Sunday 8th of December 2019

English Tamil
Advertiesment


සජිත්ගේ චෝදනා රනිල් ප්‍රතික්ෂේප කරයි


2019-11-22 2405

 

"සිංහල බෞද්ධ පදනම නැතිවීම ගැන අවධානය යොමුකරනවා"

 

සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩ පණ කළ බවට නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන් ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 

එතුමා මේ අදහස් පළ කළේ සිකුරාදා (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පවති මාධ්‍ය හමුවකදීය.

මේ යන්ත‍්‍රණයත් සිරිකොතත් මැතිවරණ ව්‍යාපාරයේ වැඩකටයුතු සිදු කළ බවට තමන්ට සහතික විය හැකි බව පැවසූ වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ අනාගතය ගැන සිතා නව නායකයන් ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරණය වෙනුවෙන් කටයුතු කළ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ලද පරාජය සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිලි දිගු කර චෝදනා කිරීමෙන් ඵලක් නොවන බවත් පැවසූ රනිල් වික‍්‍රමසිංහ මහතා බෞද්ධයන් ලෙස ඒ වරද වටහා ගෙන එය නිවැරදි කිරීමට පියවර ගත යුතුව ඇති බවත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද පදනම අහිමි වීම පිළිබඳව අවධානය යොමු කරන බවත් මින් පෙර එවැනි දෙයක් සිදු නොවූ බවත් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තව දුරටත් පැවසීය.මෙහිදී මේ පිළිබඳව අදහස් දක්වූ ඒ මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියේය.

“අපේ අවධානය යොමුවන්න ඕන අපේ පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවුණ එක. මීට කලින් ඒක වෙලා නෑ.

ඒ ගැන විශේෂයෙන් අපි හොයලා බැලිය යුතුයි. ඒ හරහා අනාගත තීරණ ගන්නවා වගේම විග්‍රහයක් කරන්නත් ඕන.

විග්‍රහයක් කරලා තමයි ඉදිරියට යන්න ඕන. අපි මේ පිළිබඳව ඇඟිලි දික්කර චෝදනා කර ගැනීම සාර්ථක වෙන්නේ නෑ”

 

Advertiesment