Tuesday 11th of August 2020

English Tamil
Advertiesment


මරණ සහ­ති­කය අතින් ගෙන ජීවත් වන ඉන්දීය කාන්තාවෝ


2019-12-08 1751

(ටිරෝනි වෑවලගේ)

ඉන්දි­යාව තුළ කාන්තා­වගේ ආර­ක්ෂාව සම්බ­න්ධව යළිත් උග්‍ර උද්ඝෝෂණ මේ වන විට පැතිර යමින් තිබේ. එයට හේතුව පසු­ගි­යදා ඉතා කෘෘර මර­ණ­ය­කට මුහුණ පෑ 27 හැවි­රිදි පශු වෛද්‍ය­ව­රි­ය­කගේ සිරුර හමු­වී­මය. ඇය පසු­ගිය නොවැ­ම්බර් 30 දින තම සේවාව නිම වී නිව­සට පැමි­ණෙ­මින් සිටි­යදී ඇයගේ ස්කූට­රයේ ටය­ර­ව­ලට හිතා මතා හානි කර පසුව ඒවා ප්‍රති­සං­ස්ක­ර­ණය කර ගැනී­මට ඇයගේ සහ­යට පැමිණි පුද්ග­ල­යන් සිව් දෙනෙකු අතින් දූෂ­ණ­යට ලක්ව මිය­ගොස් සිටි­යාය. බ්ලැන්ක­ට්ටු­වක ඔතා භූමි­තෙල් දමා ගිනි තබා තිබූ ඇයගේ සිරුර හමු­වූයේ පසු­ගිය දෙසැ­ම්බර් 2වැනි­දාය. ඇයගේ සිරුර හමුවී තිබුණේ හයි­ද්‍රා­බාද් සිට කිලෝ­මී­ටර් 50ක් දුර ශාද්න­ගර් ප්‍රදේ­ශ­යෙනි. එනම් ඇයගේ නිව­සට ඉතා ආස­න්න­යෙනි. සිදු­වී­මෙන් දින කිහි­ප­යක් ගත වන විට පුද්ග­ල­යන් සිව් දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හයි­ද්‍රා­බාද් පොලී­සිය සමත් විය. සිකුරාදා වන විට දැන ගන්නට ලැබුණේ මේ චූදිතයන් සිව් දෙනා වෙඩි තබා මරා දමා ඇති බවයි.

මේ සිදු­වීම ඉන්දි­යා­නු­වන්ගේ පම­ණක් නොව මුළු මහත් ලෝක­වා­සී­න්ගේම සිත් කම්පා­වට පත් කර­වන සුලු­බව අමු­තු­වෙන් කිව යුතු නොවේ. මේ සිදු­වීම මූලික කර ගනි­මින්, එහෙත් ඉන්දි­යාව පුරා අතී­තයේ සිදුවූ, මේ වන විටද නොක­ඩවා සිදු­වන ස්ත්‍රී හිංසන සහ ඝාතන අර­මුණු කර ගනි­මින් උද්ඝෝ­ෂණ රැල්ලක් මේ වන විටද පැතිර යමින් තිබේ. එහෙත් කණා­ග­ටු­වට කාර­ණය වන්නේ ඒ කිසි­ව­කින් ඉන්දි­යාවේ ස්ත්‍රී හිංසන සහ ඝාතන සංස්කෘ­තිය අඩ­පණ නොවී­මය. ඒ සම්බ­න්ධව කිසි­වක් කිරී­මට එරට රජය අපො­හො­සත් වීමය.

දත්ත වාර්තා අනුව ඉන්දි­යාවේ සෑම මිනිත්තු තුන­කට වරක් කාන්තා­වක් කිනම් හෝ අත­ව­ර­ය­කට පත් වන්නීය. එම අත­වර හෝ හිංසන ගෘහස්ථ හිංසන, ලිංගික හිංසන සහ ඝාතන යනු­වෙන් සර­ලව වර්ග කර දැක්විය හැකිය. ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමා­නා­ත්මතා දර්ශ­කයේ පහ­ළින්ම සිටින රට­වල් අත­රට ඉන්දි­යා­වද එක්ව තිබීම පුදු­ම­යට කරු­ණක් නොවේය. එම දර්ශ­කයේ ඉහ­ළින්ම නෙද­ර්ල­න්තය, ඩෙන්මා­ර්කය, ස්විස්ට­ර්ල­න්තය, නෝර්වේ, ෆින්ල­න්තය යන රට­වල් සිටි­යදී එහි පහ­ළින්ම සිටින රට­වල් වන්නේ යේම­නය, ඇෆ්ග­නි­ස්තා­නය, නයි­ජී­රි­යාව, කොංගෝ වැනි රට­වල්ය. ඉන්දි­යාවේ ඇතැම් ප්‍රදේ­ශ­වල කාන්තා­වන්ගේ තත්ත්වය අය­හ­පත් නොවන අතර ඇතැම් ප්‍රදේ­ශ­වල කාන්තා­වන් මුහුණ දෙන තත්ත්වය ඉතා දුක්ඛි­තය.

