Tuesday 21st of January 2020

English Tamil
Advertiesment


යෝගට් සහ පෙනහළු පිළිකා අතර සම්බන්ධතාව සොයා ගනියි


2019-11-22 1721

දුම් පානය කරන්නන් අතර පවා ‘වැඩි තන්තු සහිත ආහාර’(Fiber-rich foods) හා 'යෝගට්' වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයින්ට, මෙම ආහාර වැඩිපුර ආහාරයට නොගන්නා අයට වඩා පෙනහළු පිළිකා(lung cancer) ඇති වීමේ අවදානම අඩු බව පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

ආසියාවේ, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ වැඩිහිටියන් මිලියන 1.45 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් කරමින් සිදු කරන ලද අධ්‍යයන 10 ක් ඇසුරින් මෙම දත්ත එක් රැස් කරන ලදී. 

යෝගට් අනුභව නොකළ පුද්ගලයින් හා සසඳන විට වැඩිපුර යෝගට් පරිභෝජනය කළ අයට පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම 19% අඩු බව විශ්ලේෂණයෙන් අනාවරණය වී තිබේ.

ආහාර වේලෙහි වැඩිපුර තන්තු සහිත ආහාර ගන්නා පුද්ගලයින්ට,  අවම වශයෙන් කෙඳි  සහිත ආහාර අනුභව කරන අයට වඩා පෙනහළු පිළිකා ඇති වීමේ අවදානම 17%ක් අඩුය.

වැඩිම තන්තු ප්‍රමාණයක් සහ වැඩිම යෝගට් පරිභෝජනයක් ඇති පුද්ගලයින්ට පෙනහළු පිළිකා ඇති වීම, අඩුවෙන් පරිභෝජනය කරන අයට වඩා 33% අඩු බව අධ්‍යයන කණ්ඩායම (study team reports in JAMA Oncology)වාර්තා කරයි.

‘පෙනහළු පිළිකා වැළැක්වීම සඳහා තන්තුමය ආහාර හා යෝගට් පරිභෝජනය වැඩි කිරීමෙන් නව සෞඛ්‍ය ප්‍රතිලාභයක් හිමිවන බව අපේ අධ්‍යයනය මගින් සොයා ගෙන තිබෙනවා’ ටෙනසිහි නැෂ්විල් හි වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ අධ්‍යයන කතු වරයකු වන වෛද්‍ය ෂියාඕ- ෂු පවසනවා. (senior study author Dr. Xiao-Ou Shu of Vanderbilt University Medical Center in Nashville, Tennessee, and colleagues write)

මෙම අධ්‍යයනය යෝගට් හෝ වැඩි තන්තු සහිත ආහාර ගැනීම පෙනහළු පිළිකාවලින් ආරක්ෂා වීමට හේතු වන බව ඔප්පු කිරීම සඳහා නිර්මාණය කරන ලද පාලිත පරීක්ෂණයක් නොවූවත්, මේ ආකාරයේ ආහාර බඩ වැල්වල ක්ෂුද්‍රජීවීන්ගේ වෙනස්කම් වලට තුඩු දිය හැකිය. අපගේ ආහාර ජීර්ණ පද්ධතියේ ජීවත්වන බැක්ටීරියා පිළිකා වලින් ආරක්ෂා වීමට උපකාරීවන බව අධ්‍යයන කතුවරුන් උපකල්පනය කරති.

වැඩි තන්තු සහිත ආහාර හා යෝගට් බඩ පපුව දැවිල්ලෙන් ආරක්ෂා වීමට උපකාරී වන අතර එමඟින් පිළිකා වර්ධනය වීමේ හැකියාව අඩු කර ගත හැකි බව පර්යේෂකයෝ පවසති.

තන්තු බහුල ආහාරවල සාමාන්‍යයෙන් පූර්ව ඖෂධ රාශියක් ඇති අතර, බඩ වැලේ පැසවිය හැකි හා ප්‍රයෝජනවත් බැක්ටීරියා සඳහා ආහාර ලෙස සේවය කළ හැකි සංයෝග අඩංගු වේ. යෝගට්වල එම ප්‍රයෝජනවත් බැක්ටීරියා හෝ ප්‍රෝබියොටික් අඩංගු වේ.

පර්යේෂණ අනුව බඩ වැල් ක්ෂුද්‍ර ජීව ප්‍රතිශක්තිකරණ පද්ධතියට සම්බන්ධ වේ. මෑතකදී කරන ලද සමහර අධ්‍යයනයන් මගින් පෙනහළු දැවිල්ල සඳහා බඩ වැල් ක්ෂුද්‍ර ජීව භූමිකාවක් ඉටු කළ හැකි බව අධ්‍යයන කතුවරුන් පෙන්වා දෙයි.

පර්යේෂකයන්ට අනුව දුම් පානය කිරීමේ පුරුදු ඇති කර ගැනීමෙන් පසුව පවා තන්තු හා යෝගට් ආහාරයට ගැනීමෙන් පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කර ගත හැකිය.

දුම් බොන පුද්ගලයින් සඳහා පෙනහළු පිළිකා අවදානම 31% ක් වන අතර දුම් පානය නොකරන්නන් සඳහා එය 24% ක් වේ.පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඔවුන් කුමන වර්ගයේ හෝ වැඩි තන්තු සහිත ආහාර හා යෝගට් වර්ගයක් හෝ මේද අන්තර්ගතයක් ආහාරයට නොගත් අය බවයි. 

“අපගේ අධ්‍යනයට අනුව ප්‍රථම වතාවට පෙනහළු පිළිකා අවදානම සඳහා වැඩි තන්තු සහිත ආහාර හා යෝගට් ආහාරයට ගැනීම අතර විභව සහ සම්බන්ධතාවයක් දක්නට ලැබුණි” යනුවෙන් අධ්‍යයන කතුවරුන් ලියයි.

“මෙම සොයාගැනීම් නැවත නැවත සිදු කිරීමට සහ යටින් පවතින යාන්ත්‍රණයන් ඉවත් කිරීමට වැඩි දුර පරීක්ෂණ අවශ්‍ය වුවද, පෙනහළු පිළිකා වැළැක්වීම සඳහා ආහාරමය තන්තු හා යෝගට් ප්‍රමාණය වැඩි කිරීමෙන් නව සෞඛ්‍ය ප්‍රතිලාභයක් අපේ අධ්‍යයනයෙන් යෝජනා කරයි.”

 

Advertiesment