Thursday 5th of December 2019

English Tamil
Advertiesment


මිනීමරුවෙකුට රට භාර නොදෙන්නැයි අහිම්සා වික්‍රමතුංග ආයාචනය කර සිටියි


2019-11-10 2331

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙතෙක් පැමිණි ගමන ගැන සිතන විට ඔහුගේ වේදනාව සහ අරගලය ඇතුළත සිය සටනද පිළිබිඹු වන බවත් ඔහුගේ ප්‍රතිවාදියා සිය පියාගේ ඝාතනය රූපවාහිනී සාකච්ඡාවකදී සැමරූ බිය ගුල්ලෙකු බවත් ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නීය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය කිරිම ගැන එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්වත්  එසේ පුර සාරම් නොදෙඩූ බව ද අහිම්සා වික්‍රමතුංග මෙනවිය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

ඇය මේ විශේෂ නිවේදනය නිකුත් කර තිබෙන්නේ ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ආයාචනයක් කරමිනි. 

මැතිවරණ ව්‍යාපාරයේදී සෑම විටම ප්‍රතිවාදීන් සමග වාද විවාද කිරීම මග හැරීමත්, මාධ්‍යවේදීන් දැඩි ලෙස ප්‍රශ්න විමසන අවස්ථාවල දී  ඒ ප්‍රශ්න අනෙකුත් අයට යොමු කිරීමත් දක්නට ලැබුණු බව සඳහන් කරන අහිම්සා වික්‍රමතුංග මෙනවිය පෙන්වා දෙන්නේ නිර්දෝශී භාවය ඔප්පු කිරීම වෙනුවට ප්‍රමාදයන් සහ තාක්ෂණික ක්‍රමෝපායන් හරහා විමර්ශන සහ නඩු මග හැරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රමය බවයි.

සියලු බාධක කම්කටොලු මැද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණ, විවිධ අභියෝග හමුවේ දේශපාලන ජීවිතය ගොඩනගා ගනිමින් දුෂ්කර මාර්ගයක පැමිණි සජීත් ප්‍රේමදාස මහතා පුද්ගලික උවමනා පසෙක තබා පොදු අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය අගය කරන අහිම්සා වික්‍රමතුංග මෙනවිය පවසන්නේ සිය දේශපාලන හතුරන්ට එරෙහිව ක්‍රියා කිරීමට රාජ්‍ය ත්‍රස්තවාදය අතට ගත් පුද්ගලයෙකුට වඩා,කෘර ත්‍රස්තවාදයෙන් බැට කා වේදනා වින්ද පුද්ගලයා වඩාත් යුක්ති සහගත යහපත් රාජ්‍ය නායකයා වන බව ද අවධාරණය කර සිටින්නීය. 

අහිම්සා වික්‍රමතුංග මෙනවියගේ ආයාචනය සම්පූර්ණයෙන් මෙසේය.

 

 

Advertiesment