හින්දි සිනමාව යළිත් පුනර්ජීවනය ලබමින් පවතී. බොක්ස් ඔෆිස් සාර්ථකත්වයේ ගතික බව දැන් වන විට වෙනස් වී ඇත. කෝටි 100යේ සීමාව කරා ළඟා වීමට චිත්‍රපට වලට තව දුරටත් පැරණි ජනප්‍රිය තරු මතම රැදී සිටීමට අවශ්‍ය නොවේ.
ආකර්ශනීය කතා පවුත් වලට බොහෝ ප්‍රේක්ෂකයින් දැඩි කැමැත්තක් දැක්වීම මෑත කාලයේ සිනමාවට තරුණ නළුවන්ගේ ආගමනය වැඩි වීමට හේතු වී තිබේ.
ඔව්, ඛාන් තවමත් ලොකු තාත්තලා. රන්බීර් කපූර්, රන්වීර් සිං, වරුන් ධවාන්, ආයුෂ්මාන් … ඇත්ත වශයෙන්ම සහස්‍රයේ සුපිරි තරු ය. එහෙත් සාම්ප්‍රදායික නොවන නවක දක්ෂයින් වන ටයිගර් ෂ්රොෆ්, විකී කෞෂාල් සහ කාර්තික් ආර්යන්… කෝටි 100කට වැඩි සමාජ ජාලා රසිකයින් සමග විශිෂ්ටත්වයට පැමිණ තිබේ.
එලෙසම දීපිකා පදුකෝන්, ආලියා බාත්, කත්රිනා කයිෆ් සහ අනුෂ්කා ෂර්මා තවමත් පේ්රක්ෂක ආකර්ෂණය උපරිමයෙන් දිනා ගෙන සිටින නමුත් අලුතින් බොලිවුඩයට එක් වුණ තරුණ නිළියන් වන සාරා අලී ඛාන්, ජන්වී කපූර් සහ අනන්‍යා පාණ්ඩේ නොසලකා හැරිය නොහැකිය. දැන් ඔවුන් නොසිතූ විරූ ලෙස සාර්ථකත්වයට පත්ව බොලිවුඩ් සිනමා වංශ කතාව අලුතින් ලියමින් සිටියි. මේ ඔවුන් ගැන ඔබ නොදන්නා කරුණු දැක්වෙන ලිපියයි.
තරුණ ජන්වී කපූර් කර්මාන්තයට පිවිසියේ ඇගේ අභාවප්‍රාප්ත මව වන ශ්‍රීදේවිගේ උරුමය ඉදිරියට ගෙන යාම සඳහායි. තම මවගේ මරණයේ කම්පනය සමඟ සහස්‍රයට පිවිසි ඇයව අපේක්ෂා කළාටත් වඩා ඉහලින් ප්‍රේක්ෂකයන් වැළඳ ගත්හ.
"Dhadak" සමග ඇය ජාතියේ පෙම්වතිය 'nation’s sweetheart' බවට පත්ව ඇත. ඇගේ විලාසිතා නිසාත්, ඇයගේ දෑස් වල පවත්නා ආකර්ශනය නිසාත් සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින්ගේ ආදරයට ලක් වේ.
ජන්වී සතුව අපූරු චිත්‍රපට පෙළක් තිබේ. ඇය ඉන්දීය ගුවන් හමුදාවේ පළමු ගුවන් නියමුවරිය වන ගුන්ජන් සක්සේනාගේ චරිතාපදානයට රංගනයෙන් දායක විය. තවද "dhadak" චිත්‍රපටයේදී සම-රංගන ශිල්පී ඉෂාන් ඛාටර් සමඟ ඇය කළ ප්‍රේමාන්විත රංගනයද "ටැබ්ලොයිඩ්" කතාබහට ලක්ව තිබේ.
ඔහු කුරුල්ලෙක්, ඔහු ගුවන් යානයක්, ඔහු තමයි ටයිගර් ෂ්රොෆ්
ඉන්දියාවේ සුපර්මෑන් ලෙස සැලකෙන ටයිගර් ෂ්රොෆ් ක්‍රියාදාම චිත්‍රපට වල පෝස්ටර් බෝයි බවට පත්ව තිබේ. ඔහුට මෙන් ශරීරය කඩා දමන නැටුම්(break dance) ඉදිරිපත් කිරීමට කිසිවෙකුටත් නොහැක. 2014 වසරේ සිට ඔහු රංගනයට එක වුවත් 2018 වසරේදී ඔහු ඉතා ජනප්‍රයත්වයට පත් විය.
ටයිගර් ප්‍රධාන චරිතයෙන් දායක වූ "Baaghi 2" චිත්‍රපටය කෝටි 25 කට අධික අදායමක් ලැබුවේ ඔහුගේ රංගන දිවියට නව ආරම්භයක් ලබා දෙමිනි. ඔහුගේ මීළඟ චිත්‍රපටය වන "Student of the Year 2" චිත්‍රපටයද ඍණාත්මක විචාර නොතකා විශාල අදායමක් ඉපැයීය.මෑතදී එළිදැක්වූ "War"චිත්‍රපටයත් සමඟ ටයිගර් කෝටි 200 කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගෙන තිබේ.
මීට වසර දෙකකට පෙර, අනන්‍යා පාණ්ඩේ විනෝදකාමී යෞවනියකි.
2019 සිට විශාල ලෙස කැපී පෙනෙන ඇය දැන් රූපලාවණ්‍ය වෙළඳ නාම වල නිරූපිකාවක් සහ සිත්ගන්නාසුළු චිත්‍රපට වල ප්‍රධාන නිළියක් බවට පත්ව ඇත. ආනන්යා ප්‍රධාන රංගනයෙන් දායකවූ "Student of the Year 2" චිත්‍රපටය නිසා ඇය ඉතා ජනප්‍රිය විය. ඉදිරියේදී "Pati Patni Aur Woh" සහ "Khaali Peeli" යන චිත්‍රපට වල ප්‍රේක්ෂකයින්ගේ සිත් දිනා ගැනීමට ඇය සූදානම්ව සිටී.
Lanka Newsweek © 2023