Thursday 5th of December 2019

English Tamil
Advertiesment


ඇහැලේපොළ වලව්ව මුස්ලිම් පාසලක් කරන්න ගෝඨා එකඟ වෙයි


2019-11-12 171688

මහින්දානන්ද අලුත්ගමගේ ගෝඨාත් එක්ක සෙංකඩගල උරුමයට කෙළින්න යන හැටි මෙන්න

 

මහ නුවර නගරය යනු ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ශුද්ධ වූ නගරයයි. උතුම් දළදා වහන්සේ වැඩ සිටින කන්ද උඩ රට රාජධානිය ඈත අතීතයේ සිටම මුළු ලෝකයේම බෞද්ධයාගේ අවධානය දිනාගත් නගරයයි.

සිංහල දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ සියලු ජාතීන් එකට සහජීවනයෙන් ජීවත් වෙන මෙම නගරයේ අති බහුතරය සිංහල බෞද්ධයන්.

ඉංග්‍රීසීන්ට 1815දී ශ්‍රී ලංකාව යටත් වීමෙන් අනතුරුව මිෂනාරි අධ්‍යාපනය පහත රට මෙන්ම උඩ රට රාජධානිය තුළ ප්‍රචලිත කිරීමට ඉංග්‍රීසි පාලනය කටයුතු කළා.

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මහ නුවර ධර්මරාජ විද්‍යාලය බෞද්ධ පාසලක් ලෙස දළදා මාලිගාවට යාබදව නාථ දේවාල භූමියෙන් ආරම්භ කිරීමත් සමග මිෂනාරි අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ කිතුනු පාසලක් ලෙස ශාන්ත පාවුළු විද්‍යාලය ධර්මරාජ විද්‍යාලයට යාබද ඉඩමේ ඉංග්‍රීසි පාලකයන් විසින් ආරම්භ කරන ලදී.

මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් 1948දී ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශාන්ත පාවුළු දේවස්ථානය පවත්වා ගෙන යන ශාන්ත පාවුළු විදුහල එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස සෑම රජයකින් ඉල්ලීම් කළද ඒ සැබෑ කර ගැනීමට නොහැකි විය.

1988දී බලයට පත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා මල්වතු අස්ගිරි මහ නාහිමි වරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන ශාන්ත පාවුළු විදුහල මෙන්ම ධර්මරාජ ප්‍රථමික අංශය ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ශාන්ත පාවුළු විද්‍යාලය වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය නමින් බෞද්ධ පාසලක් බවට පරිවර්තනය කොට ධර්මරාජ ප්‍රාථමිකය ප්‍රධාන පාසල පැවැත්වෙන වැලිකඩ ප්‍රදේශයට ගෙන යන ලදී.

මහ නුවර නගරයේ ජීවත් වෙන දෙමළ සිසු දරුවන් හින්දු විද්‍යාලයේ සහ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ඉගෙනුම ලබයි.මුස්ලිම් දරුවන් සඳහා වෙන් වූ එකම පාසල දුර්දීන් විද්‍යාලය යි.

ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් දරුවන් සඳහා නගරයේ තිබෙන ප්‍රධාන පාසල් සියල්ලටම ඇතුලත් වීමේ හැකියාවක් නිර්මාණය කර දී තිබෙනවා. ධර්මරාජ සහ මහාමායා බාලිකා විද්‍යාලය හැරෙන්නට සෙසු සෑම පාසලකම මුස්ලිම් දරුවන්ට ඇතුලත් වීමේ පහසු කම සලසා දී තිබෙනවා.

නමුත් මෙම පාසල් වල දෙමළ භාෂාවෙන් ඉගැන්වීම් සිදු නොවන අතර ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් මෙම පාසල් තුළ අධ්‍යාපනය හැදෑරිය හැකි ය.

මුස්ලිම් දරුවන්ට මුස්ලිම් ආගම සහ දර්ශනයට ගැළපෙන ඔවුන්ටම ආවේණික වූ පාසලක අවශ්‍යතාවය මහනුවර නගරයේ කලක සිට පැවතුණ කරුණකි.

