Sunday 26th of January 2020

English Tamil
Advertiesment


චම්පික රණවකගේ ප්‍රබලත්වය රාජපක්ෂ පාඨලී බියෙන් හෙළි වුණා


2019-12-19 4712

වීරයන් බිහි වන්නේ සතුරන්ගේ තැලුම්වල පන්නරයෙනි

 

පාඨලී චම්පික රණවක මහතා අනීතික ලෙස අත් අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ ඔහු ජාතික දේශපාලනයේ කෙතරම් ප්‍රබල චරිතයක්ද යන්න පිළිබදව යැයි දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටින්නේ පාඨලී චම්පික රණවක මහතා අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ විශේෂ සටහනක් තබමින් වන අතර එම සම්පුර්ණ සටහන මෙසේය...

"දඩයම ඇරඹුනා පමණකි.

වීරයන් බිහිවන්නේ සතුරන්ගේ තැලුම් වලින් එන පන්නරයෙන් මිස අන් කිසිවකින් නොවේ.

විශේෂත්වය, පාඨලී එහි පළමු බිල්ල වීම පමණි.

ඔහු ප්‍රතිවාදී කදවුරේ මුහවත් අසිපතක් බව දන්නා..

දීන,

නිවටයින්,

ම්ලේච්ච ලෙස තරගයට අවතීර්ණ වී සිටී.

මේ රටේ පහළ ස්ථරයේ සිට ඉහල නැගි පාඨලී වැනි මිනිසෙකු සිරගත කොට පරාජය කිරීමට සිතීම පවා විහිළුවක් වන්නේ ඔහුගේ ශක්තිය අපි හොදින්ම දන්නා නිසාය.

මේ අත් අඩංගුවට ගැනීම පාඨලීව තවත් ඔසවා තැබීමක් බව බලයෙන් අන්ධ වුනු මිනිසුන්ට තේරෙන්නේ නැත.

අනෙක මේ පලිගැනීම තුල කියවෙන වටිනාම කාරණාවානම් දේශපාලනය තුල පාඨලී කෙතරම් ප්‍රබල මිනිසෙකුද යන්නයි.

කිව ඇත්තේ එකකි.

විශිෂ්ට සටන් සගයාණනි..

අප ඔබ තනි නොකරන්නෙමු..

ජයග්‍රහණයට වඩා ඔබ පරාජයේදී අප සමග සිටි විශිෂ්ටයෙකි.

එබැවින්..

මේ රටේ ප්‍රගතිශීලී ජන පවුර ඔබ වෙනුවෙන් බලමුළු ගන්වා යහපත් රටක ඔබගේ සිහිනය වෙනුවෙන් අපි සටන් කරනෙමු.

මම රාජිත සේනාරත්න"

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment