Wednesday 24th of April 2024

English Tamil
Advertiesment


නායකත්වය රැක ගන්න රනිල් එජාප ජාතික ලැයිස්තුව වෙන්දේසියේ විකුණයි


2019-12-22 7765

වික්‍රමබාහු කරුනාරත්නත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ලණුව කාළා

 

ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න යොවුන් පෙරමුණ අභ්‍යන්තරයේ යුද්ධයක්

 

සිය නායකත්වය පිළිගන්නා යාචකයෙකුට වුණත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් දෙන්නැයි රනිල් නියෝග කරයි

 

 

(සුජිත් මංගල ද සිල්වා)

සිය නායකත්වය රැක ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ඒ ඒ සංවිධානවල ප්‍රධානීන්ට සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කුඩා දේශපාලන පක්ෂ නායකයින්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් පොරොන්දු වෙමින් සිටියි.

ඒ අනුව ගෙවුණු සතිය මුළුල්ලේ ජාතික යොවුන් පෙරමුණ,ජාතික නීතිඥ සංගමය සහ සන්නිවේදන බලකාය ඇතුළු එක්සත් ජාතික පක්ෂයට අනුබද්දිත සංවිධාන සිරිකොතට කැඳවා ඇති රනිල් වික්‍රමසිංහ මහතා 2020 මහා මැතිවරණයෙන් පසු එම නියෝජිතයින් අතරින් සුදුස්සන් තෝරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කරන බව දැනුම් දී තිබේ.

ඒ වෙනුවෙන් තමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සිටිය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයේ සංවාදයක් ඇති කරමින් මතවාදයක් ගොඩ නගන ලෙසද එම මතය ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සකච්ඡා පවත්වමින් රටත් ජනතාවත් හමුවේ තහවුරු කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා මේ නියෝජිතයින්ගෙන් ඉල්ලා තිබේ.

මේ අතර වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමා සිරි හපුආරච්චි ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නියිජනය කරන කුඩා දේශපාලන පක්ෂ නායකයින් කැඳවා රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙන්න ඒ අයට ද ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් ලබා දෙන බවය.

තමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තව දුරටත් රැදී සිටිය යුතු බවට වන ස්ථාවරයේ සිටින සියලු දෙනා වෙනුවෙන් දිනපතා අකණ්ඩවම සිරිකොත මුලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡා සංවිධානය කර එම මතය ජන මාධ්‍ය ඔස්සේ කෙසේ හෝ ප්‍රචාරය කරවන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිය මාධ්‍ය ලේකම් ප්‍රවීන මාධ්‍යවේදී පියසේන දිසානායක මහතාට නියෝග කර ඇත.

වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ ජාතික නීතිඥ සංගමයේ ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර යන මහත්වරු ඇතුළු පිරිස රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සිටිය යුතු බවට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මේ පසුබිම මතය.

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණයන් සමග කියා තිබෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් එම පෙරමුණට කෙසේ හෝ ලබා දීමේ වගකීම තමා භාර ගන්නා නිසා කිසිදු බියකින් සහ සැකයකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය වෙනුවෙන් පෙනී සිටින ලෙසය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග තමාට මේ ගනුදෙනුව ඉතා පහසුවෙන බේරා ගත හැකි අතර ඔහු තමා කරන ඉල්ලීම් කිසිසේත් නොසලකා නොහරින බව ද අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික යොවුන් පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තව දුරටත් රැදී සිටිය යුතු බවට සංවාදයක් ඇති කරමින් පක්ෂ අභ්‍යන්තරයේ සහ ජනතාව අතර එම මතය තහවුරු කිරීම කෙසේ වෙතත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දිනා ගැනීම සඳහා ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් අතර මේ වන විට විශාල තරගයක් නිර්මාණය වී ඇත.

ජාතික යොවුන් පෙරමුණ ජාතික නීතිඥ සංගමය සහ සන්නිවේදන බලකාය ඇතුළු එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත සංවිධාන සිරිකොත මුලස්ථානයට රැස් වී රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තව දුරටත් රැදී සිටිය යුතු බව අවධාරණය කළේ යැයි යනුවෙන් ජනමාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රවෘත්ති පළ වුණත් මේ කියන රැස්වීම්වලට මේ සංවිධාන නියෝජනය කරමින් පැමිණියේ එම සංවිධානවල බහුතර සාමාජිකයින් පිරිසක් නොව රනිල් වික්‍රමසිංහ හිතවාදී දස දෙනෙකු හෝ පහළොස් දෙනෙකු වැනි අතිශය සුළුතරයක් බව සිරිකොත මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග ඉතා වගකීමෙන් යුතුව කියා සිටියේය.

 

 

Advertiesment