Thursday 25th of April 2024

English Tamil
Advertiesment


කතානයකටවත් නොදන්වා පාර්ලිමේන්තුව කල් දැමීම සැකයි -කිරිඇල්ල-


2019-12-09 7676

කතානායකටවත් නොදන්වා පාර්ලිමේන්තුව කල් දැමීම විශාල සැකයක් මතු කරන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  කාලයේ රුපියල් ලක්ෂ 20ක ප‍්‍රතිපාදන මත සංවර්ධනය කළ මහනුවර දන්තුරේ බෝධිමාලකාරාම මෙහෙණි ආරාමයේ පිවිසුම් මාර්ගය විවෘත කිරිමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍යවේදින් හමුවේ අදහස් දක්වමිනි. 

පාර්ලිමේන්තුවේ සභා නායකවරයා වගේම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන,මහනුවර සහ කන්ද උඩරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිදු කළ ශාසනික මෙහෙවර අගයමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙතා  උපහාර තිළිණයක්ද මහා සංඝ රත්නය විසින් මෙහිදී ප්‍රදානය කරනු ලැබිණ. 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
නිදහසින් පසු දහසය වතාවක් ආණ්ඩු වෙනස් වුණා. බලයට පත් වූ ආණ්ඩුවත් කාලයාගේ ඇවෑමෙන් වෙනස් වේවි. ඒ නිසා ඉවසීමෙන් ඉන්න  ඕන. අපි එක්සත් ජාතික පක්ෂය ලෙස තනතුරු වෙනස්කම් සමඟ ඉදිරියට යන්න සූදානම්. පක්ෂය විසින් සජිත් පේ‍්‍රමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා ලෙස නම් කළා. නමුත් ආණ්ඩුව පාර්ලිමේන්තුව කල්දමා තිබෙනවා. ජනවාරි මාසයේ  පාර්ලිමේන්තුව කැඳවූ වහාම ඒ බව නිල වශයෙන් කතානායකතුමන් ප‍්‍රකාශ කරාවි. 

කුමන හේතුවකට පාර්ලිමේන්තුව මෙතරම් කාලයකට කල් දැමුවාද යන්න අපටත් ප්‍රෙහේළිකාවක්. රටේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ පිළිබඳ සාකච්ඡා  කිරිමට පාර්ලිමේන්තුව තිබිය යුතුයි. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව අවම වශයෙන් කතානායකතුමාටවත් දැනුම් දිය යුතුයි. නමුත් එවැනි දැනුම්දීමක් සිදු කරලා නැහැ.  

Advertiesment