ආගම සහ ජාතිය පදනම් කොට ගත් පාසල් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත නොකළ යුතුයි, යන්න සංහිදියාව වෙනුවෙන් ලෝකයේ පෙනී සිටින විද්වතුන් සහ සංවිධාන ඉදිරිපත් කරන ප්‍රධාන කරුණකි.

කෙසේ වෙතත් මහනුවර නගරයේ වාසය කරන ‍ව්‍යාපාරික මුස්ලිම් ප්‍රජාව තම ජන වර්ගයාට තම ආගමට අනුව ඉගැන්වීම් කළ හැකි මුස්ලිම් පාසලක් ඉල්ලා සිටීම අත් හැරියේ නැත.

මුස්ලිම් දරුවන්ට ආගම අනුව අධ්‍යාපනය හැදෑරීමට මුස්ලිම් පාසලක් මහනුවර ඉදි කිරීමට යන බවට වූ කතිකාවත කරලියට එන්නේ පෞද්ගලිකව මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසක් හමුවේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රී  වරයා විසින් කළ ප්‍රකාශයක් අනුවයි.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදු පෙරමුණ පක්ෂය සඳහා මුස්ලිම් ජනතාවගේ ඡන්ද පදනම 10% - 15% ත් අතර තිබෙන බවත්,එය 25%ක් දක්වා වර්ධනය කර දුනහොත් මහ නුවර නගරයට ස්ථීරවම මුස්ලිම් පාසලක් ඉදිකර දෙන බවටත් පොරොන්දුවක් විශ්වාස වන්ත ලෙස මුස්ලිම් ජනතාවට ලබා දෙන බවයි.

මහ නුවර නගරයේ පාසලක් ඉදි කිරීමට ඉඩ කඩක් නොමැති බව බොහෝ දෙනා දන්නා කරුණකි.

මහ නුවර පූජනීය නගරයක් නිසා බෝගම්බර සිර ගෙදර මෙන්ම දළදා මාළිගාවට යාබදව පැවැති රිමාන්ඩ් සිර මැදිරිය මහ නුවර නගරයෙන් පිටතට ගෙනගොස් පල්ලෙ කැලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී.

බෝගම්බර සිර ගෙදර තිබෙන භූමියට නාගරික සංවර්ධන අධිකාරිය මහ නුවර නගරයට උචිත නගර සැලසුමක් නිර්මාණය කොට තිබේ.

මහ නුවර රිමාන්ඩ් බන්ධනාගාරය යනු ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිල්ලකි. අතීතයේ ඇහැලේපොළ මහා අධිකාරම් තුමා වාසය කළ වලව්ව ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ බන්ධනාගාරයක් බවට පත් කරන ලදී.

කෙසේ වෙතත් රිමාන්ඩ් බන්ධනාගාරය මෙම වලව්වට හිමි ඉඩමෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මහනුවර නගරයේ දැනට යම් සංවර්ධන කටයුත්තක් කිරීමට ඉතුරුව තිබෙන විශාලතම භූමි භාගය මෙයයි. මද්දුම බණ්ඩාර නම් ජාතික වීරයා හැදුණු වැඩුණු නිවස මෙම ඇහැලේපොළ වලව්වයි.

පුරා වසර ගණනක් මහ නුවර නගරයේ මුස්ලිම් ජනතාව මුස්ලිම් දරුවන් සඳහා තම ආගම අනුව ඉගෙන ගැනීමට පාසලක් ඉල්ලුව ද එය ඉදි කිරීමට නිසි ඉඩමක් නොමැති විම නිසා මෙම යෝජනාව දිගින් දිගටම මඟ හැරී ගියේය.

