Sunday 8th of December 2019

English Tamil
Advertiesment


රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීම් දුන්නා නම් එජාපය පරදින්නේ නෑ -පුංචිනිළමේ-


2019-11-29 2333

රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න දුන්නානම්, එ.ජා.ප. රජය අන්ත පරාජයකට පත් වන්නේ නැතැයි ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසන්ත පුංචිනිළමේ මහතා ප්‍රකාශ කර සිටී.

ඔහු මේ බව පැවසුවේ බ්‍රහස්පතින්දා (28) දින කුඩා හා මධ්‍ය පරිමාණ, ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙසද ප්‍රකාශ කර සිටියේය.

මේ ඉදිරි කෙටි කාලය තුල ජනාධිපතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කරුණු ඉටු කිරීම සඳහා මහ ජනයා වෙනුවෙන් කටයුතු කිරීමට රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස අප පත් කර ඇති අතර මේ අමාත්‍යාංශය යටතේ ග‍්‍රාමීය ජනතාවට, මධ්‍යම පාන්තික ජනතාවට, ව්‍යාපාරික ප‍්‍රජාවට සුවිශාල සේවාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මීට කලින් රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න දුන්නේ නම්, එක්සත් ජාතික පක්ෂ රජයට අන්ත පරාජයකට පත් නොවෙන්න තිබුනා. හිටපු ප‍්‍රධාන අමාත්‍යවරුන් පමණක් තමන්ට අවශ්‍ය විදිහට කටයුතු කල නිසා, නියෝජ්‍ය, රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනතාවට සේවය කිරීමට නොහැකි වූ බැවින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පෙරමුණට මෙවර මැතිවරණයේදී අන්ත පරාජයකට මුහුණ දීමට සිදු වුනා.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ලෙස නොව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප‍්‍රායෝගික නායකයෙකු ලෙසත්, රාජ්‍ය අමාත්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී, තනතුරු, වරප‍්‍රසාද වැජබෙන්නට නොව මහජනතාව වෙත ගොස් සෙවය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මේ වන විටත් අපට උපදෙස් දී තිබෙනවා.

 

Advertiesment