Thursday 5th of December 2019

English Tamil
Advertiesment


රටේ හැම සතයක්ම පොදු ජනතාව ශක්තිමත් කිරීමට යොදවනවා-සජිත්-


2019-11-10 1585

දේශපාලනඥයින්ගේ සුර සැප ජීවිත සහ අනෙකුත් සියලු දේ කැප කර රටේ ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටු කරවන බවත්,මෙරට ගොවියාගේ සුර සැප කාලය උදා කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් ඔරිජිනල් ශ්‍රී ලාංකිකයෙක් නිසා තම පුරවැසි භාවය පිළිබඳව කාගෙන්වත් ටියුෂන් අවශ්‍ය නැති බවත්, තමන් එංගලන්තයේදී සහ ඇමරිකා එක්සත් ජනපදයේ දී අධ්‍යාපනය ලැබූ නමුත් කිසිම විටක ශ්‍රී ලාංකික පුරවැසි භාවය ඉවත් කර ගත්තේ නැති නිසා එළඹෙන 16 වෙනිදා ඔරිජිනල් ශ්‍රී ලාංකිකයෙක් මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වන බවත්, නුවරඑළිය නගරයේ ඉරිදා(10) පැවැති ජනරැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දීමට අමතරව ගොවිතැන් කටයුතු කර ගෙන යාම සඳහා සහන පොලී ණය ලබා දීමේ වැඩ පිළිවෙලක් සහ උසස් බීජ ලබා දීමේ සහන ක්‍රම වේදයක්ද තමන් ආරම්භ කරන බවද පවසූ ඒ මහතා මෙසේද පැවසීය.

“මම අංක එකේ දේශීයත්වය අගයන ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්.

මට අවශ්‍ය දේශීය ගොවියා ආරක්ෂ කර ගැනීමටයි.

මල්, එළවලු, අනෙකුත් වගා භෝග අපනයනය කිරීම සඳහා දේශීය සහ විදේශීය වෙළඳපොළ සොයා දීමට රජය මැදිහත් වී ජනතාවට ශක්තිය ලබා දෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මුල්කරගත් ගුණාත්මක බීජ නිෂ්පාදන වැඩසටහනක් ආරම්භ කර ගොවි ජනතාවට සහනදායී ක්‍රමවේදයක් යටතේ බීජ ලබාදීමට කටයුතු කරනවා.

පිටරට බීජ මත අප යැපෙන්නට හොඳ නැහැ. හැම දෙයින්ම අප ස්වයං පෝෂිත විය යුතුයි.

නුවරඑළියට අඩුවක්ව තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලබා දෙනවා.

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු සියලු කරුණු රටේ පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ.

සමහරු අහනවා ඔය පොරොන්දු ඉටු කරන්න සල්ලි කොහින්ද කියලා.

නෙළුම් පොකුණ, නෙළුම් කුළුණ, යාපනයේ රජ මාළිගා ඉදිකර පාලකයින්ට සුරසැප විඳින්න සල්ලි හොයා ගන්න පුළුවන් නම්, දේශපාලනඥයින්ගේ සුරසැප ජීවිත සහ අනෙකුත් සියලු දේ කැපකර රටේ ජනතාව වෙනුවෙන්පොරොන්දු ඉටු කරනවා.

අනවශ්‍ය වියදම්, මුදල් නාස්ති කරන අනවශ්‍ය විදේශ සංචාර, පාලකයින්ජනතා මුදලින් තරු හතේ හෝටල්වල විනෝද වෙමින් සුරසැප විඳින අවස්ථා සියල්ල නතර කර මේ රටේ හැම සතයක්ම, පොදුජනතාව ශක්තිමත් කිරීමට සහ මාතෘ භූමියේ දියුණුව වෙනුවෙන් වැය කරනවා”

 

Advertiesment