Tuesday 21st of January 2020

English Tamil
Advertiesment


උපත් පාලනයට මුවා වී වර්ණවත් ජාතීන් ලෝකයෙන් තුරන් කිරීම


2019-12-08 1659

(දේශප්‍රිය නානායක්‌කාර)

මානව ඉතිහාසයේද, ග්‍රහලෝක පරිණාමයේද ඉතා තීරණාත්මක 21 වැනි සියවස පසුකර ඊළඟ සහශ්‍රකයට මිනිසා ළඟාවෙද්දී ප්‍රචණ්‌ඩත්වයද, අසමතුලිත පාරිසරික, ආර්ථික, සමාජීය දියුණුවත් හේතුවෙන් ස්‌වයං විනාශයේ උගුලට මැදිව ඇති බව හොඳින්ම පෙනෙන කාරණයකි. සහෝදර ජනී ජනයා දස දහස්‌ ගණනින් ගැටුම්, ජාතිවාදී අරගල, සාගතය, වසංගත, මන්දපෝෂණය ආදී නොයෙකුත් කාරණා හේතුවෙන් මහත් ව්‍යසනයන්ට මුහුණදී සිටිති.

ජාතික රාජ්‍යයන්ට ගෝලීය තර්ජන, ජාති හා පවුල්වලට අන් කවරදාකවත් ඇති නොවුණු අභියෝගද, දිළිඳු ජනතාවද, සරණාගත ජනතාවද, ප්‍රමාණයෙන් තව තවත් වර්ධනය වෙමින් පවතින අතර සමස්‌ත මිනිස්‌ සමාජ චරිතයම අනාරක්‌ෂිත භාවයෙන් බියට පත්වී ඇත.

ස්‌වභාවික පරිසරයේ ඇති වන නොයෙකුත් විෂමතා මෙන්ම 1930 න් පසු ඇති වූ දරුණුතම විරැකියා ප්‍රශ්නයද ඊට මූලික ලෙස බලපා ඇති අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව 30% ක්‌ පමණ එනම්, මිලියන 820 කට පමණ 1990 දශකයේ දී රැකියා නැතිවී ගොස්‌ තිබේ.

ගෝලීය විරැකියාව වැඩිවීමත් සමග මිනිසුන් සෑම දිනකම නිරාහාරව සිටින බව ප්‍රකාශිතය. දකුණේ ජනගහනයෙන් 1/3 ක්‌ පමණ එනම් බිලියන 1.3 කට ආසන්න සංඛ්‍යාවක්‌ දරුණු ආර්ථික හා සමාජීය අරමුණු හමුවේ තම ජීවිතය ගෙවා දමන අතර ඔවුනට ජීවත් වීමේ මූලික අවශ්‍යතාව වූ සෞඛ්‍ය ආරක්‌ෂාව, පිරිසිදු වතුර වැනි දෑ අහිමි ගොස්‌ ඇති අතර තුන්වන ලෝකයේ සෑම දිනකම අවුරුදු 5 ට අඩු ළමයි, 35000 ක්‌ පමණ දුගී බව හා ඊට සම්බන්ධ කරුණු හේතුවෙන් මියයන බව ඹභෘඡ මූලාශ්‍රයන්හි සඳහන්ය.

එක්‌සත් ජනපදයේ ළමයින්ගෙන් 20% ක්‌ පමණ ජීවත් වන්නේ පිළිගත් දුගී රේඛාවට පහළින් බව එක්‌සත් ජාතීන්ගේ මානව දර්ශකයන්හි සඳහන් ය. පාරිසරික විනාශය හා දුගී බව නිසා ඇතිවන පීඩාකාරිත්වය හේතුවෙන් ගොඩනැඟෙන විවිධ බලපෑම්වලට වැඩිපුරම ගොදුරු වන්නේ ළමයින් හා ස්‌ත්‍රීන්ය. ගෝලයේ දුප්පත් ජනයාගෙන් 70% ක්‌ වූ අකුරු නොදත් වැඩිහිටියන් බිලියනයෙන් මිලියන 600 ක්‌ පමණ වන්නේ කාන්තාවන් බව 1995 එක්‌සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ දක්‌වා ඇත.

ඒ අතර යුද්ධ, ආයුධ නිෂ්පාදනය අවි අත්හදා බැලීම නිසා මහා සාගරයත්, අභ්‍යවකාශයත්, පාථිවියත් මහත් ව්‍යසනයන්ට මුහුණදී ඇත. එම ක්‍රියාවලියන් හි සෘජු ප්‍රතිඵල වශයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම, ඕසෝන් වියන සිදුරුවීම, උත්තර ධ්‍රැවයේ ග්ලැසියර දියවීම නිසා ඉහළට නැංවෙන සාගර ජල මට්‌ටම, මායා දොරටු, එල්නිනෝ, ලානිනෝ ආදී දේශගුණික වෙනස්‌වීම් හේතුවෙන් ධ්‍රැව ප්‍රදේශවලට සිදුවන නොයෙකුත් ආකාරයේ බලපෑම් මහා කොරල්පරයත්, සාගර කොරල් සංචිතය විනාශ වීමත් ආදී විශ්ව ප්‍රගමනයට දරාගත නොහැකි දිගුකාලීන පීඩාවන් උක්‌ත ක්‍රියාවන් නිසා මේ වන විට සජීවීකරණය වී ඇත.

මීට ප්‍රධානතම හේතුව වනුයේ උතුරු ගෝලීය රාජ්‍යයන්ගේ සුදු හම ඇති මිනිසුන්ගේ අසීමිත වුවමනාවන් සපුරා ගැනීමේ හිතුවක්‌කාරී බලකාමී ව්‍යසන ක්‍රියාවන්ය.

ලෝකයේ දැනට ඇති න්‍යෂ්ටික අවි ප්‍රමාණය 8400 ක්‌ පමණ වන අතර ඉන් 2000 ක්‌ පමණ ඕනෑම මොහොතක ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයේ සූදානමින් තබා ඇත. ඉහත න්‍යෂ්ටික අවිවල පිපිරුම් බලය හිරෝෂිමා නාගසාකි නගරවලදී පුපුරුවා හරින ලද බෝම්බවලට වඩා අති ප්‍රබලය. 2008 වසරේ සිය හමුදා නවීකරණය සඳහා පමණක්‌ ඇමරිකා එක්‌සත් ජනපදය ඩොලර් මිලියන 607 ක්‌ වියදම් කර ඇති බව අන්තර්ජාතික සාම පර්යේෂණ ආයතනයේ ස්‌ටෝක්‌ හෝම් මූලාශ්‍රයන් හි සඳහන්ය.

සීතල යුද්ධය අවසන් වී ඇතත් "ගෝලීය ඊනියා සාම ලාභාංශය" ගැන පුරසාරම් දොඩවන මහා බලවතුන් ඒ අතරතුරේදී තම සංග්‍රාම පිරිවැය අඩුකර නැත. ලෝක ජනගහනයෙන් 45% ක්‌ වූ දුප්පත් ජනයාගේ සමස්‌ත ආදායමට වඩා වැඩි වූ ඉහත සඳහන් කළ ලෝක බලවතුන්ගේ සංග්‍රාම පිරිවැය ඩොලර් ටි්‍රලියන ගණනකි. සංවර්ධනය වෙමින් පවත්නා රටවල් පවා 1994-2002 කාල වකවානුවේදී ඩොලර් බිලියන 118 කට වඩා සංග්‍රාම පිරිවැය සඳහා වෙන් කළහ. ජගත් සංග්‍රාමික බල ඇණියේ ප්‍රධානියා වූ ඇමරිකාව 1996-2002 යන කාලසීමා දෙක තුළදී පමණක්‌ යුද අවි සඳහා ඩොලර් ටි්‍රලියන 1.8 ක්‌ පමණ වියදම් කර ඇති බව ඒ හා සම්බන්ධ මූලාශ්‍රයන් හි සඳහන්ය.

1945-1992 අතර කාලයේ දී ලෝකවාසීන් විශාල යුද්ධ 149 ක්‌ දැක ඇති අතර 1994 දී අවිගත් සටන් 164 ක්‌ වූ අතර ඉන් වැඩි කෙටසක්‌ වර්ගවාදී සටන් විය. 1995 දී කළ සංගණනයට අනුව සරණාගත ජනතාව මිලියන 50 කට වඩා වැඩි වූ අතර වර්තමානයේ ලෝකයේ සෑම මිනිසුන් 115 දෙනකුගෙන් එක්‌ අයෙකුම සරණාගත බව එක්‌සත් ජාතීන්ගේ 1994 මානව සංවර්ධන දර්ශකයේ දක්‌වා ඇත. අද වන විට මේ තත්ත්වය දෙගුණයකටත් වඩා වී ඇතැයි සිතීමට බොහෝ කරුණු යෙදී ඇත. 19 වන ශත වර්ෂයේ සිට මේ ආකාරයට ගිනියම් වූ ලෝකය 20-21 ශතවර්ෂවලදී තවදුරටත් ගිනියම් වනු නොවනුමානය.

මානව ප්‍රගමනයේද, ග්‍රහලෝක පරිනාමයේද ඇති වී ඇති ඉහත අර්බුද සඳහා මූලිකව බලපා ඇත්තේ ජනගහන වර්ධනය බව ලෝක ගෝලයේ උතුරු ප්‍රදේශයේ රාජ්‍යයන් හි ඒකායන විශ්වාසයයි. මෙම ජනගහන වර්ධනය පිළිබඳ මතවාදය මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ මැල්තිසියානුවාදය මගිනි. 1798 දී තෝමස්‌ රොබර්ට්‌ මැලිතස්‌ විසින් උක්‌ත මතවාදය ජගත් ප්‍රජාවට හඳුන්වාදී ඇත. මෙම මතවාදයේ මූලික හරය නම් මානව ප්‍රගමනයද ග්‍රහලෝක පරිණාමයද මුහුණදෙන සියලුම ගැටලුවල ආරම්භය ජනගහන වර්ධනය බවයි.

එමනිසා ගෝලීය ජනගහන වර්ධනය පාලනය කළ යුතු යෑයි උක්‌ත මතවාදයේ අදහසය. උක්‌ත මැල්තස්‌ වාදයේ මූලික හරය වශයෙන් එක්‌ අතකින් පිළිගැනීමට හැක්‌කේ ඉඩකඩම් දේපළ අහිමි දුප්පත් ජනයා පෘථිවියට මහා බරක්‌ බවය.

ස්‌වභාවධර්මයේ විචිත්‍ර බව ලෝකයේ උගත්, වැදගත්, ධනවත් මිනිසුන් සඳහා වඩා යෝග්‍ය බව ඔහුගේ අදහසයි. ඒ අනුව යමින් දුප්පත් ජනයා ඒ, ඒ සමාජ ක්‍රමයට අනවශ්‍ය බරක්‌ බවත් ප්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍ය, සන්නිවේදන ආදී පොදු ආධාර සේවා නිසා ඔවුන්ගේ කම්මැලිකම වැඩිවී ඔවුන් තම සමාජ වගකීම පැහැර හැරීමටත් දරු ඵල වැඩි කර ගැනීමටත් කටයුතු කරන බවට ඔවුහු තර්ක කළෝය.

අපට නොපෙනුනත් වසර 300 ක පමණ කාලයක සිට ක්‍රමානුකූලව සමාජගත වූ ඉහත සඳහන් කළ මැල්තිසියානු වාදයට 1970 අග භාගයේ දී බර්නාඩ් බෙරේල්සන් හා ස්‌ටැන්ලි ලිබර්සන් යන ජනලේඛන විශේෂඥයන් විසින් අලුත් ආකාරයක මුහුණුවරක්‌ හඳුන්වාදීමට කටයුතු කර ඇත. ඔවුන්ගේ තර්කය වූයේ ජනගහන වර්ධනය පාලනය කළ යුතු බවය. ඒ සඳහා රාජ්‍යයන් හෝ එවැනි කුමන හෝ යාන්ත්‍රණයක්‌ මූලික විය යුතු යෑයි අදහස්‌ කළ අතර එසේ කිරීමේදී මුලදී එතරම් දැඩි ආකාරයකට කටයුතු නොකර පසුව ඉතා තීව්‍ර ලෙස ජනගහනය පාලනය කළ යුතු යෑයි යෝජනා කර ඇත.

බර්නාඩ් බේරේල්සන් ඉන් නොනැවතී තවදුරටත් යෝජනා කර ඇත්තේ පානීය ජලයට හෝ සැපයෙන ආහාරවලට තාවකාලිකව වන්ධීකරණ බෙහෙත් එක්‌ කළ යුතු බවයි. ඒ අතරම ඔහුගේ තවත් අදහසක්‌ වූයේ දරුවන් ප්‍රසූත කිරීම සඳහා මුදල් ගෙවා බලපත්‍ර ලබාගත යුතු යෑයි නීති පැනවිය යුතු බවයි.

සියලුම ගැහැනු ළමයි බෙහෙත් කරල් හෝ උපත් පාලන ක්‍රම පාවිච්චි කර තාවකාලිකව වන්ධීකරණය කිරීම, සියලුම නීත්‍යනුකූල නොවන ගැබ් ගැනීම් ගබ්සා කිරීමට නියෝග කිරීම වැනි අවසාන විසඳුම්ද ඔවුන් යෝජනා කර ඇත්තේ ඨදඩැරබපැබඑ Eදෛරඑs එද සබකෙමැබජැ Feරඑසකසඑහ එයෑ eඑයසජ්ක ෂිsමැ යන අදහස්‌ ඉදිරිපත් කරමින් 1979 ඡදචමක්‌එසදබ aබා Deඩැකදචපැබඑ Reඩැසඅ ඪදකග05 සඟරාවට ලිපියක්‌ ලියමිනි.

ජීව විද්‍යාඥ ගැරට්‌ හාඩ්න් මැල්තිසියානුවාදය වඩාත් තීව්‍ර ලෙස සමාජගත කරලීමට ප්‍රයත්න දරන ලද තවත් අයෙකි. පෘථිවියේ ජීවත් වන සියලුම දෙනා රැකගත නොහැකි බවත් දියේ ගිලෙන්නට යන දුප්පතුන්ට හා දුර්වලයන්ට මැරෙන්න ඉඩදිය යුතු යෑයි ඔහු අදහස්‌ ඉදිරිපත් කළේය. එසේ කිරීමෙන් පමණක්‌ ජීවත් වන්නට සුදුසුම පුද්ගලයන්ට පමණක්‌ අවස්‌ථාව ලැබෙන බව ඔහු පැවසීය. ගැරට්‌ හාඩ්න් ඉහත විස්‌තර කළ සුදුස්‌සන් වශයෙන් සලකනු ලබන්නේ ලෝක ගෝලයේ උතුරේ ජීවත් වන සුදු හම ඇති ජනතාවය. ගැරට්‌ හාඩ්න් 1993 දී පළකළ සීමාවන් තුළ ජීවත් වීම  නමැති පොතෙහි දුප්පත් රටවලට ආහාර හා සංවර්ධන ආධාර අඩු කිරීම සහ දකුණු ගෝලයේ උත්පත්ති වර්ධන වේගය අඩු කිරීම සහ උතුරට ආගමනය වීමත් දැඩි නීතිරීති මගින් පාලනය කළ යුතු යෑයි යෝජනා කර ඇත.

