Sunday 26th of January 2020

English Tamil
Advertiesment


සෑම දිළිඳු පවුලකටම රජයේ රැකියාවක් එක්ක පෝෂණ මල්ලක්-ගෝඨාභය රාජපක්ෂ-


2019-11-09 1781

තමා බලයට පැමිණි විගස සෑම දිළිඳු පවුලකම තරුණ සාමාජිකයෙකුට හෝ සාමාජිකාවකට රජයේ රැකියාවක් මෙන්ම පෝෂණ මල්ලක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන ජනරැලියකට සිකුරාදා(08) එක්වෙමින්ය පැවසුවේය.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැලි මාලාවේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන ජනරැලිය සිකුරාදා(08) පස්වරුවේ මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

පොළොන්නරුවේ ජන රැළියට සහභාගී වීම සඳහා සිකුරාදා(08) දහවල් ගුවන් මගින් එහි පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ප්‍රෙද්ශවාසීන් රැසක් දිඹුලාගල ක්‍රීඩංගනය වෙත පැමිණ සිටි අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රෙද්ශවාසීන් සමඟ සුහඳ කතා බහක නිරත විය.

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනරැලියට එක්වන අවස්ථාවේදී පැමිණ සිටි ජනකායෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

මෙම ජනහමුව පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු නායක සහ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සහාය පළකිරීම සඳහා වේදිකාව වෙත පැමිණියේ උණුසුම් පිළිගැනීමක්ද සමඟිනි.

පොළොන්නරුව ජන රැළියට සහභාගීවීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා(08) පස්වරුවේ ගුවන් මගින් දඹුල්ලට පැමිණියේය.

ඔහුගේ පැමිණීම සැලවීමත් සමග ප්‍රෙද්ශවාසීන් රැසක් ඔහු පිළිගැනීම වෙනුවෙන් දඹුල්ල කෘෂි විද්‍යාපීඨ භූමිය වෙත පැමිණ සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග පිළිසඳරකද නිරත වූයේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන මාතලේ දිස්ත්‍රික් ජනරැලිය සිකුරාදා(08) පස්වරුවේ දඹුල්ල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment