Sunday 8th of December 2019

English Tamil
Advertiesment


ඉන්දීය ජනයාගෙන් 51%ක් අල්ලසට ඇබ්බැහි වෙලා


2019-12-01 1229

‘ඉන්දියාව කියන්නේ දුෂණයේ උල්පත’ 

 

 ‘අල්ලස් නොදී හුස්මවත් ගන්න බැරි තරමට අල්ලස රජ කරනවා'

අල්ලස  ඉන්දියානුවන්ගේ දෛනික ජීවිතය බවට පත්ව තිබෙනවා. මේ බව මනාව සනාථ කරන පුවතක් පසු ගිය දා ඉන්දියාවෙන් වාර්තා වුණා.නව ජාතික දූෂණ වාර්තාවකට(new national corruption report)  අනුව ඉන්දියාවේ සෑම පුද්ගලයින් දෙදෙනෙකුගෙන්ම එක් අයෙකු පසු ගිය වසර තුළ අල්ලසක් ගෙවා ඇති අතර එය ‘එදිනෙදා ජීවිතයේ කොටසක්'(part and parcel of daily life)  ලෙස සැලකෙන බව සමීක්ෂණ වාර්තාව තමන් සොයා ගත් දෑ හෙළිකරමින් පවසනවා.                                                                                 
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ඉන්දියා ආයතනය (Transparency International India) සහ  සමාජ මාධ්‍ය වේදිකාවන් වන ලෝකල් සර්කල්ස්(LocalCircle) විසින් මෙම සමීක්ෂණය පවත්වා තිබෙනවා.                                            
එම වාර්තාවට අනුව පසු ගිය වසරේදී ඉන්දියාවේ අල්ලස 10% කින් අඩු වූ බව සොයා ගෙන තිබෙන නමුත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 51%ක් තමන් අල්ලස් ලබා දුන් බව පිළිගෙන තිබෙනවා. දූෂණය ‘ඉන්දියාවේ දෛනික ජීවිතයේ කොටසක්’ (part and parcel of daily life in India)  ලෙස පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර තිබුනා.එය විශේෂයෙන් අල්ලස්වලින් පිරී ඇති ප්‍රාදේශීය මට්ටමේ පුරවැසි සේවාවන්හි බහුලව දක්නට ලැබෙන බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.                                                                                                       
පසු ගිය අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද මෙම සමීක්ෂණය මගින් ඉන්දියාවේ ප්‍රාන්ත 28න් 20ක් හරහා ප්‍රතිචාර 190,000 ක් ලබා ගෙන තිබෙනවා. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 24%ක් පමණ පසු ගිය මාස 12 තුළ කිහිප වතාවක් අල්ලස් ලබා දුන් බව පැවසූ අතර ඉතිරි  27% දෙනා කියා සිටියේ තමන් එසේ කර ඇත්තේ එක් වරක් හෝ දෙවරක් පමණක් බවයි.                       
දේපොළ ලියා පදිංචි කිරීම සහ ඉඩම් ගැටලු විශාලතම දූෂණ අංශයන් වූ අතර ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 25%කට වැඩි ප්‍රමාණයක් අදාළ ප්‍රාදේශීය දෙපාර්තමේන්තු වෙත අල්ලස් ලබා දී තිබෙනවා. ඊළඟට සිටියේ පොලිස් බලකායවන අතර ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 19%ක් කියා සිටියේ තමන් අල්ලස්වලින් වැඩි ප්‍රමාණයක් පසු ගිය වසර තුළදී පොලීසියට ගෙවා ඇති බවයි.

