Thursday 5th of December 2019

English Tamil
Advertiesment


ඇමරිකානු ආර්යාවක් අපට එපා-කාන්තාවන්ගෙන් 60%ක් සජිත්ට


2019-11-15 3691

 සජිත් ප්‍රේමදාස 50% ඉක්මවූ බව මහාචාර්යවරු කියති 

 

අධිකාරී වාදයටයි-ප්‍රභූ වාදයටයි එරෙහි තැලෙන පොඩි වෙන කුල පීඩිතයින් පෙරට 

 

වයඹ-ජපුර-පේරාදෙණි සමීක්ෂණය මෙන්න..!

 

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකාවේ 53%ක් වූ කාන්තා ජන ගහනයෙන් 60%ක් ම ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කිරීමට සූදානමින් සිටින බව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ප්‍රධාන විද්වතුන් කණ්ඩායමක් රට පුරා සිදු කළ විශේෂ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ. 

මුළු රටම ආවරණය වන පරිදි 2019 සැප්තැම්බර් මස 10 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා ක්ෂේත්‍ර සහ (FIELD SURVEY) සංජානන (PERCEPTION SURVEY) සමීක්ෂණයක් ලෙස පුරා මාස දෙකක් මුළුල්ලේ තරුණ,වැඩිහිටි සහ මහලු කාන්තාවන් ඉලක්ක කර ගෙන මේ සමීක්ෂණය සිදු කළ බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ සහ මූල්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සහ වයඹ විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර අධ්‍යන සහ මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා යන මහත්වරු "lankanewsweek" සමග හෙළි කර සිටියහ.

කාන්තා ජන ගහනයෙන් 60%ක් මෙසේ සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි විශ්වාසය තබා තිබෙන්නේ ඔහු කාන්තා හිංසනයට,පීඩනයට,ප්‍රචණ්ඩත්වයට සහ ස්ත්‍රී දුෂණයට ද,කාන්තා අයිතීන්,අවශ්‍යතා,කාන්තා සමීපරක්ෂාව වගේම ඒ අයගේ රැකවරණය ගැනද සිය ප්‍රතිවාදී අපේක්ෂකයින්ට වඩා විශාල හඬක් නඟා සටනක් ආරම්භ කර කාන්තා ප්‍රඥප්තියක් ද ඉදිරිපත් කරමින් කාන්තාවන් සමග ඇති කර ගත් සමාජ ගිවිසුම මත බව මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම බහුතරයක් කාන්තාවන් තනි මතයට වැඩ කරන දරදඬු,අධිකාරිවාදී සහ ඒකාධිපති නායකයින් ප්‍රතික්ෂේප කරන බව මේ සමීක්ෂණයෙන් මනාව පැහැදිළි වූ අතර එම තත්ත්වය සජිත් ප්‍රේමදාස මහතාගේ වාසියට බලපා ඇති බව ද කෙනඩි ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මහාචාර්ය කෙනඩි ගුණවර්ධන,ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සහ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යන මහත්වරුන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ ජන සමාජයේ අධිකරී වාදයට සහ ප්‍රභු වාදයට විරුද්ධ ජනයාගේ ද,කුල පීඩිතයින්ගේ ද,පොදුවේ තැලෙන පොඩි වන ජනයාගේ ද,අවුරුදු 50 සහ එම වයස ඉක්ම වූ කාන්තාවන්ගේ වගේම පිරිමින්ගේ ද,බහුතරය දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්ව සිටින අතර ඒ අනුව ඔහු මේ වන විටත් 50% සීමාව ඉක්මවා ඉදිරියෙන්ම සිටින බවය.

ඇත්තම තත්ත්වය සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට,නිර්ණායකයන්ට සහ නීති රීතිවලට යටත්ව විශාල පරිශ්‍රමයක් යොදා අපක්ෂපාතීව සහ ස්වාධීනව කළ මේ සමීක්ෂණයේ සත්‍ය අසත්‍ය භාවය ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට සියලු දෙනාට අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි ද ඔවුහූ පෙන්වා දුන්හ.  

  

Advertiesment