ලොව පුරාම උත්පත්ති පාලන හේතුවෙන් 36% ක්‌ ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම වන්ධීකරණයට ලක්‌වී ඇත. සංවර්ධිත ලෝකයේ 15% ක්‌ වූ උක්‌ත ප්‍රමාණය සංවර්ධනය වන ලෝකයේ විශ්මයජනක ලෙස 45% ක්‌ පමණ වී ඇත. සමහර රටවල උපත් පාලන සංඛ්‍යාව අතර වන්ධීකරණ ප්‍රතිශතය ඉතා ඉහළය. නේපාලයේ 85.5% ක්‌ද, ඉන්දියාවේ 69.7% ක්‌ද, ඩොමිනිකන් ජනරජයේ 66.1% ක්‌ද, චීනයේ 49.1 ක්‌ද, ශ්‍රී ලංකාවේ 47.9% ක්‌ද, බ්‍රසීලයේ 44% ක්‌ද, තායිලන්තයේ 41.3% ක්‌ද, මෙක්‌සිකෝවේ 37.7% ක්‌ද වේ. පුරුෂ වන්ධීකරණය ස්‌ත්‍රී වන්ධීකරණය  වඩා සරල ශල්‍යකර්මයක්‌ වුවත් පවුල් සැලසුම්කරුවන් අතර වඩා ජනප්‍රිය පුළුල් වශයෙන් ලොව පුරාම සශ්‍රීකත්ව පාලනයට පාවිච්චි කරන්නේද ස්‌ත්‍රී වන්ධීකරණයයි. 1990-2000 දශකයේ දී පෝර්ටෝ රිකෝහි විවාහක දරුවන් ලබන වයසේ සිටින ස්‌ත්‍රීන්ගෙන් 46.8% ක්‌ද, චීනයේ 38.8% ක්‌ද, ශ්‍රී ලංකාවේ 31.4% ක්‌ද, ඉන්දියාවේ 31.3% ක්‌ද, බ්‍රසීලයේ 30.4% ක්‌ද, තායිලන්තයේ 30.4% ක්‌ද, වන්ධීකරණයට භාජනය කර ඇත. සංවර්ධනය වන රටවල උපත් පාලන පාවිච්චි කරන්නන් අතර 33% ක්‌ ස්‌ත්‍රීන් වන අතර 12% ක්‌ පුරුෂ වන්ධීකරණයයි. ඒ අතරම උප්පත්ති පාලන නිෂ්පාදන ක්‍රියාවලියද ඉතා ලාබදායී ව්‍යාපාරයක්‌ වන අතර ඩොලර් ටි්‍රලියන ගණනක්‌ වටිනා සුළු පිරිසක්‌ විසින් පාලනය කරනු ලබන ගෝලීය ව්‍යාපාරයකි.

වර්තමානයේ ගැහැනුන්ගේ දරු උපත් සීමාවීමත් උතුරු ගෝලයේ ජනයාට වාසිදායක නිසා මේ පිළිබඳ ඔව්හූ මුණිවත රකිමින් සිටිති. අධික ජනගහනය පිළිබඳ ඇති අනියත බිය හේතුවෙන් උත්තර ගෝලයේ විද්වතුන්ද, බලවතුන්ද දකුණු ගෝලයේ ස්‌ත්‍රී පුරුෂයන්ට තදබල ලෙස අනතුරුදායක වුවත් අවදානම් සහිත වුවත් සමහර උත්පත්ති පාලක තාක්‌ෂණ විධි හඳුන්වා දෙමින් භාවිතයට ගන්නා ලෙස නොයෙකුත් ව්‍යාපාර හරහා බලපෑම් කරලීම තවදුරටත් දකුණු ගෝලය පුරා වර්ධනය වෙමින් පවතී.

වන්ධීකරණ ක්‍රමවලින්ද ජාතියක්‌ වශයෙන් අප වැළකිය යුතුය. මන්ද 2050 දී තවත් මිලියන 50 ක ජනතාවක්‌ ලංකා පොළොවට එකතුවන හෙයිනි. නොයෙකුත් වන්ධීකරණ ඖෂධ හා උපකරණ පිළිබඳ නැවත නැවත අප සිතිය යුතුව ඇත. මක්‌නිසාද යත් 1948 නිදහස ලබන විට අපේ මව්බිමේ කාන්තාවන් ශක්‌තිමත් රුවති පංචකල්‍යාණය සහිත වුවත් අද ඒ තත්ත්වය වෙනස්‌ වී ඇත. හතිය, ඇදුම, හිසකෙස්‌ ගැලවීම, හිසරදය, අත්පා කැක්‌කුම, දත් කැක්‌කුම, කොන්දෙ අමාරුව, අක්‍රමවත් ඔසප් ක්‍රියාවලිය, ශ්‍රව්‍ය දෘෂ්‍ය දුර්වලතා හා සශ්‍රීක බව ප්‍රමාද වීම, පිළිකා ආදී අපේ කාන්තාවන්ට මීට පෙර නොතිබූ රෝගාබාධ අපේ ජාතියේ අත්තිවාරම බඳු ස්‌ත්‍රීන් වෙළාගෙන ඇත. අද අපට සිදුව ඇත්තේ ලක්‌ දෙරණ පුරා රෝහල් සංකීර්ණත් පිළිකා රෝහල් සංකීර්ණ වඩා පුළුල් කිරීමත් නවීකරණය කරලීමටත් කටයුතු කිරීමටය.

