Sunday 29th of November 2020

English Tamil
Advertiesment


එජාප නායකත්වය කරූට දී සිංහල බෞද්ධ පදනමයි-උරුමයයි තහවුරු කරනු 


2019-12-16 17765

මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් රනිල්ට ආඥාවක් 

 

කරූගේ නායකත්වය සජිත් පිළි ගත යුතුයි 

 

රනිල්ගේ සේවය රටටයි-පක්ෂයටයි තව දුරටත් ඕනෑ 

 

තවත් නායක-අනු නායක හිමිවරුන් පහළොස් දෙනෙකුගෙන් රනිල්ට ලිඛිත නියෝගයක් 

 

එජාපයයි-කරුයි වටා සංඝ සුනාමියක් 

(සුජිත් මංගල ද සිල්වා)  

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සිංහල බෞද්ධ ප්‍රබුද්ධ නායකයෙකු වන කරු ජයසූරිය මහතා වෙත දැන්වත් ලබා දී පක්ෂයේ සිංහල බෞද්ධ උරුමය සහ පදනම තහවුරු කරන්නැයි මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරතන නා හිමිවරුන් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත උපදෙස් දී තිබේ.

කෘතහස්ථ,පරිනත සහ ලොව පිළිගත් දේශපාලන නායකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා සහ අනුශාසකවරයා ලෙස තවදුරටත්  ක්‍රියා කරන්නැයි ද,මේ වන විට සිය කාලය අවසන් වී ඇති අතර අලුත් නායකත්වයක් පක්ෂයට අවශ්‍ය වී ඇති බව තේරුම් ගන්නැයි ද,මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. 

මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරතන නා හිමිවරුන් මේ බව අවධාරණය කර ඇත්තේ 2019 දෙසැම්බර් 03 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේලා බැහැ දුටු අවස්ථාවේදීය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේ උන්වහන්සේලාගේ විශේෂ කැඳවීමකට අනුව වන අතර මහා නා හිමිවරුන් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර මුහුණට මුහුණ වෙන වෙනම අතිශය පෞද්ගලිකව පැවති මේ හමුවේදී සාකච්ඡා කෙරුණු මේ කරුණු පිළිබඳව කිසිදු තොරතුරක් කිසිදු මුද්‍රිත,විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍යයක මේ දක්වා පළ නොවිණි.

මහා නා හිමිවරුන්ගේ එම උපදෙස්,අවවාද,අනුශාසනා සහ ඉල්ලීම් පිළි ගෙන ඇති රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේලා හමුවේ සපථ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණයේ මාවතට යොමු කර තමා ඉක්මනින්ම පක්ෂ නායකත්වයෙන් සමු ගන්නා අතර නායකත්වයේ එල්ලී සිටීමට තමා කිසි විටෙකවත් උත්සහ නොකරන බවය.

මේ අතර කරු ජයසූරිය මහතා වෙත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දී පක්ෂයට අහිමි වී ගිය සිංහල බෞද්ධ පදනම සහ උරුමය ද,ප්‍රබුද්ධත්වය,විනය,වැදගත්කම වගේම අභිමානය ද යළි තහවුරු කරන්නැයි අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මකුරුප්පේ රතනපාල රතනජෝති නා හිමි ප්‍රධාන නායක සහ අනු නායක හිමිවරුන් පහළොස් දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කරු ජයසූරිය මහතාගේ නායකත්වය,ජ්‍යෙෂ්ඨත්වය සහ සිංහල බෞද්ධ උරුමය පිළි ගත යුතු බව අවධාරණය කර සිටින එම මහා නා හිමිවරු ද රනිල් වික්‍රමසිංහ මහතාගේ සේවය රටට,ජනතාවට සහ පක්ෂයට තව දුරටත් අවශ්‍ය බව ද සපථ කර සිටිති.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ද,අවවාද,අනුශාසනා සහ උපදෙස් ද,ලබා දෙමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මකුරුප්පේ රතනපාල රතනජෝති නා හිමි ප්‍රධාන නායක සහ අනු නායක හිමිවරුන් පහළොස් දෙනා රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇති විශේෂ ලිපිය මෙසේය.   

 

 

Advertiesment