අය ඒ සඳහා සල්ලි සොයා ගත්තේ කෙසේද..? මේ ආයතනය මිලදී ගැනීම සඳහා ඇයට කවුරුන් හෝ මුල්‍ය පරිත්‍යාගයක් කළාද..? එසේනම් ඒ කවුරුන්ද..? එසේ කළා නම් ඒ කිනම් අරමුණක් සහ පදනමක් යටතේද..?

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග "lankanewsweek" සමග තහවුරු කර සිටියේ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා, සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටී ගණනක මුදලක් අව භාවිතය කළේ යැයි කියන සිද්ධිය ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ "Jaal Salon" ගණුදෙණුවට අදාළවද සාක්ෂි සාධක සහිතව සියලු ලිපි ගොණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබෙන බවය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවා අත්‍ අඩංගුවට ගැනීමට හැකියාවක් සහ පසුබිමක් තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඍජුවම කියා සිටියේ මේ පසුබිම යටතේය.

මේ සියලු කරුණු කාරණා සහ ඉදිරියේදී සිදු විය හැකි සිද්ධීන් පිළිබඳ හොද අවබෝධයකින් සිටින සජිත් ප්‍රේමදාස මහතා, ගෙවුණු සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකතනයෙන් කතා කළ බව "lankanewsweek" වගකීමෙන් යුතුව කියා සිටින්නෙමු.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකතනයෙන් කතා කර ඇති සජිත් ප්‍රේමදාස මහතා, ඔහු හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇති නමුත් ජනාධිපතිවරයා මෙතෙක් ඔහුට එම අවස්ථාව ලබා දී නොමැති බවද "lankanewsweek "තහවුරු කර සිටින්නෙමු.

 

 

Advertiesment