Thursday 12th of December 2019

English Tamil
Advertiesment


රමේෂ් පතිරණ දොස්තර හොඳ හිතට පක්ෂ විපක්ෂ උණුසුම් සුභ පැතුම්


2019-12-01 3062

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලයේ සිටින දූෂණ ,වංචා සහ අක්‍රමිකතා නොමැති එකම දේශපාලන නායකයා දොස්තර රමේෂ් පතිරණ බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අවධාරණය කර සිටිති.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේදී බ්‍රහස්පාතින්දා(28) පැවැත්වූ සාකච්ඡාවකදී එම මන්ත්‍රීවරුන් මේ සම්බන්දයෙන් සිය නායකයාගේ අවදානය යොමු කරවමින් අවධාරණය කර තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එවැනි ක්‍රියා මාර්ග බොහෝ අය අගය කරන බවය.

කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද දොස්තර රමේෂ් පතිරණ මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කිරීම අතිශයින් අගය කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපතිවරනයේදී ශ්‍රී ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ගාල්ල දිස්ත්‍රික්කය දිනවීම සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කරවමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ විජයග්‍රහණය තහවරු කිරීමෙන් තරුණ දේශපාලන නායකයෙකු ලෙස රමේෂ් පතිරණ මහතා සතුව තිබෙන දේශපාලන ශක්‍යතාවය,හැකියාව සහ කැපවීම මනාව පැහැදිලි වන්නේ යැයිද සඳහන් කළහ.

සිය මන්ත්‍රීවරුන්ගේ මේ කරුණු දැක්වීම සම්බන්දයෙන් ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මුළු ආණ්ඩුවම කර ගහ ගෙන යන්න සිටින එකම පිරිසිඳු දේශපාලන නායකයා දොස්තර රමේෂ් පතිරණ බවය.

 

Advertiesment