Sunday 8th of December 2019

English Tamil
Advertiesment


රාජ්‍ය සේවයට සුදුස්සන් විතරයි-අත්තනෝමතික පත්වීම් නැහැ


2019-11-25 3036

විධායක රාජ්‍ය සේවකයින් තෝරන්න ජනපතිගෙන් කමිටුවක්

 

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සංස්ථා සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලවලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත තේරීම් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තේරීම් මණ්ඩලය ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති සුසන්ත රත්නායක,හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,ඩයන් ගෝමස්,ආචාර්ය නාලක ගොඩහේවා සහ වෙශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගෙන් සමන්විත බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන ලෙස වැඩි දියුණු කිරීම සඳහා මනා වෘතීය නිපුණත්වයක් සහිත ප්‍රධානීන් එම ආයතනවලට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණයට අනුව රාජ්‍ය ආයතනවල පත්වීම් සඳහා ලැබෙන නිර්දේශවලින් ඉහත තේරීම් මණ්ඩලය විසින් තෝරා ගන්නා පුද්ගලයන්ට පත්වීම් ලබා දෙන බවද එම ආරංචි මාර්ග පවසයි.

Advertiesment