නමුත් ජාතියක්‌ වශයෙන් හෝ විද්වත් කණ්‌ඩායම් වශයෙන් හෝ ආගමික නායකයන් හෝ මේ පිළිබඳ ජනතාව දැනුවත් කරලීමේ වැඩසටහන් අද වන විටත් ක්‍රියාත්මක කර නැත. මහා සංස්‌කෘතියේ තිබූ ධරණීය යහපත් නොයෙකුත් හුරුපුරුදුවලින් ඈත් වී හුදකලා වූ ජනයාට මේ තත්ත්වය බොහෝ දුරට බලපා ඇත. එමනිසා අනාගත මිනිසා සොබාදහම විශ්වාස කරන එහි ආකෘතිය ගරුකරන මිහිපිටට ඔරොත්තු දෙන ජීවන රටාවකට ඇතුළුවීම ඉහත ව්‍යසනයනට හොඳම විසඳුමකි. එම යෝජනාවේ අදහස අප නැවත ගොන් කරත්ත යුගයට යන බව නොවන අතර, අභ්‍යවකාශය තරණය කරමින් දේශීයත්වය ආරක්‌ෂා කරගැනීමත්, ජාතියේ සෞඛ්‍ය ආරක්‌ෂා කර ගැනීමත්, මාරාන්තික රෝගාබාධවලින් තොර නිරෝගී ජාතියක්‌ ලක්‌ මාතාවට ලබාදීමත් එහි අදහසය. අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් කල්පනා කළ යුත්තේ අපේ මහා සංස්‌කෘතික ඉතිහාසයේ මේ සා රෝහල් හෝ ඉහත සඳහන් රෝගාබාධ අප වෙළාගෙන නොසිටි බවය. මේ පිළිබඳ ගැඹුරට අවධානය නොකරලීමෙන් සුදු හම ඇති ජාතීන්ගේ ආර්ථික සංවර්ධනයත් වර්ණවත් මිනිසුන්ගේ මරණයත් එකවරම සිදුවනු ඇත.

කෙසේ වෙතත් උපත් පාලනය පිළිබඳ අප කල්පනාකාරී විය යුත්තේ 2050 දී ජනගහනය ස්‌ථාවර වීමේදී තවත් මිලියන 50 ක්‌ ලක්‌ මෑණියන්ට එකතුවන හෙයිනි. ඒ පිළිබඳ අප කල්පනා කළ යුත්තේ ජනගහනය, ආගම, ජාතිය, දේශපාලන බලය පිළිබඳව අවබෝධයෙනි. මන්ද අද බොහෝ පවුල්වල වැඩිහිටියන්ට දරුවන් අට දහදෙනකු සිටියත් වර්තමාන පවුල්වල සමස්‌ත ළමයින් දෙදෙනෙකි. 2002 තිරසර සංවර්ධනය පිළිබඳව ලෝක සමුළුව කුමක්‌ සඳහා ද යන තේමාව වෙනුවෙන් ලියවුණු  මුළු ලොව එකම රටක්‌ වනු ඇතැයි යන ග්‍රන්ථයේද පැහැදිලි කරනුයේ ස්‌වදේශිකයන් ගෝලීයව වුවත් දේශීයත්වය රැකගත යුතු බවය. අකමැත්තෙන් වුවද කිව යුත්තේ උක්‌ත විස්‌තර කළ ව්‍යසනයන් බොහෝ විට සිංහලයන්ට පමණක්‌ම බලපා ක්‍රියාත්මක වන ක්‍රියාවලියක්‌ බවය.

 

Advertiesment