එසේ වීමට ඉන්දි­යානු සංස්කෘ­ති­යද විශාල හේතු­වක්ව පව­තින බව සඳ­හන් කළ යුතු­මය. ඉන්දි­යානු පිරි­මින් අත­රින් සිය­යට 65ක් විශ්වාස කරන්නේ කාන්තා­වන් ප්‍රච­ණ්ඩ­ත්වය දරා සිටිය යුතු බවය. පවුල හෝ පවුලේ නම්බුව ආරක්ෂා කර ගැනීම, පියාගේ, සැමි­යාගේ මතය තර්ක නොනගා පිළි­ගැ­නීම සහ එයට ඉහ­ළින් කට­යුතු නොකි­රීම කාන්තාව සතු වග­කීම් ලෙස ඉන්දීය පිරි­මින් අත­රින් වැඩි දෙනාගේ විශ්වා­ස­යයි. එමෙන්ම කාන්තා­වට තැළීම තම අයි­ති­වා­සි­ක­මක් ලෙසද ඔවුහු සිතති. මේ හේතු­වෙන්ම ඉන්දීය කාන්තා­වන් මුහුණ දෙන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඝාතන අත­රින් වැඩි ප්‍රමා­ණ­යක් මාධ්‍ය­යට නිරා­ව­ර­ණය නොවී­මද බර­ප­තළ තත්ත්ව­යක් සේ සැල­කිය යුතුය.

ඉන්දීය කාන්තා­වන් මුහුණ දෙන හිංසන වර්ග කිහි­ප­යක් ලෙස හඳු­නා­ගත හැකිය. දෑවැදි මරණ ඒ අතර ප්‍රධාන වේ. මෙහිදී සිදු­වන්නේ විවා­හ­යේදී ලබා දෙන දෑවැද්ද ප්‍රමා­ණ­වත් නොවීම හේතු­වෙන් විවා­හ­යෙන් පසු පුරු­ෂ­යාගේ පවුල තුළ කාන්තාව හිංස­න­යට ලක්වී­මය. මේ හිංසන මර­ණය දක්වාම දීර්ඝ විය හැකිය. දෑවැදි මරණ ඝාත­න­යන් හෝ සිය­දිවි නසා ගැනීම් විල­සින් දැක ගත හැකි වනු ඇත. එහිදී වස­දීම, එල්ලීම, ගිනි තැබිම යනාදී ඝාතන ක්‍රම භාවිත කරන බව සුල­බව දැක ගත හැකිව තිබේ. 2012 වස­රේදී වාර්තා වී ඇති දෑවැදි මරණ සංඛ්‍යාව 8233කි.

පවුලේ නම්බුව උදෙසා සිදු­ක­රන මරණ යනු­වෙන්ද වර්ගී­ක­ර­ණය කළ හැකි ඝාත­න­ව­ලට මුහුණ දීමට ඉන්දීය කාන්තා­වන්ට සිදුව තිබේ. එම ඝාතන බොහෝ විට ස්වකීය පවුලේ සාමා­ජි­ක­යන් විසින්ම සිදු කරනු ලබන අතර අස­ල්වැ­සි­යන්ගේ සහා­යද ඒ සඳහා ලැබෙනු දැක ගත හැකිය. යෝජිත විවාහ ප්‍රති­ක්ෂේප කිරීම, පවු­ලට නොගැළ­පෙන සහ­ක­රු­වකු තෝරා ගැනීම යනාදී හේතු මෙවැනි ඝාතන සඳහා හේතු වේ.

ඉන්දි­යාවේ ඇතැම් ප්‍රදේ­ශ­වල කාන්තා­වන් ඝාත­න­යට ලක්වන්නේ මවගේ කුස තුළ සිටි­ය­දී­මය. බොහෝ විට පිරිමි දරු­වන් බලා­පො­රොත්තු වන දෙම­වු­පියෝ දරු­වාගේ ස්ත්‍රී පුරුෂ භාවය කල් තබා හඳු­නා­ගෙන ඝාතන සිදු කරති. එමෙන්ම ඇතැම් කුඩා දැරි­වි­යන් උපත ලද විගස මරා දැමෙන බවද වාර්තා වී තිබේ.

