Sunday 15th of December 2019

English Tamil
Advertiesment


අධි වේගී ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් 13ක්ම තේරිලා


2019-11-10 1861

තරඟාවලිය "Abu Dhabi" හීදී සිකුරාදා ඇරඹේ.

 

(විෂාන් අලහප්පෙරුම)

 

ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ඉන්දියානු සමාගමක් වන "T10 sports Management" ආයතනය මගින් 2017 දී සාජා ක්‍රීඩාංගනයේදී පලමු වරට මෙම අධිවේගී ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරන ලදී.මෙහිදී එක් ඉනිමකට පන්දු වාර 10ක් ලැබෙන අතර එක් තරඟයක් සඳහා වැය වන්නේ විනාඩි 90ක් පමණි.

මෙය "Emirates Cricket Board" හා "Pakistan Cricket Board" අතර සම සහයෝගයෙන් ක්‍රියාත්මක වන අතර 2018 දී මෙයට පිළිගැනීමද ලැබිණි.

එහි තෙවන දිග හැරුම ලබන සතියේ සිකුරාදා එනම් නොවැම්බර් 15 වෙනිදා "Abu Dhabi Shakeyed Shahid" ක්‍රීඩාංගනයේදී ඇරඹීමට සියලු කටයුතු සූදානම් වී තිබෙන අතර මෙය නොවැම්බර් 15 සිට 24 දක්වා පැවැත්වේ.

එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 08.00ට පමණ ඇරඹීමට නියමිත අතර එය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හට "Sony Six" නාලිකාවෙන් (Dialog tv,Peo tv) ඔස්සේ මෙන්ම "Dialog mytv" ඔස්සේද  මෙය නැරඹීමට හැකියාව ලැබේ.

මෙවර තරඟාවලියට කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 8ක් ඇතුලත් වන අතර එයට  ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් 10 දෙනෙකුද සමඟ ලොව දක්ෂ ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වය හිමි වේ.

එයට සහභාගී වන කණ්ඩායම් මෙසේය.

1. Bangala Tigers

2. Decan Gladiators

3. Delhi Bubles

4. Karnaataka Tuskers

5. Maratha Arabians

6. Norhern Warriors

7. Qalandars

8. Team Abu Dhabi

එමෙන්ම තිසර පෙරේරා Bangala Tigers කණ්ඩායමේ නායකයා වන අතර පහත දැක්වෙන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ද තරඟාවලියට සහභාගී වේ.

1. කුසල් පෙරේරා

2. ඉසුරු උදාන

3. ලසිත් මාලිංග

4. වනිදු හසරංග

5. දසුන් ශානක

6. වනිදු හසරංග

7. භානුක රාජපක්ශ

8. නුවන් ප්‍රදීප්

9. අසේල ගුනරත්න

10. ඇන්ජලෝ මැතිව්ස්

11. දුශ්මන්ත චමීර

12. නිරෝශන් දික්වැල්ල

එමෙන්ම ලෝ ප්‍රකට ක්‍රීඩා තරු වන Sahid Afridi,Yuwaraj Singh,Kirron Poollard,DJ  Bravo වැනි සුපිරි තරු ක්‍රීඩා කරන මෙම තරඟාවලියට සහභාගී වීම මගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හට ලැබෙන අත්දැකීම් සමුදාය ඉදිරියේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලානය සඳහා ඉතාමත් වැදගත් වේ.

මෙම තරඟාවලියේදී මූලික වටයක් ක්‍රියාත්මක වන අතර එහිදී තේරී පත්වන කණ්ඩායම් 4ක් අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබන අතර අවසාන තරඟය නොවැම්බර් 24 ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 9.30 ට Abu Dhabi හීදී පැවැත්වේ.

ඉතින් කලකට පසු ශ්‍රී ලංකා ප්‍රේක්ශකයන්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජාත්‍යන්තර තියුණු උද්වේගකර තරඟාවලියක් තුල ක්‍රීඩා කරන අයුරු දැක ගැනීමට ලැබෙන අතර ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය ඉදිරියේ බැබල වීමට අපගේ සිංහයන්ට හැකි වේවා යැයි අපි හදවතින්ම සුභ ප්‍රාර්තනා එක් කරමු.

 

 

Advertiesment