ඇහැලේපොළ වලව්වේ රිමාන්ඩ් බන්ධනාගාරය ඉවත් කිරීමෙන් අනතුරුව හිර ගෙදරක් වසා පාසලක් විවෘත කිරිම යන සංකල්පය යටතේ මුස්ලිම් ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් රජයට සහ දේශපාලනඥයන්ට මෙම ඉඩමේ මුස්ලිම් පාසලක් ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

නමුත් මෙම වලව්ව ජාතික උරුමයක් ලෙස සලකා සංවර්ධනය කොට කෞතුකාගාරයක් බවට පත් කිරීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා.මෙම වලව්වට හිමි භූමි ප්‍රමාණය අති විශාලයි.ඇහැලේපොළ වලව්ව ජාතික උරුමයක් ලෙස සංරක්ෂණයෙන් පසු බැම්මකින් වෙන් කොට එම වලව්ව ආශ්‍රිතව තිබෙන භූමි ප්‍රමාණයේ පාසලක් ඉදිකරන ලෙස බොහෝ අවස්ථා වල මුස්ලිම් ප්‍රජාව දේශපාලනඥයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මෙය සුදුසු කාරණයක් නොවන බව තේරුම් ගත්‍ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් මෙම යෝජනාවට කැමැත්තක් දක්වා නැහැ.

නමුත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රී වරයා මහ නුවර නගරයේ මුස්ලිම් ප්‍රජාව හමුවේ පෞද්ගලිකව කළ ප්‍රකාශය අතිශයින්ම අවධානයට යොමු කළ යුතු මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.

ඔහු ස්ථීර වශයෙන්ම 25% ක ජන පදනමක් මුස්ලිම් ප්‍රජාවගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ගොඩ නඟා දුනහොත් නියත වශයෙන්ම මුස්ලිම් පාසලක් මහ නුවර නගරයේ ඉදි කරන බව ඔහු පොරොන්දු වෙනවා.මහ නුවර නගරයේ මුස්ලිම් ජනතාවට තම ආගම සහ ජාතියට අනුව අධ්‍යාපනය හැදෑරීමට ඉතිරිව තිබෙන්නේ එකම පාසලකි. එම නිසා තවත් මුස්ලිම් පාසලක් මහ නුවර නගරයේ ඇති කර ගැනීමට දැඩි උවමනාවක් ඔවුන් සතුව පවතී.

මෙය අවබෝධ කර ගත් මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍ රීවරයා අදාල පාසල මහ නුවර නගරයේ ඉදි කිරීමට ස්ථිර පොරොන්දුවක් ලබා දෙනවා.මහ නුවර නගරයේ පාසලක් ඉදි කිරීමට ප්‍රමාණවත් ඉඩමක් නොමැත. ඉතිරිව ඇති එකම ඉඩම ද දළදා මාලිගාවට යාබද රජ ගෙදරට මායිම්ව පිහිටා තිබෙන මද්දුම බණ්ඩාර ජාතික වීරයා හැදුණු වැඩුණු සෙල්ලම් කළ ඇහැලේපොළ වලව්වයි.

එසේ නම් නුවර මුස්ලිම් ප්‍රජාව දීර්ඝ කාලයක් සිට බොහෝ දෙනෙක්ගෙන් ඉල්ලා සිටි මුස්ලිම් විද්‍යාලය ඉදි කිරීමට යන්නේ මෙම භූමි ප්‍රදේශයේ ද?

දෙවැනි කාරණය යම් හෙයකින් පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ අභිලාෂයෙන් මෙවැනි පොරොන්දුවක් ඍජු හෝ වක්‍ර ව මුස්ලිම් ප්‍රජාවට ලබා දුනහොත් එය ජාතික අපරාධයකි. එමෙන්ම මුස්ලිම් සහ සිංහල ජනතාව අතර ලොකු ගැටළුවක් ඇති කරන ප්‍රශ්ණයකි.

මුස්ලිම් ජනතාවට තම ජාතිය සහ ආගම අනුව අධ්‍යාපනය හැදෑරීමට පාසලක් අවශ්‍යම නම් දිගන ප්‍රදේශයේ හෝ කටුගස්තොට ප්‍රදේශයේ එසේත් නැති නම් ගැටඹ ප්‍රදේශයේ සුදුසු ඉඩමක් සොයා පාසලක් ඉදි කළ හැකිය.

මහ නුවර නගර සීමාව තුළම පාසලක් යම් විදිහකින් ඔවුන් ඉල්ලා සිටිනවා නම් කිසි ලෙසක ඇහැලේපොළ වලව්වේ භූමි ප්‍රමාණය ඒ සඳහා උපයෝගී නොකර ගැනීමට බලයට පත්වන ඕනෑම පාලකයෙක්ට වගකීමක් ඇත.

 

Advertiesment