මෙයට අම­ත­රව ගෘහස්ථ හිංස­නය, බල­හ­ත්කාරී ළමා විවාහ, ඇසිඩ් ගැසීම් යනාදී සිදු­වීම් ඉතා විශාල සංඛ්‍යා­ව­කට ඉන්දි­යාව පුරා කාන්තාව දින­පතා මුහුණ දෙති.

ඉන්දීය කාන්තා­වන් මුහුණ දෙන ප්‍රධා­න­තම සහ බර­ප­ත­ළම තත්ත්වය වන්නේ දූෂ­ණය කොට මරා දැමී­මය. එයින්ද සමූහ දූෂ­ණය යනු වඩාත්ම නර­කම තත්ත්ව­යයි. 2015 වස­රේදී මෙවැනි සිදු­වීම් 34651ක් වාර්තා විය. මෙවැනි සිදු­වී­ම්ව­ලට මුහුණ පාන බොහෝ කාන්තා­වන්ගේ නම ප්‍රසිද්ධ නොකි­රී­මට ඉන්දීය බල­ධා­රීන් කට­යුතු කරති. ‘නිර්භයා’ ඒ සඳහා හොඳම උදා­හ­ර­ණ­යකි. 2012 වසරේ දෙසැ­ම්බර් මාස­යේදී සමූහ දූෂ­ණ­යට ලක් වූ ඇයට විදෙස් ප්‍රති­කාර පවා ලබා දීමට ඉන්දීය රජය කට­යුතු කළද ඇයගේ මර­ණය වළ­ක්වා­ලී­මට නොහැකි විය. මේ සිදු­වී­මෙන් ඉන්දි­යාවේ සමා­නා­ත්ම­තාව කැමති බොහෝ දෙනෙකු වීථි බැස කාන්තා­වන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කරන ලෙස රජ­යට බල­පෑම් කළහ. එහිදී මාධ්‍යට පැමිණි නිර්භ­යාගේ පවුලේ සාමා­ජි­ක­යන් නිර්භයාගේ සැබෑ නම ජෝති සිං පාණ්ඩේ බව හෙළි­ද­රව් කළහ.

ඉන්දීය අධි­ක­ර­ණය ඇයව සමූහ දූෂ­ණ­යට ලක් කළ පුද්ග­ල­යන් අත­රින් සිව් දෙනෙ­කුට මර­ණීය දණ්ඩ­නය නියම කළේය. එහෙත් ඉන්දීය කාන්තා­වන් මුහුණ දෙන ජීවි­ත ­ත­ර්ජන බිඳ­කින් හෝ අඩු­වී­මට මේ සිදු­වීම් හේතු­වක් නොවූ බව එයින් පසුව මේ දක්වා සිදුවී ඇති සිදු­වී­ම්ව­ලින් පැහැ­දිලි වේ.

එමෙන්ම පසු­ගි­යදා සමූහ දූෂ­ණ­යට සහ ඝාත­න­යට ලක් වූ පශු වෛද්‍ය­ව­රි­යගේ නමද මේ දක්වා මාධ්‍ය­යට නිකුත් කර නැත.

මෙවැනි සිදු­වීම් වැඩි වශ­යෙන් වාර්තා වන්නා වූ හයි­ද්‍රා­බාද් පොලී­සිය කාන්තා­වන්ගේ ආර­ක්ෂාව වෙනු­වෙන් නොයෙක් වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කර­මින් උත්සාහ දැරූ­වද ඒ කිසි­වක් අවශ්‍ය ප්‍රති­ඵල ලබා දීමට අපො­හො­සත් බව සනාථ වී තිබේ. ඒ සිය­ල්ලෙන් පැහැ­දිලි වන්නේ ඉන්දීය සමා­ජයේ කාන්තාව සම්බ­න්ධ­යෙන් වන මතය වෙනස් වන තුරු කාන්තාව අනා­ර­ක්ෂිත බවය.

ඉන්දීය සිති­යමේ හැඩය අනුව බිය­පත්ව දිව­යන කාන්තා­ව­කගේ රූපය සිතු­ව­මට නැගූ එක්තරා සිත්ත­රකු එහි සඳ­හන් කර තිබුණේ නිද­හ­සින් වසර හැත්තෑ­ව­කට පසු ඉන්දි­යාවේ ස්වරූ­පය මෙයට වඩා සාර්ථ­කව සිතු­ව­මට නැගී­මට තමන්ට නොහැකි බවයි.

 

 

(සිළුමිණ)
Advertiesment