බදු දෙපාර්තමේන්තුවට, ප්‍රවාහන කාර්යාලයට, මහ නගර සභාවලට සහ වෙනත් පළාත් පාලන ආයතනවලට ජනතාව අල්ලස් ලබා දුන් බව වාර්තාවේ දැක්වෙනවා.අල්ලස් හා දූෂණ මැඩ පැවැත්වීමට, දූෂණ විරෝධී පනතක් පසු ගිය වසරේ සංශෝධනය කිරීමට සහ ආරක්ෂක ආයතන පිහිටුවීමට ඉන්දීය රජය උත්සාහ කර තිබුණා. සංශෝධිත පනත් කෙටුම්පත යටතේ අල්ලස් ලබා ගැනීම සඳහා වසර හතක් දක්වා සිර දඬුවමක් හෝ දඩයක් හෝ දෙකම නියම කළ හැකියි. අල්ලස වැළැක්වීමේ නව ක්‍රියාමාර්ග ‘යම් ප‍්‍රතිඵලයක් පෙන්වීමට පටන් ගෙන තිබේ’ යැයි වාර්තාව පවසනවා. නමුත් එම වෙනස ප්‍රාදේශීය මට්ටමට තල්ලු වී නැති බවයි එය කියන්නේ. 
දූෂණය අවම කිරීමට තම ප්‍රාන්ත හෝ පළාත් පාලන ආයතන පියවර ගෙන ඇති බව කියා සිටියේ 6%ක් පමණයි. බොහෝ දෙනෙක් වාර්තා කළේ ‘කිසිවක් වෙනස් වී නැති’ බවයි. රජය පියවර ගන්නා විට, සමහර විට පියවරයන් පසු බසිනු ඇති බවයි වාර්තාව කියන්නේ. දූෂණයට එරෙහිව සටන් කිරීම සහ බදු පැහැර හැරීම් අවම කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි හදිසියේම ඉහළ වටිනාකමින් යුත් මුදල් තහනම් කිරීමත් සමඟ 2016 දී ඉන්දියාව අර්බුදයකට ඇද වැටුණා. මෝදි පැවසූ පරිදි, ‘එක රැයකින් රටේ විශාලතම බැංකු නෝට්ටු දෙකක් වැඩකට නැති කඩදාසි කැබලි’ (worthless pieces of paper) බවට පත් වුණා.                                                                                                   
එහෙත් මුදල් අවලංගු කිරීමේ පියවර කුඩා ව්‍යාපාර විනාශ කළ අතර මූලික වශයෙන් ‘මුදල් පදනම් කරගත් ආර්ථිකයක් අස්ථාවර’ කළා. මෝඩිගේ සැලැස්ම අවසානයේ අසාර්ථක වූයේ ‘දූෂිත ක්‍රියාවන් මගින් අයථා ලෙස උපයා ගත් මුදල් අවසානයේදී ඉන්දියානු ආර්ථිකයට අබලන් බලපෑමක් ඇති කරමින් නීත්‍යානුකූල කර ඇති බැවිනි’ යනුවෙන් TII වාර්තාව පවසනවා.                    
මේ වන විට අල්ලස් විරෝධි නියෝජිතායතන ‘ඔවුන්ගේ කාර්යභාරයන් ඉටු කිරීමට අපොහොසත් වී ඇති අතර, කොමිෂන් සභාවේ අකාර්යක්ෂමතාව සහ හැසිරවීම පිළිබඳ මහජනවා අතර විරෝධයක් තිබෙනවා. දූෂණයට එරෙහි උත්සාහයන් ‘පක්ෂග්‍රාහී දේශපාලනය’ විසින් අවහිර කර ඇති බවට යෝජනා කරමින් එය ‘ආණ්ඩුවේ පැත්තෙන් වැඩි දේශපාලන කැමැත්තක්’ ඉල්ලා සිටිනවා. 
 TII හි මව් සංවිධානය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව රාජ්‍ය අංශයේ දූෂණ පරිමාණයෙන් ඉන්දියාවට ලකුණු 41ක් හිමියි. ‘0 ඉතා දූෂිත හා 100 පිරිසිඳු’ බව සඳහන් වෙනවා.  සංවිධානයේ වෙබ් අඩවියට අනුවල 50 ට අඩු ඕනෑම ලකුණු සංඛ්‍යාවක් ‘බරපතල දූෂණ ගැටලුවක්’  (a serious corruption problem) පෙන්නුම් කරනවා.                              

Advertiesment