Thursday 25th of April 2024

English Tamil
Advertiesment


සජිත්ට තිබෙන ඉල්ලුම ගැන නවීන් කළ හෙළිදරව්ව මෙන්න


2019-11-10 7741

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධූර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ නුවරළිය මස්කෙළිය ප්‍රදේශයේ සෙනසුරාදා(09) පස්වරුවේ පැවති ජන රැළියකදීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ  නවීන් දිසානායක මහතා මෙසේද පැවසීය.

‘‘අපේ රටේ අස්සක් මුල්ලක් නෑරම අපි ගිහිල්ලා තියෙනවා, මම හරියටම සතියක් උතුරු මැද පළාතේ හිටියා, මහවැලි ගම්මාන වෙත ගියා. සජිත් ප්‍රේමදාස මහතා ගැන තියෙන ඉල්ලුම දෙගුණ වෙලා.

එසේම අපිට සිංහල බෞද්ධ ඡන්ද 40%ක් අවශ්‍යයි, දමිළ, මුස්ලිම් ඡන්ද ආවොත් අපිට මේ ගේම් එක ගහන්න පුළුවන්.නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කර දෙන්න කියලා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා 

සමහර දිස්ත්‍රික්කවල අපිට අවාසි වෙන්න පුළුවන්, හැම දිස්ත්‍රික්කයක්ම අපිට දිනන්න බැහැ. විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර, මාතලේ,උතුරු සහ නැගෙනහිර අපි දිනන්නේ බුරුතු පිටින්. ඒකයි ජනාධිපතිවරණය අපිට වාසි වෙන්නේ, මහ මැතිවරණයක ඡන්ද කැඩිලා යනවා.

එක්සත් ජතික පක්ෂය කුල, ආගම් භේද කිසිවක් නැ, අපි එක්සත් ජාතික පක්ෂය දිනවන්න පුළුවන් හොඳම අපෙක්ෂකයා ඉදිරිපත් කරලා තියෙනවා‘‘

 

Advertiesment